පර්සනල් ගන්ඩ එපා.ඒත් ඇයි මෙහෙම වුනේ?

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අනුන්ට ඉරිසියා කරන එක නවත්තලා තමන්ගේ දියුණුවක් බලා ගැනීම විතරක් කලත් ඒ ඇති මේ රට මිට වඩා දියුණු වෙන්න.
     

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    කපටිකම. උඩම ඉන්න එකාගෙ ඉදන් ටකරමකට රැවටිලා චන්දෙ දෙනා එකාගෙ දක්වා හැමෝම බලන්නෙ කපටිකමෙන් ගොඩ යන්න... සාමුහිකව රට උඩට ගන්න ඕනේ නෑ කාටවත්.... ඕක මේ ලෝකෙ පුරාම තියන දෙයක්. (ලෝකෙ විනාස වෙනවා කියල දැන දැන ප්ලාස්ටික් වලින් පුරවන්නෙ ඒකනෙ) .

    ශෝට්කට් වලින් හැමෝම ගේම් ගහන්න අරගෙන පද්ධතිය විනාසවෙලා තියෙන්න. පගා ගන්න , හොරට ඉන්න පුලුවන් හින්දා රජයේ රස්සාවක් ගන්න , හෙලුව/බොරුව මාකට් කරල හරි සල්ලි හොයන්න, දේශපාලෙනට කඩේ ගිහින් ජොබ් එකක්/පොසිශන් එකක් ගන්න. කැලෑ නීතිය තමා දුවන්නෙ දැන්. සුදුස්සට සුදුසු තැන හම්බෙනවා වෙනුවට පුලුවන් එකා පැනගන්නවා...එතන ඉදන් හැමදේම අව්ල් වෙනවා...

    මොලේ තියන උන් කපටි උනාම උන් උන්ගෙ මොලේ පාවිච්චි කරන්නෙ ගේමක් ගහන්නමයි... රටට දෙයක් කරන්න නෙමේ..
     
    • Like
    Reactions: Leb

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සෑහෙන්ඩ MBA , CIMA, FINANCE ,MANAGEMENT ඩිග්‍රී හෝල්ඩර්ස් ලා ඉන්න රට ඇයි බන් මෙච්චර ඩොලර් හිඟවුනේ?
    බැලුවොත් බිස්නස් කන්සල්ටේෂන් ලා දස අත.

    ඇයි මෙච්චර තේ පොල් රබර් ඇඟලුම් වලින් එහාට අපිට යන්ඩ බැරි වුනේ? :unsure:

    හැමදේටම තෛලේ දේශපාලනය කියලා මුව හමට තලන්නා වගේ ඒකටම තලන්නේ නැතුව උත්තර දීපල්ල. :unsure:
    මෙතන ප්‍රශ්නයක් තියෙන්නෙ ඩිග්‍රියේ වත් උගත්කමේ වත් නෙවෙයි. ඒවයෙත් ප්‍රශ්න තියෙනවා නමුත් ලංකාවෙ සිස්ටම් එකේ ප්‍රශ්න තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමා අප්ඩේට් නැති කම. තරුණ නායකත්වයේ තියෙන දුර්වල තා. ඉන්නෙම හැට පැනපු නාකි. උන්ගෙ දැන් මොල මැරිලා. උන්ට හිතලා දෙයක් කරන්න අනාගතේ ගැන හිතන්න තේරෙන්නෙ නෑ.. උඹලා උඹලගෙ සීයගෙන් ආර්තික ප්‍රශ්න අහන්නෙ නෑ නේ ? තාක්ෂනය ගැන සීයගෙන් අහන්නෙ නෑ නේ... සියේ නැනෝ තාක්ශනේ කියන්නෙ මොකද්ද කියලා අහන්නෙ නෑ නේ. ප්‍රවාහන ගැටලු වලට සීයගෙ අදහස මොකද්ද කියලා අහන්නෙ නෑ නේ... ඉතින් දැන් ඉන්න ඔය නායකයොත් කාගෙ හරි සීයෙක් තමා...

    අපේ රට කවදාවත් කිසිම එකෙක්ට අත දුන්නෙ නෑ...හොඳම උදාහරනෙ ඩොක්ටර් ලෝරන්ස් පෙරේරා.- මයික්‍රො කාර්ස්

    මිනිහට එතනින් එහාට යමක් කරන්න අත දුන්නෙ නෑ.. බැරිම තැන මිනිහා කලේ මොකද්ද රටින් පාර්ට්ස් ගෙනැල්ලා ඇසෙම්බල් කලා.. ඉතින් කිසිම රජයකින් නව නිශ්පාදන වලට අත දුන්නෙ නෑ.. අපේ රටේ පී සී ආර් මැචින් හැදුවා වෙන්ටිලේටර්ස් හැදුවා බයික් හැදුවා බයිසිකල් හැදුවා එක එක තාක්ෂනික උපකරන හැදුවා එකෙක්ට වත් අත දුන්න ද ? ලංකාවෙ කැම්පස් වල කොච්චර නව නිශ්පාදන වෙනව ද? උන් තමන්ගෙ වියදමෙන් එක්සිබිශන් වලට ගිහින් දිනලා එනවා.. ඇවිල්ලා සහතිකේ අල්මාරියෙ දාන් පාඩුවෙ ඉන්නවා.. අත දුන්නෙ නෑ වෙලඳ පොලක් හදලා දුන්නෙ නෑ... ඉන්දියාව උදාහරනෙට ගනින්. ඉන්දියාවට තමන්ගෙම බ්‍රෑන්ඩ් එකක මොබයිල් ෆොන් තියෙනවා ( චයිනීස් පාර්ට් වෙන්න පුළුවන් ) මියික්‍රොමැක්ස් විවො වගේ. ලංකාවට තමන්ගෙම බ්‍රෑන්ඩ් එකක ෆොර්න් එකක් කො ?

    මේ ඉන්න කාලකන්නින්ට එච්චර දෙයක් තේරුම් ගන්න අනාගතයේ ප්‍රශ්න තේරුම් ගන්න දියුනු වෙන්න තේරුම් ගන්න මොලයක් නෑ හිතෙන්නෙ නෑ... ලෝකෙ සේරම නැනෝ තාක්ශන රොබෝ තාක්ශන ගැන කතා කරනකොට අපේ මී හරක් මීක් නෑ. ඇයි උන් ඉගෙන ගෙන නෑ... මොකද අපේ රටේ කුශිකර්ම ඇමතිට ඉන්නෙ මාල හොරෙක්. වරායෙ එකා මාල කඩපු හොරෙක්. සෞඛ්‍ය ඇමති මුට්ටි පාකරන එකෙක්. පැනි බොණ එකෙක්. සෞඛ්‍ය ගැන ඇමති කම් කරන්න පුළුවන් ද එසේ මෙසේ එකෙක්ට.. අඩුම සාමාන්‍ය පෙල දැනුම තියෙන ඇමති කෙනෙක් උනා නම් කොරෝනා හොඳ කරන්න මුට්ටි විසි කරයි ද.. ඉතින් රටට විහිලුවක් උන පාලකයො එක්ක මොන ඩොලර් ද.

    ඇයි අපිට තේ පොල් රබර් වලට වඩා එහෙට යන්න බැරි වුනේ. ඔව් ඕවා සුද්දො වවලා ගිය නිසා හොඳයි... උනුත් වවලා නොගිය නම් අපිට හුලන් බිබී ඉන්න කාලකන්නි ජාතියක් කියලා ලෝකෙම උන් කියයි... අපිට විදේෂීය විනිමය ලැබෙන ප්‍රධාන මාර්ඝ තමා තේ රබර් සහ ශමික වෙලඳාම. අපි වෙන රටවල් වලට බැල මෙහෙවර කම් කරන ජාතියක් බං... තේත් නැත්නම් රබරුත් නැත්නම් ගාමන්ට් ටිකත් නැත්නම් තමන්ගෙ ශ්‍රමය විකුනන ජාතියක්. කොටින්ම අපි සර්වන්ට්ලා

    ගාමන්ට් ගැන හිතමු. අපි ප්‍රධානම ආදායම් මාර්ගය ඇඟලුම්. අඩුම ඒකෙන් එන ආදායමෙන් එක රෙදි කෑල්ලක් ලංකාවෙ නිශ්පාදනය කරගන්න පුළුවන් ද බොත්තමක් ? ඉදිකට්ටක් ? නූලක් ? නූල් ටික ගෙන්නන්නෙත් කෝස්ට් ත්‍රෙඩ් කියන කම්පැනි එක. ඒකත් ඉන්දියාවෙන්. ඉතින් මේවා ගැන ඉදිරිය ගැන දකින්න පුළුවන් තරුණ නායකයෙක් ඉන්න ඕන. දැක්මක් තියෙන නායකයෙක් ඉන්න ඕන. හැම නාකියම ප්‍රතිපත්ති ප්‍රකාශන වල සුන්දර හීන මවලා චන්දෙ ලැබුන ගමන් ඒක විසි කරලා දාලා නීතිය කරේ තියන් බයිලා ගහනවා... සුදුසු මුනිහෙක් සුදුසු තැන් වල නෑ...ඉට හපන් විහුළු කාරයෙක් තමා අජිත් නවාඩ් කබ්‍රාල් කියන්නෙ. මහ බැංකුව කියන්නෙ රටේ ආර්ථිකයෙ තියෙන මර්මස්ථානයක්. උගේ ආර්තික ප්‍රතිපත්ති දැක්ම මත රට නැති බංගස්ථාන කරන්නත් රට සුරපුරයක් කරන්නත් පුළුවන්.. ඌ ඇවිල්ලා දේශපාලන උන්ගෙ පදේට නටන රූකඩයක් විතරයි...

    අපේ රටේ සල්ලි කාරයො ටිකක් ඉන්නවා.. මොලකාරයො ටිකක් ඉන්නවා.. උන්ගෙ තියෙන දැක්මට උන්ගෙ තියෙන උනන්දුවට යන්තම් මේ රට මෙහෙම හරි දුවනවා. නැත්නම් ඒකත් නෑ.... කියනවා නම් මට කියත හැකි සතියක් උනත්.. ඒත් මේ කිව්ව එක හොඳට තේරෙනවා ඇති කියලා හිතෙනවා... කොච්චර කිව්වත් නාකි හුත්තිගෙ පුතාලට පුක දෙන ඉරෝශන් වගේ පොන්නයොත් රටේ ඉන්නවා.. උන් කරන දේ හරි කියන වහල්ලුත් ඉන්නවා.. ඕකුන් ට හෙන ගහපු දවසට රටට හරි යයි.. නැත්නම් හැමදාම හිඟන රටක් විදියට ජීවත් වෙන්න තියෙන්නෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,841
    113
    Nidahas adyapane athikaraddi mula plan eke thibuna wage english medium walin ganan/widyawa igannuwa nam mita wada hoda thathwayak thiyei kiyala hithanawa.
    මේ කතාව හරි. කන්නංගර මැතිඳානන්ගේ නිදහස් අධ්‍යපන ක්‍රමය ඒ කාලේ හැටියට ආසියාවෙන්ම පළමු තැනට වගේ තිබුණු එකක්. බණ්ඩාරනායක බේසිගේ පුතා නිදහස් අධ්‍යපනයට කෙලවන්නමයි සිංහල රාජ්‍ය භාෂා පනතක් ගෙනල්ලා සිංහලෙන් උගන්නලා ළමයින්ව මෝඩයෝ කලේ. උගෙන් පස්සේ ආපු එක ෆකෙකුට ෆකියකුට ඒ වැරද්ද හරිගස්සන්න උවමනාවක් තිබුනේ නෑ. ලී ක්වාන් යූ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය හිතලවත් නැති කාලෙක තමයි කන්නංගර ශ්‍රීමතාණන් රටේ පොදු ජනතාවගේ දරුවන්ට නොමිලේම ඉංග්‍රීසි මාධය අධයාපනය දෙන්න පටන් ගත්තේ.
     
    • Like
    Reactions: this_is_doge

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවේ තියෙන්නේ ව්‍යාපාර කරන්න සුදුසු පරිසරයක් නෙමේ. අලුතින් කර්මාන්තයක් පටන්ගන්න එකාට ඒක පටන් ගන්න එකම එපා කරවල උව කාලකන්නි කරලා චෝර කරලම දන්න තමයි රාජ්‍ය ආයතන බහුතරයක් ක්‍රියා කරන්නේ. මමත් කර්මාන්තයක් කරනවා. හරිම කලකිරීමෙන් ඉන්නේ.එක එක කාර්යාල වලට ගිහින් ඉල්ලන documents දෙන්න ගිහාම සේරම එපා වෙනවා
    ඔව්
    නීත්‍යානුකූලව බිස්නස් එකක් පටන් ගන්න ගියත් කීදෙනෙකුට පගාව දෙන්න වෙනවද කියලා කරන උන් විතරයි දන්නෙ. ඩොකුමන්ට් හරියට කරත් නැති මඟුල් කිය කියා පගාව ගහන්නමයි හදන්නෙ. මන් අඳුරන කෙනෙක් ලී මෝලක් කරනවා. එයාගෙම ලොකු ඉමක, පිට උන්ට සද්දක්වත් ඇහෙන්නෙ නෑ. පීඑච් අයි ඕක බලන්න ඇවිත් වටේ පිටේ මිනිස්සුන්ට කරදරයි කියලා කේස් දාලා , පස්සෙ කියලා උන්ගෙ ඔෆිස් එකේ පාටියක් තියනවා කුකුල්ලු 20ක් ඕන කියලා. රු:10,000ක් ගලවලා. පොලිස් කාරයො දෙතුන්දෙනෙකුත් ඉන්නවා නිතරම එනවා පිනට බීලා යන්න.
    අනිත් ඒවටත් ඔය කතාවම තමයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,103
    113
    ඉතිං ප්‍රොෆෙශන්ල් උන් එළියේ ඉදං ශිෂ්‍යත්වේ ෆේල් උන්ව පාර්ලිමේන්තු යවනවානේ
    Ehema yawala unta Sir kiyagena dekatath nawenawa lol
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    පොඩි වැඩ කියන්නෙ මොනවද?
    පදරෙරු ,මේසන් ,කාර්මික වැඩද ?
    ඔය රස්සාවලට උවමනා දැනුම කුසලතාවලින් බාගයක්වත් ආණ්ඩුවෙ ලිපිකරු ජොබ් එකක් කරන්න උවමනා නැහැ මන් නම් කියන්නෙ .

    උපාධි අරන් කරන වැඩ මොනවද ?

    ආර්ට් ඩිග්‍රි කීයක් අවුරුද්දකට පිට වෙනවාද ?
    ඒ ගන්න ආර්ට් ඩිග්‍රි එවුන් තමන්ගෙ ක්ෂෙස්ත්‍රයට කරලා තියෙන සුවිසෙෂි දේවල් මොනවාද ?
    අඩුම ගානෙ ඔය ආර්ට් ඩිග්‍රියක් තියෙන එකෙක් කලාත්මක පැත්තෙන් අළුත් දෙයක් වත් කරලා තියෙද ?
    ෆිල්ම් එකක් ? ටෙලියක් ?
    කොමර්ස් ඩිග්‍රි කීයක් පිට වෙනවාද ?
    උන්ගෙනුත් වෙන්නෙ මොනවද ?
    ඒ වගෙම සයන්ස් ෆිසිකල් ඩිග්‍රි ?
    ආර්ට් ඩිග්‍රි වල නැති පන්නරයක් නම් තියෙනව
    එත් උනුත් අන්තිමට අර ආර්ට් කොමර්ස් කරපු උන්ගෙ ගණටම තම බහුතරයක් වැටෙන්නෙ ?
    රජයෙ රස්සවක් කරගෙන ඉන්නවා ඩිග්‍රි එක සුදුසු කමක් විදියට පෙන්නලා .

    හරියට බැලුවොත් උන් කරන්නෙත් මහ ලොකු උගත් කමක් අවැසි වැඩත් නෙමෙ.
    උන් ඒ කරන වැඩෙ කරන්න අකුරු ලියන්න කියන්නයි පොඩි කම්පියුටර් දැනුමකුයි විතරයි අවශ්‍ය .
    මන් කිව්වෙ ඔය රජයෙ ලිපිකරු ඉඳන් කලමණාකරු වෙනකන් තියෙන රස්සාවල්.
    සංවර්ධන නිලධාරීන් වගෙ දේවල් .
    ඒ වගෙම ගුරු පත්වීම් එහෙම .
    ගුරු පත්වීම් වලත් ගුරුවරු උගන්වන විෂයන් කීයෙන් කීයක් වැඩක් වෙන දේවල් ද ?

    අපෙ කාලෙ තිබ්බා .
    ප්‍රායොගික තාක්ෂණ කුසල තා කියලා එකක්.
    මෙලො වැඩක් නැහැ.
    තව තිබ්බා ඕ ලෙවල් කොමර්ස් .
    එතකොට භූගෝල විද්‍යාව,
    නාට්‍ය හා රංග කලාව.
    කලා විෂයෙ තියෙන බොහොමයක් විෂයන් ?


    මෙව්වා කිසිම තෙරුමක් වෙන විෂයන් නෙමෙ.
    හරි ප්‍රයොජනයක් ජීවිතෙට ලැබෙන විෂයන් තියෙන්නෙ ඉගැන්වීමක් කරන්නෙ ශිෂ්‍යත්වෙ වෙනකන් විතරයි .

    ඊලඟට ඒ ලෙවල් මැත්ස් වල තියෙනවා යම් පන්නරයක් අනික් විෂයන් වලට නැති.
    ඔන්න ඔය ඒ ලෙවල් මැත්ස් සහ ශිෂ්‍යත්වෙ වෙන කන් තියෙන ඉගැන්වීම් තමා ඉස්කොලෙ අධ්‍යාපනයෙ වැඩකට ඇති විෂයන් ලෙස මට නම් පෙන්නෙ .

