සිද්ධිය සැකෙවින් මෙසේය.
ඕනෑම පවුලක ප්‍රශ්න ඇතිවන බව අපි පිළිගනිමු.එලෙසම මහින්ද සට්ටැඹියකු වන ජනක සුසිල කුමාරද සිය බිරිද සමග විරසකව සිටින බව පළමුව කිව යුතුය.
ජනකට නයිටීඑන් හි දැනට වරෙන්තුවක් නිකුත් කර සිටින සුදර්මන් රදළියගොඩව මුනගැසෙන්නේ මේ අතර තුරදීය.
විමසුම පිටපත ලියන මහින්ද අඹේසුන්දර අපාගත වීමත් සමග මඩ ෆැක්ටරිය බාරව සිටින සුදර්මන් මොහුගේ ඔළුවට අපූරු අදහසක් දමා ඇත.එනම් තමන්ගේම දරුවා පැහැරගෙන ඔහු ලවා බලහත්කාරයෙන් ප්‍රකාශයක් කියවා එය ජඩමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමයි.ඒ වෙනුවෙන් ඔහුට අවශ්‍ය ගතමනාද ලබා දී ඇත.
ඉන් අනතුරුව මීට සති කිහිපයකට පෙර දරුවාව සිය මව බාරයෙන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති පියා මේවනතුරුත් ඔහුව අයිටීඑන් පරිශ්‍රය හෝ ඒ ආසන්න ප්‍රදේශයක සගවාගෙන සිටියි.
දරුවා ඉකුත් 30 වනදා පැවසුවේ තමාගේ මවව බලහත්කාරයෙන් සිරිසේන පැහැරගෙන ගොස් ඇති බවයි.නමුත් මව දැනට(ඉදිරියට නොදනිමු) යහතින් සිටින අතර සැබැවින්ම පැහැරගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇත්තේ දරුවාවය.
එපමණක් නොව ඊට පසුදින මේ පියාද නයිටීඑන් ඔස්සේ පැවසුවේ දරුවා මෛත්‍රිපාල සිරිසේනගේ බවයි.එහෙත් චමිලා දිසානායක නම් එම තැනැත්තියගේ දරුවා පෙර දින පෙන්වූ දරුවා බව ඔහු නොපවසයි.එසේම දරුවා පෙර දින පැවසුවේ තමාට සිටින්නේ මව පමණක්ය යන්න පමණයි.කෙසේ වෙතත් දරුවාගේ එම ප්‍රකාශ සියල්ල ඔහුව බියට පත්කිරීමෙන් සිදු කර ඇත
අද(02) දරුවාගේ මව චමිලා කුමාරි දිසානායක මහත්මිය සිය සැමියා හා අයිටීඑන් ආයතනය සිය දරුවාව පැහැරගෙන ගොස් ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කර ඇත.