පරණ පැතුමක් අලුතින්
පරණ පැතුමක් අලුතින් !
දිනෙන් දින මරු කටට
ඇදෙන්නෙමි මම නම්
මියෙන බව දැන දැනම
ගතින් නෙක වැහැරී
එහෙත් ජන හිතාදර
නොමිනිසුන් පොර කයි
රැක ගන්න බිම් අඟල
වැළලිලා මොණරුන්ට
අපට මොට ආගමක්
අපට මොට ජාතියක්
කනත්තද ඒ වගක්
සොයන්නේ නැතිම නම්
වැළලෙන්න නොදී අප
එබැවින්ම මිනිස්කම
වසලයකු නොවෙන්නට
පතමුදෝ දෝතින්ම
-මාලන් විදානපතිරණ
පරණ පැතුමක් අලුතින් !
දිනෙන් දින මරු කටට
ඇදෙන්නෙමි මම නම්
මියෙන බව දැන දැනම
ගතින් නෙක වැහැරී
එහෙත් ජන හිතාදර
නොමිනිසුන් පොර කයි
රැක ගන්න බිම් අඟල
වැළලිලා මොණරුන්ට
අපට මොට ආගමක්
අපට මොට ජාතියක්
කනත්තද ඒ වගක්
සොයන්නේ නැතිම නම්
වැළලෙන්න නොදී අප
එබැවින්ම මිනිස්කම
වසලයකු නොවෙන්නට
පතමුදෝ දෝතින්ම
-මාලන් විදානපතිරණ

