පරණ කෑල්ල උබට තාම ලව්ද කියලා දැනගන්න ඕනද??

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    පරණ කෑල්ල උබට තාම ලව්ද කියලා දැනගන්න ඕනද??

    පරණ ආදරේ අමතක කරන එක ලේසි වැඩක් නෙවෙයි තමයි. ඇත්තටම පරණ ආදරයක් කවදාවත් අමතක කරන්න බෑ. ඒක තමයි පිළිගත්තත් නොගත්තත් ඇත්ත. ඒත් ඉතින් ජීවිතේ එක මොහොතක් එනවා පරණ ආදර කතා සුන්දර මතකයන් විදියට විතරක් තියාගෙන ඉස්සරහට යන්න සිද්ධ වෙන. හරි, එතනට එනකල් ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි හිතමු අපි එහෙම ඉස්සරහට ගිහිල්ලා, වෙන ආදරේකුත් හොයාගෙන දැහැමෙන් සෙමෙන් ජීවත් වෙනකොටත්, පරණ ලව් එක අපිට තාම ලව් කියලා. ඒ කියන්නේ හිතින් විතරක් ලව් කරන්නම් ලෙවල් එකේ නෙවෙයි, “ඔයා එයාව බැන්දේ නැත්තම් ආයෙමත් අපි දෙන්නා ගැන හිතලා බලන්න” ලෙවල් එකට, එහෙමත් නැත්තං “ඔයා එයාව බැන්දත් කමක් නෑ, මමත් ඔයා ගාව ඉන්නං” ලෙවල් එකට ලව් කියලා. ආන්න ඒක බොහොම බයානකයි. කාල බෝම්බයක් වගේ තමයි. ඕන වෙලාවක මූණ ඉස්සරහ පිටම පුපුරලා යන්න පුලුවන්.

    අපි හැමෝම කැමතියි පරණ කෙල්ලෙක් කොල්ලෙක් වුනත් අපිත් එක්ක යාලුවෝ විදියට ආස්සරේ කරගෙන ඉන්නවට. ඒකේ දෙකක් නෑ. ඒත් එහෙම ඉන්න එක බයානක වෙන්නේ අර උඩින් කිව්ව විදියේ සීන් එකක් වුනොත්. ආන්න එහෙම වෙලාවක හිත නොරිදෙන්න හරි, වෙන කරන්නම දෙයක් නැත්තං හිත රිද්දලා හරි ඈත් වෙන්න වෙනවා. මේ කියන්න යන්නේ එහෙම ඉන්න පරණ ලව් එකක් ඇත්තටම තාමත් ලව්ද කියලා දැනගන්න පුලුවන් අනිවා ඉඟි 10 ක් ගැන!



    1. අපි වෙන්වෙන්න නොතිබ්බා සුදූ!


    ගොඩක් වෙලාවට පරණ පෙම්වතා හෝ පෙම්වතිය ආයෙ ආයෙත් ඔය දෙන්නා වෙන් වුණු හේතු ආවර්ජනය කරනවා නං, “එහෙම නොවුනා නං මෙහෙම නොවෙන්න තිබුණා” ටයිප් එකට අතීතේ ඇනලයිස් කරන්න උත්සාහ කරනවා නං ඒක නරක ලකුණක්. මේ කියන්නේ එක පාරක් දෙපාරක් නෙවෙයි. වෙන මොන කතාවට ගියත් මැක්කා වගේ මේ ටොපික් එකටම සෙට් වෙනවා නං ඒක නරක ලකුණක් කියල තමා.



    2. මගේ පපුව තාම රිදෙනවා රත්තරං!


    දැන් එක්කෝ ඔයා වෙන කොල්ලෙක් හරි කෙල්ලෙක් එක්ක හරි යාලුවෙලා. එක්කෝ එයා වෙන කොල්ලෙක් එක්ක හරි කෙල්ලෙක් එක්ක හරි යාලුවෙලා. ඒත් තාමත් එයා කියන්නේ අපි දෙන්නගේ අතීතේ මතක් වෙනකොට ඉන්න බෑ, පපුව රිදෙනවා, කඳුළු හැලෙනවා, ලෝකේ අඳුරු වෙනවා, කෑම හිරවෙනවා කියලා නං පුතේ පරිස්සං වෙන එක හොඳයි. මේ නොකියා කියන්නේ ආයෙමත් ඒ සුන්දර අතීතෙට යන්න තියේ නං හොඳයි කියලා තමා.



    3. ඔයාට මං ඇර වෙන කවුරුවත් ගැලපෙන්නෙ නෑ කෙල්ලේ!


