owa gazette karalada ban?
ගැසට් කරේ 2019 . එක්සෑම් තිබ්බෙ දෙකේම දෙසැම්බර් වල. කොරෝන නිසා තනතුරු දෙන්න ඉන්ටවීව් පහුවුණා. දැන් ITI , Petroleum and Lubricant Research Scientist ජොබ් එකට අගෝස්තු 10 එන්න කිව්වා. ඒ අතරම සහකාර රස පරීක්ෂක තනතුරත් ලැබෙන්න ඉඩ තියෙනව. මොකද ඒකෙ ඉන්ටවීව් නැහැ. Competitive එක්සෑම් එකේ රෑන්ක් එක අනුවයි තතුර ස්වයංක්‍රීයව ලැබෙන්නෙ. ඒ අනුව ඒ තනතුර අනිවාර්යයෙන් ලැබෙනවා. මේ දෙකෙන් හොඳ එක තෝර ගන්න එක ලොකු ප්‍රශ්නයක්.
සහකාර රස පරීක්ෂක තනතුරට අවම සුදුසු කම
රසායන විද්‍යා විශේෂ උපාධියක දෙවන පෙළ පහළ සාමාර්ථයක් (Second Lower) තිබීම. ඒ සුදුසු කම තියෙන වයස 28 ට අඩු අයට බුද්ධි පරීක්ෂණයක් සහ සාමාන්‍ය සම්ප්‍රජානන ප්‍රශ්න පත්‍ර දෙකක් විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනවා. එයින් ඉහළම ලකුණු ගන්න අය සුදුසුකම් සපුරලා නම් තනතුරු දෙනවා. ඒ තනතුර සහකාර පොලිස් අධිකාරි , සහකාර දිසාපති හා සමාන විධායක තනතුරක් කාර් පර්මිට් එහෙමත් ලැබෙනවා.
පර්යේෂණ විද්‍යාඥ කියන්නෙ ඇකඩමික් තනතුරක්. ඒකට අවම සුදුසුකම
රසායන විද්‍යා විශේෂ උපාධියක දෙවන පෙළ ඉහළ හෝ ප්‍රථම පංති සාමාර්ථයක්(Second Upper or First class) තිබීම. ඒ කියන්නෙ ඒකට සහකාර රස පරීක්ෂක තනතුරට වඩා one step high සුදුසුකමක් ඕන මේ තනතුරට ලකුණු දෙන නිසා ඉන්ටවීව් එකේදි ගොඩක් PhD තියෙන අය තමයි තේරෙන්නෙ. ඒකෙ පඩිය සහකාර රස පරීක්ෂ්කට වඩා තරමක් වැඩියි (+20000) ක් විතර මුලින්. නමුත් පර්මිට් , විධායක නිල නිවාස, මාණ්ඩලික වරප්‍රසාද ලැබෙන්නෙ නැහැ.