පරපෝෂිතයෝ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔය පල්ලෙහා තියෙන්නේ මේ රටේ ජනතාවගේ වැඩ ටික කරගන්න

    ජනතාව විසින් පත් කරලා
    ජනතාව විසින් නඩත්තු කරන


    කට්ටිය ගැන පළවුණ ප්‍රවුර්ති 2ක්

    අපිට බැරිද මේ ජනතාව විසින් පත් කරන එවුන් ගානත් අඩු කරන්න ???



    ඉදිරියේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගත කිරීමේ දී එම ආයතන වල අතිරික්ත සේවකයන් ඉවත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.



    මේ වන විටත් හා තායිලන්තයේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා වියදම මිලියන සිය ගණනක් ඉක්ම ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්ථා කරයි.

    එම වියදම තවදුරටත් දරා ගත නොහැකි තත්ත්වයකට පත්වෙමින් ඇති නිසා ඔහු ඉක්මනින්ම ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

    පෞද්ගලික ජෙට්යානයක් සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහ පැය 24 පුරාම ආරක්ෂාව සඳහා මෙතරම් පිරිවැයක් දරමින් ඇති බව ද එහි දැක්වෙයි.

    එම වියදම ඔහුගේ සමීප ආධාර කරුවන් කිහිප දෙනෙකු විසින් දරනු ලබන බව රොයිටර් පුවත් සේවා තවදුරටත් වාර්තා කර තිබේ.

    ඒ අනුව තවත් සති දෙකකින් පමණ ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් එය ඔහුගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා වන විධිවිධාන මත රඳාපවතිනු ඇති බවත් වාර්තාව වැඩි දුරටත් කියා සිටී.
     

    Similar threads