    මේ වෙනකොට දෙන්නම වෙන වෙන අයත් එක්ක පවුල් පන්සල් වෙලා ඉන්නවා නං, ඒත් පරණ ලව් එකත් එක්ක යාලු පිට් එකක් තියාගෙන ඉන්නවා නං අනිවාර්ය කාරණාව තමයි දැන් යාලුවෙලා ඉන්න අය ගැන නරක නොකියන එක, නරක පෙනුනත් ඉවසන එක. මොකද ඒක තවදුරටත් අපේ බිස්නස් එකක් නෙවෙන නිසා. හැබැයි පරණ ලව් එක දැන් අපිත් එක්ක ඉන්න කොල්ලට හරි කෙල්ලට හරි වඩා අපිට ගැලපෙන්නේ එයාමයි කියලා කියනවා නං ඒක පොඩ්ඩක් ඈත් වෙන්න කියන සංඥාවක්. මේක තව අවුල් අපිත් එක්ක දැන් ඉන්න කොල්ලාගේ හරි කෙල්ලගේ හරි නරකම අපිත් එක්ක කියනවා නං. එහෙම තත්ත්වයක් යටතේ කරන්න තියෙන්නේ දැන් තියෙන පවුල කඩා ගන්නෙ නැතුව ඈත් වෙන එක තමයි.



    4. මට තාමත් වෙන කවුරුවත් ඔයා තරං ගැලපෙන්නෙ නෑ පැට්ටෝ!


    මෙහෙමත් ඒවා වෙනවා. ඒ කියන්නේ පරණ ලව් එක යාලුවෙක් විදියට ආස්සරේ කරන කොට කියනවා “ඉස්සර ඔයත් එක්ක හිටපු කාලේ තමයි මගෙ ජීවිතේ ලස්සනම කාලේ, ඔයා වගේ වෙන කවුරුවත් මට තාමත් ගැලපෙන්නෙ නෑ” වගේ ඒවා. ඒ කියන්නේ දැන් දෙන්නටම වෙන දෙන්නෙක් ඉන්නකොටත් මේ වගේ දේවල් නිතරම කියන එක ගැන අපි කියන්නේ. ආන්න ඒක බයානකයි. ඇත්තටම පරණ ලව් එකක් ආස්සරේ කරනකොට ඔහොම අතීත මතකයන් උඩට එන එක සොබාවිකයි. හැබැයි දවසට දෙපාරක් ඒ ගැන කියවනවා නං අන්න ඒක අස්වාබාවිකයි.



    5. මට තාම ඔයා ගැන හිතනකොට මෙව්වා වෙනවා!


    මේ වගේ දෙයක් පරණ කෙල්ල හරි කොල්ලා හරි කියනකොට හෙන සතු‍ටුයි නෙහ්? සතු‍ටු නෙවෙයි, දුවපං! මේ එන්නේ හොඳකට නෙවෙයි. දැන් අපි කියමුකෝ පරණ ලව් එක මෙහෙම කිව්වා කියලා. එතකොට ඒකට අපේ පැත්තෙනුත් ග්‍රීන් ලයිට් වැ‍ටුනොත් දෙන්නා මෙව්වා වෙලා තමයි නවතින්නේ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. දැන් තාම දෙන්නා සිංගල් නං ඒක ලොකු අවුලක් නෑ. හැබැයි එහෙම මෙව්වා වෙලා ආයෙමත් සෙට් වෙනවා කියන්නේ හොඳක් වගේම නරකක් වෙන්නත් පුලුවන්. ඇයි දෙන්නා වෙන් වුනේ සබ්මැරීන් එකක් බෙදාගන්න බැරුව වගේ සරල කාරණේකට නෙවෙයි වෙන්නැතිනේ.

    දැන් මෙහෙම මෙව්වා හැඟීම් පහළ වෙනකොට දෙන්නම වෙන මනුස්සයෝ දෙන්නෙක් එක්ක වෙන සම්බන්ධතාවයක ඉන්න මොහොතක නං තත්ත්වේ අතිශයින්ම භයානකයි. මොකද මේවා පොඩ්ඩ එහෙ මෙහෙ වෙනවා කියන්නේ පවුල් කැඩිලා තමයි නවතින්නේ. ආන්න ඒ වගේ වෙලාවකට හැඟීම් පැත්තකින් තියලා ඔලුව කල්පනා කරන එක නුවණට හුරුයි!



    6. බීලා ඉන්න වෙලාවට, අප්සට් එකේ ඉන්න වෙලාවට තාම මතක් වෙන්නෙ ඔයා!


    මේක නං ගොඩක් වෙලාවට දකින්න පුලුවන් දෙයක්. ඒ කියන්නේ අපි හිතමු ඔය දෙන්නගේ ලව් එක ඉවර වෙලා දැන් දෙන්නම වෙන දෙන්නෙක් එක්ක අලුත් ලව් දෙකකුත් පටන් අරගෙන ඉන්නේ කියලා. එහෙම තියෙනකොටත් කොල්ලෙක් බීලා කණ සාක්කුවට වැටිලා ඉන්න වෙලාවට පරණ කෙල්ලට කතා කරනවා නං, ටෙක්ස්ට් කරනවා නම් වැඩේ පොඩ්ඩක් කේස්. එතකොට කෙල්ල වුනත් අප්සට් එකක ඉන්න වෙලාවට පරණ කොල්ලට, පරණ කෙල්ලට නං කතා කරන්නේ ඒත් එකම කතන්දරේ තමයි. මේක සුලභ දෙයක්. ඒත් මෙතනදී ප්‍රශ්නේ මේකයි. දැන් ජීවිතේ බෙදාගන්න කෙනෙක් ඉන්නකොටත් එහෙම දේවල් වෙනවා කියන්නේ ප්‍රශ්නයක්.



    7. මම මෙයත් එක්ක මෙහෙම ඉන්නකොට ඔයාට ජෙලස්ද සුදූ?


    පරණ ලව් ඉවර කරලා තියෙනකොටත් තාම ඔයාට ඉරිසියා හිතවන්න එක එක දේවල් කරන්න උත්සාහ කරනවා කියලා දැනෙනවා නං ඒ කියන්නේ එයා තාම ඔයාට ලව්. මේක හැබැයි දෙපැත්තක් තියෙනවා. එකක් තමයි ‘ඔයාට වඩා සිරා කොල්ලෙක්/කෙල්ලෙක් මම හොයාගත්තා’ කියලා දනවන්න උත්සාහ කරන එක. ඒ වගේ දෙයක් නං ඉතින් හිනාවෙලා අමතක කරන්නයි තියෙන්නේ. හැබැයි අනික් පැත්තට දිගින් දිගටම එහෙම ඉරිසියා හිතවන්න උත්සාහ කරන ගමන්ම ඔයා ඒ ගැන මොකද හිතන්නේ, ඔයාට ඇත්තටම ඉරිසියා හිතුනද කියලා හොයනවා නං ඒ කියන්නේ තාම ලව් එක හිතේ තියාගෙන තමයි මේ පිස්සු නටන්නේ!



    8. ඔයා මාත් එක්ක ඉන්නකොට එහෙම එහෙ මෙහෙ ගියේ නෑනේ?


    පරණ ලව් එක යාලුවෙක් විදියට ඉන්නවා කියන්නේ යාලු පිට් ලිමිට් එකේ ඉන්න එකටනේ. හැබැයි යාලුවෝ සාමාන්‍යයෙන් අපි යන එන තැන්, ආශ්‍රය කරන්නේ කවුද, කරන්නේ මොනවද කියන දේවල් ඕනෑවට වඩා ඇඟිලි ගහ ගහා හොයන්නේ නෑනේ. හැබැයි පරණ ලව් එක “යාලුවෝ අපි යාලුවෝ” කියලා හිටියත් මෙහෙම පිස්සුවෙන් ඔයා ගැන හොයනවා නං, ඒ කියන්නේ වදයක් වෙන තරමට, දැන් ඉන්න කෙල්ල හරි කොල්ලා හරි හොයන්නේ නැති තරමට අපි ගැන ඔබ්සෙසිව් නං ඒක හොඳ ලකුණක් නෙවෙයි.



    9. මගේ ජීවිතේ දැන් වෙන දේවලටත් ඔයා තමයි වග කියන්න ඕන!


    පරණ ලව් එක යාලු පිට් එකක් ඇතිකරගත්තත් නැතත් හිටි ගමන් ඇවිල්ලා කියන්න පුලුවන් “මගේ ජීවිතේ දැනුත් දුකෙන් ගත කරන්න වෙලා තියෙන්නේ ඔයා නිසා” කියලා. එතකොට ඔයා ඇහුවොත් “මං මොනාද කලේ” කියලා, එයා කියන්න පුලුවන් “ඔයා නිසා දැන් මට ගෑණු/පිරිමි සංහතියම විස්වාස කරන්න බෑ” කියලා, එහෙම නැත්තං “ඔයා මාව අතෑරිය නිසා තමයි මං මෙයාට අහුවුනේ” වගේ කතාවක්. ඒ වගේ දෙයක් තව දාර වලියකින් කෙළවර වුනත් මතක තියාගන්න, මේ කියන්නේ එයා ඔයාට තාම ලව් කියන එක තමයි!


    10. ඔයාගෙ ගෙදර අය තාම මගේ ගෙදර අය වගේ තමා!


    සාමාන්‍යයෙන් ලව් එකක් කැඩුනට පස්සේ එක්කෙනෙක්ගේ පැත්තේ තියෙන සම්බන්ධතා ඔක්කොම වගේ අනික් පැත්තේ එක්කෙනා අතාරිනවානේ. හැබැයි සමහර වෙලාවට ලව් එක අතෑරියත් එයාගේ අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියෝ, යාලුවෝ එක්ක සම්බන්ධතා දිගටම තියෙන්න පුලුවන්. ඒක ස්වභාවික දෙයක්. හැබැයි පරණ ලව් එක ඔයාගේ මිනිස්සු එක්ක පවත්වන මේ සම්බන්ධතා වුනත් හැමවෙලාවකම ෆෝකස් වෙන්නේ ඔයාගෙ පැත්තට නං පොඩ්ඩක් පරිස්සමින්. ඒ කියන්නේ අම්මලා බලන්න එන දවසක අම්මලා එක්කත් කතා කරන්නේ ඔයා ගැනම නං, යාලුවෝ එක්ක කතා කරන්නේ ඔයා දැන් යාලුවෙලා ඉන්න කෙල්ල නැත්තං කොල්ලා ඔයාට ගැලපෙන්නෙ නෑ කියලා නං පරණ ලව් එකෙන් ඈත් වෙන එක වඩා හොඳයි.

    දැන් කෙනෙක් කියන්න පුලුවන් පරණ ලව් එක තාම පිළිබඳ හිත් තියාගෙන හිටියත් අවුලක් නෑ කියලා. ඇත්ත, මේ දේවල් මිනිස් හැඟීම්නේ. ඒවා දිහා මානුෂිකව බලන්න අපිට පුලුවන් වෙන්න ඕන. හැබැයි මේ වෙනකොට අපි පරණ ලව් එක පහු කරලා ඇවිත් අලුත් කෙනෙක් එක්ක දෙයක් පටන් අරගෙන නං, පරණ ලව් එක නිසා අලුත් ලව් එක නැතිකරගන්න එක ගොන් වැඩක්. ආන්න ඒ වගේ වෙලාවක අපිට පරණ ලව් එක ඈතින් තියන්න තීරණයක් ගන්න සිද්ධ වෙනවා.
    උපුටාගැනීම අනිවා.lk
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    :( මේකට reply නොකර ඉන්නම් මචන් :sorry:










    wife එළකිරි එනවා

    හම්මෝ එහෙනං රිප්ලයි දාලා පවුල් කඩාගන්න එපා:shocked:
     
    • Haha
    Reactions: reddit

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2006 නේද ජොයින් වුනේ කිරියට....
    අවුරුදු 11 දැන් මේකේ ලැගල ඉන්නව නේද?
    තාම බැරිද පුබ්බඩයෝ යූටියුබ් වීඩියෝ එකක් පෝස්ට් කර ගන්න.............:growl::growl::growl:
     

    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    Mewa danne epa ban. Parana love gana hitha hitha andana walapena athe gahana ponnayanta paw.. penne nadda danatama kattiya wilapa thiyala
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මම ක.පු. වසාගෙන සිටිමි..............
    :ඩල් මූණ:

    කිඹුලා මාමි ඔවා:shocked::shocked:


    හැබැයි ඒකේ පුදුමයක් නෑ මගෙ පරණ කෑල්ලක් එකපාරක් මට කිව්වා සාහිත්‍යකාමී ක්‍රියේටිව් ටිකක් හිතුවක්කාර කොල්ලෙක් එක්ක තිබ්බ ආදර කතාවක් කෙල්ලෙක්ට කවදාවත් අමතක වෙන්නෑ කියලා මේ මටත් එහෙම කිව්වානං සාහිත්‍ය පැත්තෙ මෙච්චර දැවැන්ත චරිතයක් වෙච්ච කිඹුලා මාමිට පරණ කෙල්ලෝ මොනවා නොකියන්න ඇද්ද ??:yes::yes:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,125
    986
    113
    කිට්ටුව තැනක
    මේ කතාවේ ඇත්තකුත් තියෙනවා.හොදම වැඩේ පරණ එක සයිඩ් කරලම දාන එක.මොකද පරණ එක හොද නම් අලුතින් එකක් පටන්ගන්නේ නෑනේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    2006 නේද ජොයින් වුනේ කිරියට....
    අවුරුදු 11 දැන් මේකේ ලැගල ඉන්නව නේද?
    තාම බැරිද පුබ්බඩයෝ යූටියුබ් වීඩියෝ එකක් පෝස්ට් කර ගන්න.............:growl::growl::growl:

    :lol::lol: ජබුක්:lol: