පරමාණු රඟපාන ලොව කුඩාම චිත්රපටය

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    පරමාණු රඟපාන ලොව කුඩාම චිත්රපටය

    පරමාණු රඟපාන ලොව කුඩාම චිත්රපටය

    මෙම චිත්රපටයේ අධ්යක්ෂකවරුන් කිහිප දෙනෙකි. ඔවුන් විද්යාඥයන්ය. මෙම චිත්රපටය හරහා චිත්රපටවලට නව මානයක් දීමට මෙම බටහිර විද්යාඥයන් පිරිසකට හැකියාව ලැබී තිබේ. ඔවුන් කළේ සැබැවින්ම ලොකු හපන්කමකි. ඒ, ලොව කුඩාම චිත්රපටය නිර්මාණය කරමිනි.
    එය කොතරම් කුඩා ද කීවොත් මනින්නෙ අණුවල දිග පළල අනුවය. නැනෝ මීටරවලිනි. චිත්රපටයේ රූප රාමු පියවි ඇසට නොපෙනෙයි. චිත්රපටයේ එක රූප රාමුවක් නැනෝමීටර් 45X25 කි. එක් අඟලකට නැනෝ මීටර් මිලියන 25 ක් අඩංගු වෙයි.
    ‘අයිබීඑම්’ ආයතනය චිත්රපටය අන්තර් ජාලයේ යූටියුබ් හරහා ප්රදර්ශනය කර ඇත. චිත්රපටයේ රඟපාන්නේ අණු සහ පරමාණුය. විනාඩියක ධාවන කාලයක් ඇති මෙම චිත්රපටය නම් කර ඇත්තේ ‘ළමයා සහ පරමාණුව’ යන අරුත් දෙන ඉංග්රීසි වදන් පෙළිනි.
    මෙය තනා ඇත්තේ කාබන් මොනොක්සයිඞ් අණු එකින් එක නැවත සකස් කිරීමෙන් ළමයකු බෝලයක් සමග සෙල්ලම් කරන ආකාරයක් පෙන්වමිනි. මේ අපූරු දස්කම කළෝ ‘අයිබීඑම්’ ආයතනයේ විද්යාඥයෝය.

    පරමාණුවක් යනු රසායනික මූල ද්රව්යයක කුඩාම බෙදීමය. පරමාණුවක් දැක ගැනීමට නම් මිලියන 100 ගුණයකින් එය විශාලනය කළ යුතුය. අයිබීඑම් ආයතනය පෙන්වා දෙන අන්දමට මුහුදු වෙරළක ඇති එක වැලි ඇටයක තියෙන පරමාණු ගණන මුළු වෙරළේම ඇති වැලි ඇට ගණනට වඩා වැඩිය.
    මෙවැනි දැවන්ත විශාලනය කිරීමක් කළත්, පෙනෙන්නේ මුල් යුගයේ වීඩියෝ ක්රීඩාවල චලනය සිදු වුණු ආකාරයටය. එසේ වුවත් මෙය සැබෑවට පරමාණු යොදා කළ නිර්මාණයකි. චිත්රපටය සජීවී කිරීමටත්, එය වඩාත් අපූරු ලෙස ඉදිරිපත් කිරීමටත් අවශ්ය නිසා සංගීතය හා ශබ්ද ප්රයෝග යොදා ගැනීමට ද ‘අයිබීඑම්’ විද්යාඥයන් කටයුතු කර ඇත.
    මේ චිත්රපටය නම් කර ඇත්තේ ‘අ බෝයි ඇන්ඞ් හිස් ඇටම්’ කියාය. ‘පරමාණු චලනය වෙන ආකාරය දැක්වෙන වීඩියෝ කලිනුත් අප දැක තිබෙනවා. ඒත් මෙහිදී ඇති විශේෂත්වය වන්නේ ඒවා තමන්ට අවශ්ය විධියට හසුරුවා කතාවක් කියන්නට යොදා ගැනීමයි. ලොව ප්රථම වතාවටයි, එවැනි දෙයක් සිදු කළේ. මේ චිත්රපටයෙන් ඔබට හැකියාව ලැබෙනවා, පරමාණු ලොවට පිවිස මොහොතක් විනෝද වෙන්න.’ යැයි මෙම අයිබීම් ‘චිත්රපට’ ව්යාපෘතියේ ප්රධාන විද්යාඥයා ඇන්ඩි්රයස් හෙයින්රීව් මාධ්ය හමුවේ පෙන්වා දෙයි. මේ අතර මේ චිත්රපටය ගිනස් ලෝක වාර්තාවක් ලෙසට බාර ගත් බව ගිනස් ආයතනයේ ජේමී පනාස් පවසා ඇත. පනාස් වැඩි දුරටත් පවසා ඇත්තේ මෙය ලොව කුඩාම ‘නැවතුම්-චලන’ චිත්රපටය ද වනු ඇති බවය.



    ලුසිත ජයමාන්න
    ඬේලිමේල් ඇසුරිනි
     
    Last edited:
    • Like
    Reactions: snm1990 and imhotep

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේක සෑහෙන කාලයකට කලින් එකක්නේ.:nerd:
    ඉස්කෝලේ යන කාලේ විජය පත්තරෙන් කියෙව්වා.

    කොහොම උනත් වටිනවා.
    Bump
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    Initial release: April 27, 2013

    මේක සෑහෙන කාලයකට කලින් එකක්නේ.:nerd:
    ඉස්කෝලේ යන කාලේ විජය පත්තරෙන් කියෙව්වා.

    කොහොම උනත් වටිනවා.
    Bump