    ඉතිං ඒ වයෙ ගුරුවරු ඇරුණහම අනික් සෙරොම සබ්ජෙක්ට්ස් වල ගුරුවරු තෙරුමක්ම නැහැ .
    බුද්ධාගමෙ උනත් අපි බුදුන් වඳින එක ඉඳලා හිටලා දානයක් දෙන එක කරනවා ඇරුණහ යටගිය දවස බරණැස් නුවර අහවල් කාරිය උනා අහවලාට කියන එක අපිට අදාලම නැහැ නෙ ?
    සිංහල සාහිත්‍ය සිරියාවතීගෙ යට ගවුමෙ ඉස්සුවෙ කවුද ,කවදාද ? කොතනදීද කියන වගෙ දෙවලුත් අපිට ජීවිතේට වැඩක් වෙනවද ?

    ඕ ලෙවල් ගණිතය වෙනකන් ගත්තොත් හිතලා හදන්න ගණන් තියෙවිද ?
    කට පාඩම මිසක් වෙන කුමක් වෙනවාද ?
    ඉංග්‍රිසි උගත්තත් වසර 11 ක් ඉංග්‍රිසි වචනයක් කතා කරගන්න පුළුවන්ද ?
    විද්‍යාව විෂය උනත් එදිනදා ජීවිතෙදි පාවිච්චියට වැදගත් වෙන කීයක් ඉගැන්වීමක් වෙනවාද ?
    සෞන්දර්‍ය ,සංගීතය, නැටුම් ,චිත්‍ර නම් කමක් නැහැ .
    එත් චිත්‍ර උනත් ප්‍රදර්ශණයකදි විතරයි වටින්නෙ.
    සංගීතය සහ නැටුම් තමා වැඩි හරියක් ඉස්කොලෙ කාලෙ කැපි පෙනුනෙ .

    මේ මගෙ මතය .
    mage point eka une oya kiyala thibunu me tikata "තදාසන්න ප්‍රදේශ කීපයක ඇරුනම උසස් පෙල වැඩ තුන අසමත් බහුතරයක් තමයි ඉන්නේ රටේ" othana kiyala thibune nikan hama wadakatama upadi ona wagene. usas adyapanay labanna susdusukam thiyana ayagen sulu pirisayi University walata ganne apita pahasukam nathinisa. podi wada kiwwe oya kiyala thiyanawa wage wada thamayi

    නෑ නෑ පොතේ ගූරාලා වැඩි වීම තමයි කේස් එක.. 🤭🤣🤣🤣🤣

    මුන්ට කියලා වැඩක් නෑ බන්. ලංකාවෙ ඉන්න හිතන් ඉන්න මධ්‍යම පාන්තික පවුලක එකෙක්ට මට නං දෙන්න තියෙන උපදෙස් තමයි.

    1. හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් ඩිග්‍රියක් කරපල්ලා රස්සාවම බලාගෙන. (හොඳ රස්සාවක් කියන්නෙ මොකක්ද කියලා මම අදහස් කරන දේවල් තියෙනවා)
    2. හරිහමන් නීතියක් නැති උත්තෙ රටක බිස්නස් කරන්න තියා හිතන්නවත් එපා මුලින්.

    මොකද ඇත්තටම රට යන විදිය තේරුම්ගත්ත එකෙක් නං උඩ මම දැක්ක වගේ ගොන් conclusions වලට එන්නෙ නෑ. මට type කරන්න බෑ ඒවා දිග වැඩියි.

    රටේ අධ්‍යාපනයයි ඒකට එකම/ලොකුම හේතුව කියන අයට තේරුම් කරවන්න මට නං එක හොඳ ක්‍රමයයි තියෙන්නෙ. ප්‍රායෝගිකව දෙයක් කරවලා තේරුම් ගන්න ඉඩ දෙන එක.

    ප.ලි : අධ්‍යාපනයේ බලපෑමක් නෑ කියන්නෙ නෑ.
    ohoma adyrayamath wenna epa apitama kiyala ratak thiyana ekma loku sahanayak ratak palanaya karana eka lesi na visheshayen dumb samajayak ekka.
    ------ Post added on Sep 15, 2021 at 9:45 PM

    මුදල් ඉපයීමයි මුදල් කළමනාකරණය කියන්නේ දෙකක්. මුදල් උපයන්න ඕනේ ්‍යාපාරිකයෝ සහ කර්මාන්ත. ඒ උපයන මුදල් කළමනාකරණය කරන්නේ ඔය ත්‍රෙඩ් එකේ දාල තියෙන වෘත්තිකයන් පිරිස.
    eka thamayi wela naththe mata hithena vidihata. untathithin ihalin niyoga enawane..
    ------ Post added on Sep 15, 2021 at 9:55 PM
     
    Last edited: