පරාජය හමුවේ මහින්ද වියරු වැටෙයි &&&&&
පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වුවහොත් නිසැක පරාජයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවට බුද්ධි අංශ වාර්තා කිරීමත් සමඟම මහින්ද රාජපක්ෂ මහතා වියරු වැටී ඇතැයි වාර්තා වේ. ඒ තත්ත්වය වහාම වෙනස් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ඔහු තම මැතිවරණ මෙහෙයුම් ඒකකයට උපදෙස් දී තිබේ. ඒ අනුව තමන්ට කීකරු ලෙස මෙහෙයවාගත නොහැකි රාජ්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරිවලින් ඉවත් කොට මෙහෙයවා ගත නොහැකි රාජ්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරීවලින් ඉවත් කොට වහාම කොළඹට කැඳවීමටත්, මැතිවරණ දිනට පෙර දිනය හා මැතිවරණ දිනයේදී පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට අපහාස වන ආකාරයට මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමටත් ආණ්ඩුව තීරණය කර ඇත. දකුණේ පළාත්වලින් තමන්ට අත්විය හැකි පරාජය උතුරේදී බලහත්කාරයෙන් හෝ හොර ඡන්ද පාවිච්චි කර ලබා ගැනීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටී.
ඊයේ (24) දිනයේදී කුරුණෑගල පොලිසියට හමුවූ පොදු අපේක්ෂකයාට එරෙහි මඩ පෝස්ටර් තොග හෙට දිනයේදී දිවයින පුරා ඇලවීමට ආණ්ඩුව සැලසුම් කර ඇති පෝස්ටර් තොගයෙන් කොටසක් බවත් වාර්තා වේ. පොදු අපේක්ෂකයාට වැඩි වශයෙන් වාසි සහගත ග්‍රාමීය ප්‍රදේශවල ඡන්ද දායකයින්ගේ හැඳුනුම්පත් පැහැර ගැනීමටද ඔවුන් බියවැද්දීමටද, අවශ්‍ය විටෙක ශාරීරික පහරදීම් හා දේපල හානි සිදු කිරීමටද මැර කණ්ඩායම් යෙදවීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත.
විශේෂයෙන් තැපැල් ඡන්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අවාසිදායක ලෙස පාවිච්චි වී ඇති බවට තොරතුරු ලැබීමත් සමඟම හෙට දිනයේ ජනමතය උපරිම ලෙස කොල්ලකෑමකින් තොරව ජයග්‍රහණය කළ නොහැකි බවට බුද්ධි අංශ වාර්තා කිරීම රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වියරු නියෝගවලට හේතු වී තිබේ.
මේ අතර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විසින් මැතිවරණ කොමසාරිස්වරයාට ලිපි මගින් දන්වා යවා ඇත්තේ ආණ්ඩුව තමන්ට වාසි දායක ලෙස රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් වෙනස් කරමින් සිටින අතර, එහි එක් පියවරක් ලෙස පොලිස් නිලධාරීන් නීති විරෝධී ලෙස මාරු කිරීම් සිදු කරන බැවින් මේ වෙනුවෙන් වහාම මැදිහත්ව එම මාරුවීම් අවංලංගු කරන ලෙසයි.
LT