පරණ මතකයක් අවදි විය
පරණ මතකයක් අවදි විය
පාන්දර නිදිගැටත් අවදිකොට
ගිය ගමන පාසැලට බසයෙන
සුවදෙයි යළිත් නැහැයට
හපුටු ගඳ දැනී යළි වියැලුණ
පිපුණු මල් විලසට දුවමින
හැපුණු සෝ දුක් තැවුල් එළවමින
කිපුණු දත් නොමැදම මිරිකෙමින
කැපුණු ලේ මතකයි ගිම් නිවුණ
සොඳුරු සිත්තම් මැවුව සුරු අතට
නැහැ දැන් පින්සලක් නිකමට
කිඳුරු මල් විමානේ දසුනකට
පෑන් තුඩ දෙයි එළිය හැම විට
-මාලන් විදානපතිරණ
පරණ මතකයක් අවදි විය
පාන්දර නිදිගැටත් අවදිකොට
ගිය ගමන පාසැලට බසයෙන
සුවදෙයි යළිත් නැහැයට
හපුටු ගඳ දැනී යළි වියැලුණ
පිපුණු මල් විලසට දුවමින
හැපුණු සෝ දුක් තැවුල් එළවමින
කිපුණු දත් නොමැදම මිරිකෙමින
කැපුණු ලේ මතකයි ගිම් නිවුණ
සොඳුරු සිත්තම් මැවුව සුරු අතට
නැහැ දැන් පින්සලක් නිකමට
කිඳුරු මල් විමානේ දසුනකට
පෑන් තුඩ දෙයි එළිය හැම විට
-මාලන් විදානපතිරණ
Last edited: