පරසුද්දන්ගේ රටේ ෆ.ක්ස්

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    457
    954
    93
    අපි හැමෝම දන්නවනේ මේ දවස්වල ජාති ආගම් කුල බේදයෙන් තොරව එකාමෙන්ම එකමුතුව හෙළුවො කරන එකම දේ රට යාම කියලා.... ඒ වගේම පරසුද්දන්ගේ රටවල් කියන්නෙ තව්තිසා දෙව්ලොවයි අවීචි මහා නරකාදියයි එකට merge කරලා හදපු අමුතුම තැනක් කියලත්. ඒ හින්ද අවුරුදු 8ක් විතර පරසුද්දන්ගේ රටවල් තුනක නාකි සුද්දන්ගේ පස්ස හෝදපු එකෙක් හැටියට මට හිතුනා පරසුද්දන්ගේ රටවල් ගැන පොඩි ෆක්ස් (FAQs) එකක් දාන්න. හා හා පුරා කියල කෝටි 10ක් විතර වියදම් කරලා පරසුද්දන්ගේ රටකට යන උන්ට වැදගත් වෙයි.

    ඔන්න එහෙනම් පටන් ගමු.

    සැලකිය යුතුයි: එක්කෝ පෝස්ටුව ඉවරවෙයි නැත්තම් බෝතලේ ඉවරවෙයි. බෝතලේ ඉවර වුනොත් පෝස්ටුව අසම්පූර්ණ වෙයි. ගණන් ගන්නෙපා


    FAQ 1: උඹ දොස්තර වුනත්, ඉංජිනේරු වුනත්, බැංකු මැනේජර් වුනත් පරසුද්දන්ගෙ රටට ගියොත් වෙන්නේ නාකි සුද්දියන්ගේ පස්ස හෝදන්න විතරයි නේද?

    Answer: නෑ. තව දේවල් කරන්න පුළුවන්.

    ගිය වීකෙන්ඩ් එකේ දවසක සුපර්මාකට් එකට ගියා බඩු ටිකක් ගන්න. බඩු ටික වාහනේට දාල ඩිකිය වහල නගින්න හදද්දී, කිරි කිරි කෑල්ලක් දුවගෙන ආව පරණ ලව් එකක් දැකල වගේ. මමත් ඉතින් හායි පැටියෝ කියාගෙන හිත ඇතුලෙන් ඉඹගෙන ඉඹගෙන ගියා. ඒකි ඇවිල්ල කියාපි.

    "සාර් ජී කන්න මුකුත් අරන් දෙන්න නහි හේ?"

    බැලුවම ඩස්පියක්. චන්දිගර් වලින්ද මන්දා... එත් ටිකක් සෝයි විදියට හිටපු නිසා මම විස්තර ටිකක් ඇහුවා. මාස්ටස් කරන්න දේපලත් විකුණලා ආවලු. බංකොලොත් ලු.ටිකක් සල්ලි තියෙනව වගේ පේන ඩස්ප අය්යල අක්කල දැක්කම කීයක් හරි ඉල්ලගෙන රෝල ගහගන්නවලු. මන් ඇහුවා ඒකිගෙන් ජොබක් කරන්නැද්ද කියලා.

    "ජොබ් එකේ පයිසා වලින් කෝස් ෆීස් පේ කර්තා හේ. කන්න බොන්න පයිසා ඉතුරු නහි හේ." කියල කියාපි.

    ඉතින් පරසුද්දන්ගේ පස්ස හෝදන එක විතරක් නෙමෙයි අපේ හෙළුවන්ටත් පුළුවන් ඔයවගේ හිඟමනේ යන්න. හෙලිච්චියක් නම් ගව සේවය පුළුවන්. පොඩ්ඩක් හිතපල්ලා. තව කොච්චර දේවල් කරන්න පුළුවන් ද. පස්ස හෝදන එක විතරද?

    හරි එහෙම අකමැති නම්?

    එහෙම අකමැති නම් කරන්න තියෙන්නේ බොහොම සරල දෙයයි.

    එංගලන්තෙට නෙමෙයි, ඇමරිකාවට නෙමෙයි, ලිතුවෙනියාවට ගියත්, යන්න කලින් හොයල බලපල්ලා ඒ රටවල් වල ඉල්ලුම තියෙන රැකියා මොනවද කියල. ඊට පස්සේ හොයල බලපල්ලා ඒ රැකියාවලට අදාළ සුදුසුකම් මොනවාද කියල. ඊට පස්සේ බලපල්ලා soft skills මොනවාද කියල. ලංකාවේ ඉන්න සුපිරිම sales manager ට වුනත් සුද්දන්ගේ රටක සේල්ස් ජොබක් සෙට් කරගන්න ලේසි නෑ. හේතුව ඒ මාකට් එක ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. බැංකු මැනේජර් කියල ජාතියක් මේ රටවල් වල නෑ, බැංකු සේවා දුවන්නේ තනිකර online/මොබයිල් ඇප් වලින්. ඒ හින්ද ඩිමාන්ඩ් එක තියෙන ජොබ් වලට අදාළ skills නැත්තම් ඒවා හදාගන්න චූට්ටක් විතර ට්‍රයි කරපල්ලා. ෆීල්ඩ් එක change කරන්න ඕන නම් බය නැතුව කරපල්ලා. biochemisty ඉගෙන ගත්ත උන්ට IT වලට මාරුවෙන්න බැරිකමක් නෑ. මතු රැකෙනා ශිල්පය මයි උගත මනා කියල හිතාගෙන ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගනිල්ලා.

    මතක තියාගනිල්ලා පරසුද්දන්ගේ රටේ හොඳ ජොබ් වලට හෙළුවො තරඟ කරන්නේ මුළු ලෝකයම එක්ක මිසක් කොම්පඥ්ඥ වීදියේ ඉන්න හෙළුවො දෙතුන්දෙනෙක් එක්ක නෙමෙයි කියලා. ඒ හින්දා ලෝකයත් එක්ක තරඟ කරද්දී තමන්ට තියෙන competitive edge එක මොකද්ද කියල හොයල බලපල්ලා. එකට අවශ්‍ය skills හදාගනිල්ලා.

    මාස්ටස් කරන්න එනවනම් ආපු ගමන් iPhone ගන්න එකයි බෙන්ස් ගන්න එකයි අමතක කරලා ඒ competitive edge එක හදාගන්න කාලය ගතකරපල්ලා. මොකද එක හෙළුවෙක් ජොබ් එකකට ඇප්ලිකේෂන් දාද්දි ඩස්පයෝ සීයක් දානවා.

    කොටින්ම කියනවනම් රට යන වැඩේ අද හිතුව හෙට ගියා කරන්න බෑ. මාස ගානක්, සමහර විට අවුරුදු ගානක් ප්ලෑන් කරලා කරන්න ඕන වැඩක්.



    FAQ 2: මම ඉගෙන ගත්තේ ලෝකේ හොඳම විස්සවිජ්ජාලෙ. තුම්මුල්ල හන්දිය කියන්නෙ එසේ මෙසේ තැනක් නෙමෙයි. එත් වැඩක් නෑ. කොච්චර සුදුසුකම් තිබුනත් කොච්චර එක්ස්පිරියන්ස් තිබුනත් සුද්දෝ හෙළුවන්ට ජොබ් දෙන්නේ නෑ. පරසුද්දෝ Discrimination නේද?

    Answer 2: මාස හයකට විතර උඩදී මගේ යාලුවෙක් නෝනාව මාස්ටර්ස් එකකට දක්කගෙන ආව පරසුද්දන්ගේ රටට. ඌ ඉන්න field එකත් ටිකක් ඩිමාන්ඩ් field එකක්. තව යාලුවෙක් ඌට ඉන්ටව් එකක් සෙට් කරල දුන්නා. උගේම field එකේ. ඉතින් ඌ ඉන්ටව් එකට ගියා.

    පරසුද්දා කොම්පැනිය ගැන විස්තරයක් කරලා කිව්වා මේක තමයි අපේ requirement එක කියලා.

    තුම්මුල්ලේ යාලුවා පරසුද්දට කියාපි "ඕවත් වැඩද... මල්ලි ඕවත් වැඩද.. රජ වැඩ කිඩ දන්න හෙළුවන්ට ඕවත් වැඩද..." කියල.

    සුද්ද බයවෙච්චි පාර ඌ හිතුව මූව ගත්තොත් නම් මගේ ජොබ් එකත් කෙලවෙලා යයි කියලා. ඌ කිව්වා "තෑන්ක් යූ සෝ මච්. ඉට් වොස් අ ග්‍රේට් ප්ලේෂර් ටු මීට් යූ. පස්සේ දැනුම් දෙන්නම්" කියල.

    මාස ගානක් ඉන්ටව් ගිහිල්ල බැරිම තැන තුම්මුලේ රාලට කඩේක වැඩක් සෙට් වුනා. කඩේ අයිතිකාරයට මූ කියපි "අනේ දෙවියනේ මට වුනු වියෝයා. අතේ සතේ නැති තැනටම ගියෝයා."

    කඩකාරය බැලුව මේ හිඟන්නව වැඩට ගත්තොත් මූ කඩේම සුද්දකරලාදායි. ඌත් කිව්වා. "තෑන්ක් යූ සෝ මච්. ඉට් වොස් අ ග්‍රේට් ප්ලේෂර් ටු මීට් යූ. පස්සේ දැනුම් දෙන්නම්" කියල.

    දැන් උගේ ෆුල් ටයිම් රස්සාව ලංකාව කොච්චර ලස්සන රටක් ද කියල ෆේස්බුක් පොස්ට් දාන එක.

    පිටරට ජොබ් හොයනවනම් හෙලුවන්ගේ trademark පණ්ඩිතකම අත අරපල්ලා. ඉන්ටව් එකේදී අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා ඇරෙන්න පොර ටෝක් දෙන එකයි වල් පල් දොඩවන එකයි අත්අරපල්ලා.


    FAQ 3: උඹ කොච්චර කිව්වත් discrimination තියෙනවා බං. මම දන්නා දොස්තරලා දෙන්නෙකුයි නර්ස් ල වගේකුයි ලක්ෂ 60-70 වියදම් කරන ඇවිල්ලත් රස්සා නැතුව අන්න සුද්දන්ගේ ලැට් හෝදනවා. උඹ කොහොමද කියන්නෙ discrimination නෑ කියලා?

    Answer: අවුරුද්දකට විතර කලින් නර්ස් නෝනි කෙනෙක් මට ආදරෙන් කතා කළා. නෝනි... මගේ නර්ස් නෝනි... කියල මමත් කතා කළා. නර්ස් නෝනිට මම පැහැදිලි කරලා කිව්වා පරසුද්දන්ගේ රටේ නර්ස් නෝනි කෙනෙක් වෙන්නනම් ඉස්සෙල්ල රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒකට ජොබ් එක්ස්පිරියන්ස් එකට අමතරව IELTS/OET කරන්න ඕන. එහෙම කරලා රෙජිස්ටර් කරගත්තනම් තමන්ටම ජොබ් එකට apply කරන්න පුළුවන් කියලා. නර්ස් නෝනි ඔක්කොම විස්තර අහගත්තා. ඊට පස්සේ කථා කලේම නෑ. මට දුකයි ඉතින්.

    මාස ගානකට පස්සේ නර්ස් නෝනි කථා කළා. පරසුද්දන්ගේ රටට ආවලු. නාකි සුද්දීයෙක්ගේ පස්ස හෝදන ජොබක් සෙට් වුනාලු. ලක්ෂ 70ක් ගෙව්වලු. IELTS ආයේ කරන්න බෑ බෑ වගේලු.

    මම කිව්වා අනේ වාසනාවන් කියලා.

    හෙළු දොස්තර මහත්තුරු, නර්ස් නෝනිලාගෙන් පරසුද්දෝ IELTS, PLAB, OET වගේ දේවල් බලාපොරොත්තු වෙනවනම් ඒවා discrimination තමයි. නැද්ද හා? පුංචි අම්මපා! මොකද හෙළුවන්ගේ රට ලෝකෙන් උතුම්ම රට. හෙළුවො ඉන්නෙ වෙනම ලෙවල් එකක. ඒ විතරක් නෙමෙයි ඔච්චර දැනුම තියෙන හෙළු දොස්තර මහත්තුරුන් ව PLAB එකෙන් ෆේල් කරනව කියන්නේ කොච්චර discrimination ද? පරසුද්දන්ගේ තියෙන ජරාගතිය නිසා තමයි හෙළුවන්ව ෆේල් කරන්නේ.

    FAQ 4: එතකොට උඹ කියන්නේ සුද්දෝ සුද්දන්ට, ඩස්පයෝ ඩස්පයින්ට, පක්කො පක්කන්ට අදින්නෑ කියලද? එක discrimination නෙමේද?

    එකමත් එක රටක ගවයින්ගේ ගමක් තිබුනලු "එලකිරියාව" කියල. ගවයින්ටම හරි යන නමක්ලු. එකේ හිටියලු උඩරට බොදු ගොවි වංශවත් උගත් ගවයින්. පස්සේ එකට සෙට් වුනාලු පහත රට ගවයින්. උඩරට ගවයින් කැමති නෑලු පහත රට ගවයින් කතා කරන, අඳින පළඳින, හැසිරෙන විදිහට. උන් කිව්වලු උඹල අපි කියන විදිහට හැසිරියල්ල කියල.

    ඊට පස්සේ ආවලු වෙනම භාෂාවක් කතා කරන ගවයින්. උන් හැසිරෙන, අඳින පළඳින විදිහට ඉතින් අනිත් ගවයින් කැමති නෑලු. ඉතින් උන් මේ ගවයින්ට කෝචොක් එක දැම්මලු. පස්සේ ආවලු අනිත් භාෂාව කතාකරන ඒත් වෙනස් විශ්වාස තියෙන තව ගව රංචුවක්. එතකොට කලින් හිටපු ගවයින් කිව්වලු උඹල අපි කියන විදිහට හිටපල්ලා කියල. එතකොට අලුත් ගවයො හිතුවලු කෙලින්ම බෝම්බයක් ගහලම වැඩ පටන්ගමු කියල.

    පරසුද්දෝ නම් ඕකට තනි වචනයක් හදල තියෙනවා. ඒ වචනේ කියන කෙනෙක්ට මගෙන් ඊළඟ ජනාධිපතිවරනෙට නාමල් පොහොට්ටුවක් තෑගි.

    racism කියන දේ නැති රටක් ලෝකෙ නෑ, ඇමරිකාවද, යුරෝපේද, සවුදි අරාබියද, සොමාලියාවද කියන එක අදාළ නෑ. ලෝකේ හැම රටේම racism තියෙනවා. තමන්ගේ පවුලට, ජාතියට, ආගමට, රටට අදින එක කොහෙත් තියෙනවා. අපිට කරන්න තියෙන්නේ racism කියන දේ fact of life කියල හිතාගෙන තමන්ගේ වැඩේ කරගෙන යන එක.

    FAQ 5: සුද්දෝ සුද්දන්ට, පක්කො පක්කන්ට ඩස්පයෝ ඩස්පයින්ට ඇද්දට හෙළුවෙක් කවදාවත් තව හෙළුවෙක් ට සපෝට් කරන්නෑ. හදන්නෙම වල කපන්නම තමයි. දැන් පුළුවන් නම් කියපන්කො ඒක බොරු කියලා.

    මාසෙකට කලින් ආපු කෝල් එකක්:

    "මචන් මට පොඩ්ඩක් කියාපන් උස්වැටකෙයියාවට වීසා දාන්නේ කොහොමද කියල..."

    ඉතින් අපි: "මචන් මේ වෙබ් සයිට් එකට පලයන්. එකේ step by step කියල තියෙනවා වීසා දාන විදිහ. උඹට ෂුවර් නැත්තම් ඒජන්ට් කෙනෙක් සෙට් කරගනින්"

    ෆෝන් එක තිබ්බට පස්සේ මගේ යාළුවා: "ඒ උද්දික පුතාගෙන් මම වීසා දාන විදිහ ඇහුවම ඌ කියනවා වෙබ්සයිට් එකේ බලන්නලු. ඒක ඌ කියන්න ඕනය? අපිටම කරගන්න පුලුවන්නේ. මුන්ට තියෙන්නෙ පුදුම ඉරිසියාවක්. අපි එයි කියන බයට."

    ඊට කලින් මාසේ:

    "අනේ මගේ පන වගේ අයියෙ... මට ඔයා ළඟටම වෙලා ඉන්න ඕන. මට IELTS තියෙන්නේ 2.5. caregiver ජොබ් එකට 5.5 ඉල්ලනවා. මට මොනවහරි කරලදෙන්න බැරිද?"

    "පුළුවන් මගේ ඩාලිං. හැබැයි කරන දෙයක් කරන්න වෙන්නෙ ලංකාවේදී"

    ෆෝන් එක තිබ්බට පස්සේ මගේ ඩාලිං "ඒ උද්දික පුතාගෙන් මම ජොබ් එකට එන විදිහ ඇහුවම ඌ කියනවා ආයේ හොදට පාඩම් කරලා IELTS කරන්නලු. ඒක ඌ කියන්න ඕනය? අපිටම කරගන්න පුලුවන්නේ. මුන්ට තියෙන්නෙ පුදුම ඉරිසියාවක්. අපි එයි කියන බයට."

    ඊට කලින් මාසේ:

    "මාතියා. මම කෝම හරි ඉෂ්ටුඩන්ට් වීෂා දාගත්තා. මට දැන් නවතින්න තැනක් ෂෙට් කරලා දෙන්න පුළුවන් නම් තමා හොඳා. මමයි මගේ නෝනයි මගේ අනිත් නෝනයි, අනිත් අනිත් නෝනයි, දූලා පස්දෙනයි, පුතාල අටදෙනයි, ගෙදර පූෂියි තමා යෙනවා. යපිට යෙක කාමරයක් තිබ්බොත් හොඳටම යෙති."

    මම: "නානා... ඉෂ්ෂෙල්ලා... ශොරි... ඉස්සෙල්ලා හොටෙල් එකක් හරි airbnb එකක් හරි බුක් කරගන්න... යීට... ශොරි... ඊට පස්සේ තැනක් හොයාගන්න. මුලින් තනියම එන්න. පස්සේ පවුල ගෙන්නගන්න"

    ෆෝන් එක තිබ්බට පස්සේ මගේ නානා "ඒ උද්දික පුතාගෙන් මම නවතින්න තෙනක් ෂෙට් කරලදෙන්න කිව්වම ඌ කියනවා . ඔටෙල් එකක් තමා බුක් කරන්නලු. තනියම එන්නලු. ඒක ඌ කියන්න ඕනය? යපිලටම කරගන්න පුලුවන්නේ. මුන්ට තියෙන්නෙ පුදුම ඉරිශියාව තමා. යපිල එයි කියන බයට."

    ඊට කලින් මාසේ...

    "පුතා මගේ උඩරට සිංහල බොදු ගොවි වංශවත් උගත් රූමත්, BSc, MSc, PhD, උස අඩි 4, බර කිලෝ තුන්සීයේ කෝටිපති ගොඩ මඩ ඉඩම් හිමි දුව ලබන සතියේ ඔයා ඉන්න තැනට එනවා. එයාට හොඳ ජොබ් එකක් සෙට් කරලදෙන්න ඕන. හැබැයි පොඩි පොඩි ජොබ් බෑ. පුතාට තමයි මේ වගකීම බාරදෙන්නේ. ඒ හින්ද කොහොමහරි ජොබ් එකක් සෙට් කරලදෙන්න."

    මම: "අංකල් ජොන්සන්, නංගි බබාට කියන්න මේ, මේ වෙබ්සයිට් වල ජොබ් ඇප්ලයි කරන්න කියලා. ඊට අමතරව මෙහෙ ජොබ් events තියෙනවා... ආපු ගමන් ඒවාට යන්න ප්ලැන් කරන්න කියලා... මෙහෙට ගැලපෙන විදිහට CV එක හදාගන්න කියලා..."

    ෆෝන් එක තිබ්බට පස්සේ මගේ අංකල් "ඒ උද්දික පුතාගෙන් මගෙ ආදරණීය සදාදරණීය සර්ව ලෝක පූජිත දුවට ජොබ් එකක් සෙට් කරලා දෙන්න කිව්වම ඌ මට ජොබ් ඇප්ලිකේෂන් දාන විදිහ උගන්නනවා. ඒක ඌ කියන්න ඕනය? අපිටම කරගන්න පුලුවන්නේ. මුන්ට තියෙන්නෙ පුදුම ඉරිසියාවක්. අපි එයි කියන බයට."

    ඉතින් බලපල්ලා... පිටරට ඉන්න අපි කොච්චර කුහකද, ඉරිසියාකාරද... පොඩ්ඩක් වත් කැමති නෑ තව හෙලුවෙක්ට උදව් කරන්න.

    ඔන්න එහෙනම් හෙළුවන්ට සංඝරත්නයේ, කාදිනල්රත්නයේ, හමාස්රත්නයේ, ඊශ්‍රායෙල් රත්නයේ පිහිටයි.

    අපි ගියා. Good night.
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    11,548
    1
    23,521
    113
    රට එන ලංකාවේ එවුන්ට පුළුවන් තරම් උදවු කරපල්ලා. මේ වෙලාවේ ලංකාවේ ජනගහනය එකා එකා හරි අඩු වෙනවා කියන්නේ ලොකු දෙයක්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,217
    15,448
    113
    Auckland
    High Five Cat GIF
     

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    131
    33
    ලංකාවේ ෆේස්බුක් ලොන්තයන්ටයි, රට ගිහින් ලැට් එකට යන එකත් වීඩියෝ කරන උන්ටයි අනුව රට ගියාම මොකුත් නොකර ඇඳට වෙලා ආතල් එකෙ සැපට ඉන්න පුලුවන්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,396
    33,986
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගිය වීකෙන්ඩ් එකේ දවසක සුපර්මාකට් එකට ගියා බඩු ටිකක් ගන්න. බඩු ටික වාහනේට දාල ඩිකිය වහල නගින්න හදද්දී, කිරි කිරි කෑල්ලක් දුවගෙන ආව පරණ ලව් එකක් දැකල වගේ. මමත් ඉතින් හායි පැටියෝ කියාගෙන හිත ඇතුලෙන් ඉඹගෙන ඉඹගෙන ගියා. ඒකි ඇවිල්ල කියාපි.

    ekkan gihin kama tikak denna thibbe
     
    • Like
    • Haha
    Reactions: Morbius and NRTG