පර්සීඩ් උල්කාපාත වර්ෂාව දැක ගැනීමට ශ්‍රී

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පර්සීඩ් උල්කාපාත වර්ෂාව දැක ගැනීමට ශ්‍රී

    apod.jpg


    Perseid-meteor-shower.jpg

    පර්සීඩ් නැමති ප්‍රකට උල්කාපාත වර්ෂාව හෙට සිට තෙදිනක් පියවි ඇසින් දැක බලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකියින්ට උදා වී තිබේ.

    මෙහි උච්චතම දිනය වන ලබන 13 වනදා පැයකට උල්කාපාත 50 ක් පමණ දර්ශනය වනු ඇති.

    තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග මහතා සඳහන් කළේ, වළාකුළුවලින් තොර පැහැදිලි අහසක් පැවතියහොත් මධ්‍යම රාත‍්‍රියේ සිට පසුදා අළුයම වන තෙක් ඊසාන දිග අහස නිරීක්ෂණය කිරීමෙන් මෙම පර්සීඩ් උල්කාපාත දැක බලා ගත හැකි බව ය.
    පසුගිය ජූලි මාසයේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වුණු මෙම උල්කාපාත වර්ෂාවෙන් අගෝස්තු 10 වනදා වනවිට පැයකට උල්කාපාත 15ක් පමණ ද අගෝස්තු 11,12 සහ 13 යන දිනයන් වන විට පැයකට උල්කාපාත 50 ක් පමණ වශයෙන් ද දර්ශනය වන බවත් අහස හරහා ඇදී යන දීප්තිමත් ආලෝකධාරා වශයෙන් මෙම උල්කාපාත පියවි ඇසට දැකගත හැකි වන බව ද ග‍්‍රහලෝකාගාරය ප‍්‍රකාශ කරයි.

    වළාකුළුවලින් තොර පැහැදිළි අහසක් පැවතියහොත් ඉහත දිනයන්හිදී මධ්‍යම රාත‍්‍රියේ සිට පසුදා පාන්දර වනතෙක් ඊසාන දිග අහස නිරීක්ෂණය කිරීමෙන් මෙය දැක බලා ගත හැකිය.

    උල්කා යනු අභ්‍යවකාශයේ පාවෙමින් පවතින කුඩා පාෂාණ කැබලි හෝ ලෝහ කැබලි පෘථිවිය කරා ඇද වැටෙන විට ඒවාට උල්කාපාත යැයි කියනු ලැබේ. සාමාන්‍යයෙන් වසරකට ටොන් 1500 ක පමණ උල්කා වැනි අභ්‍යවකාශ ද්‍රව්‍ය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයට හසුවී පොලොවකරා ඇද වැටේ.
    පර්සීඩ් උල්කාපාත වර්ෂාවට හේතුවනුයේ ස්විෆ්ට් ටට්ල් නම් ධූම කේතුව ය.