පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    ඇත්තටම පව් බං:cry:

    පේන විදියට නම් මුන් බොහොම සතුටින් ඉදලා. නැන්දම්මා වේසාවියවයි මරලා දාන්න තිබුනේ. ඒකි මුල ඉදලම මේ කසාදෙට විරුද්දවෙලා ඉදලා තියෙන්නේ.
    කොහොම හරි අවුරුදු කීපයකින් දුවගේ ඔලුවට විශබීජ දාලා ලස්සන පව්ල් ජීවිතේ අව්ල් කරලා.:cry::cry:


    පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා - මිතුරෙක්

    1/30/2022 11:08:00 AM
    indika-gunathilaka-story

    ඕස්ට්‍රෙලියාවේ පර්ත්හිදී තම දරු දෙන්නා ඝාතනය කර තමන්ද දිවිනසාගත් ඉන්දික ගුණතිලක සම්බන්ධයෙන් පළ වන අළුත්ම ආරංචි මගින් කියැවුනේ මෙය පවුල් ආරවුලක අවසන් ප්‍රතිඵලය වූ බවයි.
    ඉන්දික ඕස්ට්‍රෙලියාවේ අධ්‍යාපනය පිණිස ගොස් Curtin University ඉගෙනුම ලබන කාලයේදී සුදු ජාතික පෙම්වතිය දැන හඳුනාගන්නට ලැබී ඇත.
    ඉන්දික කුඩා කාලයේ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගනිද්දී බාස්කට් බෝල් ක්‍රීඩාවේ දක්ෂයෙකුවූ වූයේය. සභාවට ඉදිරිපත්වී විවිධ කතා පැවැත්වීම ගීත ගායනයටද සමතෙකු විය. ඔහුගේ සමාජශීලී ස්වරූපය නිසා සුදු ජාතික තරුණිය ඔහු හා වසඟ වූ බව මිතුරන් සමග පවසා තිබේ.
    2016 ජුනි මස ඔවුන් විවාහ දිවියට ඇතුළත්වේ.බිරිය හා බිරියගේ මව දෙන්නාම නීති ක්ෂේත්‍රයට සම්බන්ධ අය බව වාර්තාවේ.

    විවාහ වනවිට ඉන්දිකගේ වයස 34 කි. විවාහය නිසා ඉන්දිකට ඒරටේ ස්ථිර පදිංචිය හිමිවන අතර ඔහු සිය නගර සැලසුම් රැකියාවෙන් ඉවත්ව තමන්ගේම අලුත් ව්‍යාපාරයකටද පිවිසේ.
    ඉන්දික ගුණතිලකගේ පවුලට දරුවන් එක්වූ පසු ඉතා සුන්දර විය. හුරුබුහුටි දරු දෙන්නා සමග නිරන්තරයෙන් විනෝදවීමට ඉන්දික ආසා කළේය. ඔහුගේ බිරියද ඔහු සමග සමගියෙන් සිටියාය. නමුත් ප්‍රශ්න පැනනගින්නේ පසුගිය 2020-21 වසර හා ආසන්න කාලයේදී බව පැවසේ. ඉන්දික සමග විවාහ වනවාට මුල සිට අකමැත්තෙන් පසුවූ බිරියගේ මව නැතිනම් සුදුජාතික නැන්දණිය ඔවුන්ගේ පවුලේ ඇතැම් ප්‍රශ්න වලට අතදැමූ බව පැවසේ.මේ නිසා ඉන්දික නැන්දණිය සමග රණ්ඩු සරුවල් කරගෙන තිබේ. නීතියට සම්බන්දිත කාන්තාවක වීම නිසා තර්ක කර බේරීමටද අපහසුවූ ගැටලු තිබුණ බව ඔහු මිතුරන්ට පවසා ඇත.
    යම් යම් ගැටලු මතුවන අවස්ථාවල මවගේ පැත්තට කථා කළේ ඉන්දිකගේ බිරියයි. මේ හේතුවෙන් ඉන්දික තනිවූ අවස්ථා තිබී ඇති අතර සුදුජාතික බිරිය හා බිරියගේ මව එක් පැත්තක් ගෙන රණ්ඩු කරගෙන තිබේ. සුදු නොවන ජාතිකයෙකුට තම දියණිය විවාහ කරදීමට සිදුවීම කණගාටුවන බව රණ්ඩුවට ආ මව නිරන්තරයෙන් පැවසූ බව ඉන්දික පවසා තිබුණි. ඉන්දික වෙනුවට වෙනත් අයෙකු තම දියණියට සොයාදීමටද මව උනන්දුවී තිබුණි.
    ප්‍රශ්න එකකට එකක් එකතුවී ඉන්දිකට පහරදෙද්දී ඔහු දැඩි පීඩාවට ලක්විය. පසුගිය වසරේ අවසන් මාස ගණනාවේම ඔහු මෙම ගැටලුව ගැන කලකිරීමෙන් පසුවිය. ඒ අතර කාලයේ බිරියගේ මව බිරිය හා එක්ව ඉන්දිකගෙන් ඉවත්වීමට අදාළ නෛතික කටයුතු සූදානම් කර තිබූ අතර ඔවුන්ගේ හේතු දැක්වීම ‘මානසික රෝගයක් ඇති සැමියා සමග ජීවත්වීමේ අපහසුව‘ ලෙස සඳහන් කර තිබුණි. ඔවුන් මානසික රෝගය ලෙස නම් කර තිබුනේ ‘නාර්සිසිස්ට්‘ මානසික තත්වයයි.
    එනම් පුද්ගලයෙකු තමා අවට සිටින අයගේ අවශ්‍යතා නොසලකා හරින තරමට තමන් ගැන පමණක් වැඩ කරන්නෙකු බවයි. බොහෝ විට මෙවැනි රෝගීන් ඉතා ආකර්ෂණීය වන බවත් සෘණාත්මක හැසිරීම් නොපෙන්වන නමුත් තමන් ගැන පමණක් වැඩ කරන්නෙකු බවත් විස්තර කර තිබුණි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දිකගේ මිතුරන් පවසා ඇත්තේ වෙනත් කතාවකි. ඉන්දික දරුවන්ට හා බිරියට බෙහෙවින් ආදරය කළ නමුත් බිරිය එම දරුවන් ගැන පසුකාලීනව උවමනාවෙන් කටයුතු නොකළ බවයි.‘ඇයට වෙනත් අය වැදගත් වුණා. ඒ නිසා මං විතරයි දරුවන් ගැන බැලුවේ. අන්තිමට නැන්දම්මයි එයයි දෙන්නම දරුවන්ට නොයෙකුත් පීඩා ඇති කළා. නීතිය ඉදිරියට ගිහාම දරුවන් රැක බලාගැනීමට මං තීරණය කළා.‘ යනුවෙන් ඔහු පවසා තිබේ.

    ඉන්දිකගේ බිරිය හා මව නීති කිෂේත්‍රයට සම්බන්ධ අයවීම නිසාම ඉන්දිකගේ බිරියගේ වෙන්වීමේ කටයුතු ඉක්මනින් ඉටුකරගන්නට ඔවුන්ට පහසු විය. අවශ්‍ය ලිපි ලේඛන සකසාගෙන දරුවන් ඉන්දිකට යොමු කර ඇය වෙන්විය. නමුත් අධිකරණය ඇයට දරුවන් බලන්නට අවසර ලබාදී තිබුණි.
    ඉන්දික මේ කරදර මැද දරුවන් ගැන බලමින් සිටියත් ඔහුගේ විශාද රෝග තත්වය උත්සන්න වෙමින් පැවතිණි. අන්තර්ජාලයේ ෆේස් බුක්හි සක්‍රීය චරිතයක්වූ සමාජ ශීලී ඉන්දික එක්වරම ෆේස් බුක්ද අතහැර දමා සිටියේය. ඔහු පසුගිය දෙසැම්බරයේ යළි ෆේස් බුක් වෙත පිවිසෙන අතර පසුගිය කාලයේ ඈත්ව සිටීම ගැන සමාව ඉල්ලා සිටින අතර අනතුරුව තම මානසික ව්‍යාකූලත්වයන් ගැන කතාකරන්නේය.
    ඔහු කඩා වැටිණි. ඔහුගේ රෝග තත්වය උත්සන්න විය. ළමා ජීවිත දෙකක් අහිමි කර ඔහුද දිවියෙන් සමුගන්නේ මෙම පීඩාවේ උපරිම තලයේදීය.
    මේ කියන පවුල් ප්‍රශ්න කවර ආකාරයෙන් විසඳාගන්නට ඉඩ තිබුනාද එසේ නොවීද යන්න දන්නේ ඔවුන්ම පමණි. නමුත් සොඳුරු අනාගතයක් හිමි ආදරණීය ජීවිත දෙකක්ද මෙම ගැටලුවට මැදිව නිරපරාදේ මැකී ගොස් තිබුණි.
    පර්ත් නුවරම මේ ගැන අද කම්පාවෙයි.
    පර්ත් නගරාධිපති මාර්ක් මැක්ගවුන්ද මෙම කම්පිත සිද්ධිය ගැන විශේෂ නිවේදනයක් නිකුත්කරමින් කම්පාව හා ශෝකය පළ කර තිබේ.


    AVvXsEgl3Qvd7hu_8oCKWmb1Oj46yA3Zbcw0LTi7MW9_04qOjLGXSUwtDwnUo7uHghwUVl_ykAk_FS0pnebmTsGyQlTKJjg09QA2n3Opt2dM-RQCBPzFoIeKJIId7rRC-aLyMmPgNnyZ8EXx-TM5n_iOcvLEA9E3aSRNE9weNL4-_RPtf2AplCaFkPVxxNMD9Q=s16000

    AVvXsEjOOqWDEijqc636YwMvyhwxU6nBO2No3UcqN-Z4pR9Gc3UOfxdTW4X8Ym1zeGt_M2V75IG5jFkPOMqhPz9rID_Xj463bsM9NAmdAZq5aepEO-8vwHsfDIEyF7Zp_76SFoDaiMfuJvJfhyvLJyxQMBxGlZntug43pvgKQ3LuXz5PSl0BwKpXwHOS2HzI4A=s16000


     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    කොච්චර නැ කිව්වත් rasicm තියනව බන්.
    විශේශයෙන් ඉරිදට පල්ලි යන නාකි වේසියොයි... ඒස බල්ලොයි තමයි.
    පොඩ්ඩක් youtube එකේ එහෙම බලපන් karen සීන්.
    වැඩි හරියක් නාකි සුදු බැල්ලියො.
    අනික පොරගෙ ඇග එහෙම බලහන්. කල්ලෙක් වගේ සයිස් එකට හැන්ඩ්සම් එකට ඉන්නවනෙ
    Told you so 😐😐
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මිනිස්සු මැරෙන ඒක හැර වෙන විසඳුමක් නෑ කියලා හිතෙන තැනක හිර වුණාම වෙන දේවල් 🙁
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    පුලුවන් තරම් අරූගේ ඔලුව අව්ල්කරලා දරාගන්න බැරිතරම් ප්‍රෙෂර් එකක් දීලා ...දැන් ඉතින් මානසික රෝගීයා, පිස්සා කියලා ලේබල් ගහනවා.
    ලස්සන පව්ල් ජීවිත වනසලා කරන මේ වගේ අපරාද නම් මහ හෙනගහන සක්කිලි වැඩ. :no:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    මිනිස්සු මැරෙන ඒක හැර වෙන විසඳුමක් නෑ කියලා හිතෙන තැනක හිර වුණාම වෙන දේවල් 🙁
    Minisunta daraganna beri taran powerful mind ekak deela tiyenawa.meka nature eke wedak wenna be.aniwa wena lokeken apu set ekak tama minusea hadala tiyenne.earth ekata galapenne ne
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Minisunta daraganna beri taran powerful mind ekak deela tiyenawa.meka nature eke wedak wenna be.aniwa wena lokeken apu set ekak tama minusea hadala tiyenne.earth ekata galapenne ne
    සර්කසම් ද මන්දා😁 මිනිස්සුන්ට මොලේ වර්ධනය වෙන්න හේතු වුණේ කල්පනා කරලා දේවල් හොයන්න පටන් ගත්තා හින්දා සහ ප්‍රෝටීන් බහුලව ලැබුණ හින්දා වගේ දෙයක් මම අහලා තියෙන්නේ.
     
    • Like
    Reactions: GobbaSira