පරසතු කුසුමියයි ඔබ..
ගින්දරක් වැනි දාහයෙන්
වියලී කරවී ඉරිතලා
පුපුරා ගිය මොහොතක
වැටෙන මහ වැස්ස ඔබ
නිවා සනහාලන..
කළුවරම කළුවර
අමාවක දා රෑට
අහස් කුස දිදුලන
එකම එක තරුව ඔබ
සහන් එලියක් ගෙනෙන..
සීත පින්නෙන් වැසුන
දහස් මල් පිපුණු බිම
එහැම මල් පරදවන
සුන්දරම සුඝන්ධම
පරසතු කුසුමියයි ඔබ..