පරණ මියුසික් වීඩියෝ එකක්

AnuradhaRa

Well-known member
  • පරණ මියුසික් වීඩියෝ එකක්

    මේක හොයල දියල්ලකො.
    ඉස්සර ගියෙ ඉංග්‍රීසි මියුසික් වීඩියෝ එකක් වහිනව, ගේ ඇතුලට වතුර බින්දු වැටෙනව. ගේ ඇතුලෙ බල්ලො පූසො ඉන්නව. පූසෙක් පියානෝ එකක් උඩින් යනව. බලබ් එකක් ගහල යනව..
    කලු ජාතිකයො කියන රැප් සින්දුවක් මතකද උඹලට :rolleyes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ පූසො දෙන්න මැරිල දැන් අවුරුදු 10ක් විතර වෙනව මට තාම උන් ඇවිල්ල ඉන්නව හීනෙන් පේනව බං :( :(
    පෙලක් වෙලාවට උන් මාව අඳුරන්නෑ මං ලඟට යද්දි දුවනව :( :(
    පෙලක් වෙලාවට උන් වහලෙ දිගේ බිත්ති දිගේ යනව :( :(
    ඊට පස්සෙ බල්ලෙක් හැදුව බල්ලො අල්ලන්නෑ :no::no:
    උන්ගෙ පූසන්ගෙ වගේ ගතියක් නෑ බුරන්න විතරයි පුලුවන්:( :(
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං පොඩි කාලෙ අලුත් අවුරුද්දට අම්මටයි තාත්තටයි බුලත් දීල ඉවර වෙලා පූසටත් බුලත් දීල වැන්ද ඕක අම්මට කිව්වාම බැන්න :( :(
    පූසට තේරෙන්නෙත් නෑ මේ මොකෑ වෙන්නෙ කියල ඌ බලං ඉන්නව :( :(
    පස්සෙ කාලෙක ඌ කාලම තමා බෙහෙත් විද්දෙ :( :(
     

    AnuradhaRa

    Well-known member
  • මං පොඩි කාලෙ අලුත් අවුරුද්දට අම්මටයි තාත්තටයි බුලත් දීල ඉවර වෙලා පූසටත් බුලත් දීල වැන්ද ඕක අම්මට කිව්වාම බැන්න :( :(
    පූසට තේරෙන්නෙත් නෑ මේ මොකෑ වෙන්නෙ කියල ඌ බලං ඉන්නව :( :(
    පස්සෙ කාලෙක ඌ කාලම තමා බෙහෙත් විද්දෙ :( :(

    තෝ පූසටත් වැන්දද ? :lol:
    මාත් එළකිරියෙ කවුරුවත් කරල නැති වැඩක් කරල තියෙනව. පූසගෙ ඇටේ ඇල්ලුව. ආදරේට :P
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ ගෙදර එක පූසෙක් හිටිය උගෙ පදිංචිය මෙහෙම තමා. උගෙ සහෝදරයට තමා මං වැඩියෙන්ම ආස ගෙදර හිටිය එකාට වඩා ඌ හෙන හැඩි දැඩි දරුණු පූස. ඌ මෙහෙන් වැඩිය කන්නෙ බොන්නෙත් නෑ වටේම ගිහිං කාල මෙහෙට එන්නෙ ඔලුව අතගාගන්න විතරයි මං හැමදාම වගේ ඌව අතගෑව. අන්තිමට ඌව පණපිටිං දැකපු දවසෙ වෙන වැඩක හිටියෙ මං ඌව ගනං ගත්තෙ නෑ ඌත් මාව දැක්කෙ නෑ වගේ ගියා එදායිං පස්සෙ ආගිය අතක් නෑ :( :(
     

    AnuradhaRa

    Well-known member
  • අපේ ගෙදර එක පූසෙක් හිටිය උගෙ පදිංචිය මෙහෙම තමා. උගෙ සහෝදරයට තමා මං වැඩියෙන්ම ආස ගෙදර හිටිය එකාට වඩා ඌ හෙන හැඩි දැඩි දරුණු පූස. ඌ මෙහෙන් වැඩිය කන්නෙ බොන්නෙත් නෑ වටේම ගිහිං කාල මෙහෙට එන්නෙ ඔලුව අතගාගන්න විතරයි මං හැමදාම වගේ ඌව අතගෑව. අන්තිමට ඌව පණපිටිං දැකපු දවසෙ වෙන වැඩක හිටියෙ මං ඌව ගනං ගත්තෙ නෑ ඌත් මාව දැක්කෙ නෑ වගේ ගියා එදායිං පස්සෙ ආගිය අතක් නෑ :( :(

    උඹ පූසව ගනන්ගත්තෙ නැති කතාවක් කලිනුත් කියල තියෙනව මතකයි.
    ඌ ආයෙ ආවෙ නෑ කියලත් කිව්ව :yes:
    ආ මතක් වුණා උඹ කුඹුරේ ඉඳල එනකොට නේ සීන් එක වුණේ..
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැබැයි ඊට කලිනුත් අවස්ථා වල මං ඌව ගනං ගන්නැතුව ඉඳල තියෙනව ඒත් ඌ නොඑන්නම ගියෙ නෑ සති දෙක තුනකට පස්සෙ හරි ආව :( :(
    ඒත් එදා අපරාදෙ මං නිකං හරි උගෙ ඔලුව අතගෑව නං ඌ සමහර විට මැරෙන්න කලිං අමාරු වෙලා හරි මේ පැත්තෙන් යන්න තිබ්බ මට දැකල මොනාම හරි කරන්න තිබ්බ :( :(
     

    AnuradhaRa

    Well-known member
  • හැබැයි ඊට කලිනුත් අවස්ථා වල මං ඌව ගනං ගන්නැතුව ඉඳල තියෙනව ඒත් ඌ නොඑන්නම ගියෙ නෑ සති දෙක තුනකට පස්සෙ හරි ආව :( :(
    ඒත් එදා අපරාදෙ මං නිකං හරි උගෙ ඔලුව අතගෑව නං ඌ සමහර විට මැරෙන්න කලිං අමාරු වෙලා හරි මේ පැත්තෙන් යන්න තිබ්බ මට දැකල මොනාම හරි කරන්න තිබ්බ :( :(

    ඌ මැරුණද ? මක් වෙලාද ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක පාරක් පූසගෙ ඔලුවෙ තුවාලයක් පැසවල බෙහෙත් ගේන්න අරං යන්න ඕනෙ වුනා. බිස්කට් පෙට්ටියක් අරං අර වෙල්ඩිං කරද්දි දාන හයිය ග්ලෞස් දාගෙන අරං ගියෙ පූස වුනාට ඌව ග්ලෞස් දාලත් මෙල්ල කරන්න මාර අමාරුයි. පෙට්ටිය ඉරනව මගෙ කකුලෙ හොඳට ගැඹුරු කානුවක් කැපුව නියපොත්තෙන් හූරල :love: :love:
    එතකොට එක පාරක් පූස කවාගෙන කියන්න ගිහිං බැනුම් අහල අත්දැකීම් තිබ්බ බෙහෙත් විදින්න යන්නවත් මොකවත් කිව්වෙ නෑ පිස්සු හැදෙනව නං හැදෙන්නැතෑ කියල නිකං හිටිය. තාම මොකුත් වුන්නෑ :no: :no:
    එච්චර කෑවත් කවදාවත් ඒ පූසට ගහන්නවත් හිතිල නෑ :no::no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක පාරක් මං පඩිය උඩ ඉඳගෙන ඉන්දැද්දි මූ ඇවිල්ල මගෙ කකුලට චූ කල්ල ගියා :D :D
    උට අපි උගෙ වහල්ලු විතරයි උට හිතෙන ඕනෙ දෙයක් ඌ කරනව කව්ද කියල බලන්නෑ හෙන ආඩම්බරකාරය :( :(
     

    AnuradhaRa

    Well-known member
  • එක පාරක් පූසගෙ ඔලුවෙ තුවාලයක් පැසවල බෙහෙත් ගේන්න අරං යන්න ඕනෙ වුනා. බිස්කට් පෙට්ටියක් අරං අර වෙල්ඩිං කරද්දි දාන හයිය ග්ලෞස් දාගෙන අරං ගියෙ පූස වුනාට ඌව ග්ලෞස් දාලත් මෙල්ල කරන්න මාර අමාරුයි. පෙට්ටිය ඉරනව මගෙ කකුලෙ හොඳට ගැඹුරු කානුවක් කැපුව නියපොත්තෙන් හූරල :love: :love:
    එතකොට එක පාරක් පූස කවාගෙන කියන්න ගිහිං බැනුම් අහල අත්දැකීම් තිබ්බ බෙහෙත් විදින්න යන්නවත් මොකවත් කිව්වෙ නෑ පිස්සු හැදෙනව නං හැදෙන්නැතෑ කියල නිකං හිටිය. තාම මොකුත් වුන්නෑ :no: :no:
    එච්චර කෑවත් කවදාවත් ඒ පූසට ගහන්නවත් හිතිල නෑ :no::no:

    පූසො ප්‍රවාහනය කරනවනං මචං ප්ලාස්ටික කූඩයක් හරි කම්බි කූඩුවක් හරි තමා හොඳ නැත්තං නිකං අත පය හූරගන්ඩ වෙන්නෙ. අනික ඌ පෙට්ටිවලින් පැනල යනව
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙල් ගහ ගාව තිබ්බ අකුලෙ කුප්පමේණිය ගස් පිරිල ඒ කාලෙ. මං ඒ හරියට යද්දි මූ දූවගෙන එනව මට කියල කුප්පමේනිය ගහක් ගලෝගන්න. :( :(
    ඉතිං ගලෝල දෙනව ඌ ටිකක් වෙලා ඒකත් එක්ක හුරතල් වෙලා ගහ දාල යන්න යනව :( :(
    මං ඒ කාලෙ පූසො දෙන්න වෙනුවෙන්ම කුප්පමේනිය පාත්තියකුත් දැම්ම හරිගියෙ නෑ :no: :no:
     

    AnuradhaRa

    Well-known member
  • එක පාරක් මං පඩිය උඩ ඉඳගෙන ඉන්දැද්දි මූ ඇවිල්ල මගෙ කකුලට චූ කල්ල ගියා :D :D
    උට අපි උගෙ වහල්ලු විතරයි උට හිතෙන ඕනෙ දෙයක් ඌ කරනව කව්ද කියල බලන්නෑ හෙන ආඩම්බරකාරය :( :(

    අපේ එකෙක් හිටිය ඌ බිත්ති උඩ යනකොට ගෙට චූ විදිනව. මල පයිනව ඉතිං අපිට
     

    AnuradhaRa

    Well-known member
  • දෙල් ගහ ගාව තිබ්බ අකුලෙ කුප්පමේණිය ගස් පිරිල ඒ කාලෙ. මං ඒ හරියට යද්දි මූ දූවගෙන එනව මට කියල කුප්පමේනිය ගහක් ගලෝගන්න. :( :(
    ඉතිං ගලෝල දෙනව ඌ ටිකක් වෙලා ඒකත් එක්ක හුරතල් වෙලා ගහ දාල යන්න යනව :( :(
    මං ඒ කාලෙ පූසො දෙන්න වෙනුවෙන්ම කුප්පමේනිය පාත්තියකුත් දැම්ම හරිගියෙ නෑ :no: :no:

    උඹ කිව්ව නේද දවසක් පූසො කුප්පමේණිය ගලෝගෙන කනව කියල :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූ දවසක් වෙන පූසෙක් එක්ක පොර කාල ඌත් එක්ක අපේ දිහාට දිව්ව. මං අනික් පූසව පැන්නුව මුගෙ නැට්ට පිම්බිලා මං ඉතිං පිම්බිලා තිබ්බ නැට්ට අතගෑව මූ එකපාරට හැපුව ඇඟිල්ල :love: :love:
    එතකොට මං 4 හරි 3 හරි එදා තමා සතෙක් කාල බෙහෙත් විදගත්ත මුල්ම සහ 1ම වතාව. :( :(
    අත් දෙකටම දවසක් ඇර දවසක් සතියක් වගේ යනකං බෙහෙත් විද්ද :( :(
    ඊට පස්සෙ මූ ඕනෙ තරං ලේ එන්න කෑව කෑව කියල දන්නෙ මායි පූසයි විතරයි :( :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූ සමපෝශ කන්න ආසයි එක දවසක් මං කාල ඉවර වෙලා අත හෝදන්න යනකොට තමා පූස ආවෙ මට පව් කියල හිතුන අතේ සමපෝශ ගෑවිලා තියෙනවනෙ මං ඌ ඇඟිල්ලත් එක්ක කයිද බලන්න අද දුන්න ඌ ඒත් ඇඟිල්ල කෑවෙ නෑ ඉව කල්ල අත ලෙවකෑව :love: :love:
    සෙල්ලමටයි නැට්ට අතගාන්නයි ගිහිං කවාගත්තට ඌ එහෙම කෑමත් එක්ක දුන්නට අත හපන්නෙ නෑ :love: :love:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දවසක් මූ දෙල් ගහ ගාව අකුලට වෙලා මොකක්ද දිහා බලං පිඹිනව. බැලින්නං නයා වෙලාවට දැක්කෙ නයාව එලෙව්ව මං පූසව අල්ලගත්ත නැත්තං ඌ එදා නයා ගහල මැරෙන්නෙ :( :(
    ඊට පස්සෙ දවසක මුගෙ පස්සෙන් කබරය එනව මූ දන්නෑ ඒත් කෑගහල පූසව එලෝල බේරගත්තෙ :( :(