#පරාජිත_සිතුවිලි_පුරුද්දකි. #එය_අත්හරින්න.
“මේ ලෝකයේ ඉන්නේ මිනිස්සු වර්ග දෙකකි. ඉන් කොටසක් පලා යන්නන් වන අතර, දෙවැන්නෝ සටන් කරන්නෝ වෙති.” ලොව ප්‍රකට සටන් කලා ග්‍රන්ථයක් වන ආර්ට් ඔෆ් වෝ පොතේ මේ බව සඳහන් වෙනවා. මේ පොත ලිව්වේ චීන රණ ශූරයෙකු වන සන් ට්සූ. හරියටම හරි. අපි මිනිසුන් විදියට විවිධාකාරයේ බෙදීම්වලට යටත් වෙනවා. මිනිසුන්, රටවල් අනුව, ජාතීන් අනුව, හමේ පාට අනුව, ආගම් අනුව බෙදෙනවා. නමුත් ඒ කොයි කවුරුත් අවසානයේ දී මේ සන් ට්සුගේ බෙදීමට යටත්. පලා යන්නන් සහ සටන් කරන්නන්. පලා යන මිනිසුන් අවසානයේ දී පරාජිතයින් බවට පත් වෙනවා. නමුත් සටන් කරනා මිනිසුන් අවසානයේ දී ජයග්‍රාහකයින් බවට පත් වෙනවා.
පරාජයන් හමුවේ මිනිසුන් අධෛර්යමත් වෙන එක සාමාන්‍ය ස්වභාවයක්. උනන්දුවෙන් විභාගයට පාඩම් කරලා අපේක්ෂා කරන ප්‍රතිඵල අහිමි වුණාම, මහන්සියෙන් වැඩ කරලා අපේක්ෂා කරන උසස්වීම හෝ වැටුප් වර්ධකය අහිමි වුණාම, මහන්සියෙන් පුහුණුවීම් කරලා අවසානයේ දී තරගය පරාජය වුණාම වගේ විවිධ අවස්ථාවල දී අපි මේ විදියට කඩා වැටෙන්න බලනවා. බොහෝ අවස්ථාවල දී දුරකතන ඇමතුම් මඟින්, ෆේස්බුක් මැසෙන්ජර් හරහා මෙවැනි පැමිණිලි ඕනෑ තරම් ලැබෙනවා. “මම මහන්සි වුණා. ඒත් ප්‍රතිඵල නෑ. මම කඩා වැටිලා.” තමන් ඇතුලතින් බිඳ වැටී ඇති බව ඔවුන් පවසනවා. බොහෝ විට මෙවැනි අයට නැවත නැවතත් සිහියට එන්නේ තමන්ගේ පරාජයන් ම පමණයි. තමන් මහන්සි වුණ හැටි, නමුත් අවසානයේ දී තමන්ගෙන් එය ගිලිහී ගිය හැටි වගේ සෘණාත්මක දේවල් ඔවුන්ගේ මනස් ලෝකයේ හොල්මන් කරනවා. අහිමිවීම, අපේක්ෂා භංගත්වය ඔවුන්ව දුර්වල කරනවා. බලාගත්තු අත බලාගෙන, තමන්ට එදිනෙදා කරන්නට තිබෙන වැඩ මඟ හරවා ගනිමින් එතැන් සිට ඇතැමෙක් ජීවත් වෙන්නේ වෙනත් අයෙකුට ඕනෑවට වගේ. නමුත් වැදගත් ම කාරණය ඒ කඩා වැටීම හෝ පසුතැවීම ඔබට කිසිවක් ම ලබා දෙන්නේ නැහැ. මතක තබා ගන්න. එය අනාගතයේ දී ඔබ විසින් ලබා ගැනීමට නියමිත දේ ඔබට හිමි වීම වළක්වනවා. එහෙම නම් එවැනි අවස්ථාවක දී අපි ගොඩ ආ යුත්තේ කොහොම ද?
ඔබගේ දෙවියන් ඔබමය.
ඔබ හිතන්නේ එවැනි තත්ත්වයකට ඔබ මුහුණ දුන්නොත් ඔබව ගලවා ගැනීමේ හොදම පුද්ගලයා කවුරු කියලද? ඔබ විශ්වාස කරන්න. ඔබව බේරා ගන්න පුළුවන්, ඔබව නැගිටුවන්න පුළුවන් හොදම කෙනා ඔබම පමණයි. වෙනත් කිසිදු බාහිර පාර්ශවයකට කල හැක්කේ ඔබට සහයෝගය දීම පමණයි. ඒ ඇයි කියන එක මම පැහැදිලි කරන්නම්.
ඔබ තුල ඇති බිඳ වැටීම කුමක් නිසා ද? ඒ කිසියම් අත්‍යාසන්න බලාපොරොත්තු කඩවීමක් හෝ පරාජයක් නිසා. ඒ කියන්නේ පිටත පරිසරයේ ඔබ මුහුණ දෙන අත්දැකීමක් අවසානයේ දී ඔබගේ කඩා වැටීමට හේතු වී තිබෙනවා. මේකේ ප්‍රතිඵලය වෙන්න පුළුවන් මොකක් ද? තවත් පරාජයක් ම පමණක් බව ඔබට හැඟෙනවා ද? ඒක වෙන්නේ මෙහෙමයි. ඔබ ඉන්නේ මනසින් කඩා වැටිලා නම්, ඔබ වැඩ කරන වේගය, වැඩ කරන ප්‍රමාණය අඩු වෙන්න එය බලපානවා. උදාහරණයක් ලෙස වරක් විභාගයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ විට, ඔබ ඊළග වර විභාගයට මුහුණ දෙනවා නම්, නමුත් ඔබ තුල ඇත්තේ වරක් විභාගය අසාර්ථක වූ සිතුවිලි නම්, ඔබේ වැඩ කිරීමේ වේගය, ප්‍රමාණය මෙන්ම උනන්දුවටත් අර පරාජිත සිතුවිලිවලින් හානියක් සිදු කරනවා. ඔබ නොදැනුවත්වම මේ නැවතත් සූදානම් වෙන්නේ තවත් පරාජයකටයි. හේතුව ඔබගේ පරාජිත සිතිවිලි ඒකට පාර කපමින් සිටීම. එහෙමනම් එය වලක්වා ගන්න පුළුවන් ක්‍රමය මොකක් ද? ඒක තමයි රාත්‍රී කාලයේ ඔබේ නිවසේ හදිසි විදුලි බිද වැටීමක දී ඔබ අනුගමනය කල යුතු ක්‍රමය. ඔබ කල්පනා කරාවි ඒ මොකක් ද ඒ කියලා. ඉවසන්න, මේ කියන්න හදන්නේ ඒ ගැන.
එදිනෙදා ජීවිතයෙන් පාඩම් ගන්න.
රාත්‍රී කාලයේ හදිසියේ විදුලිය විසන්ධි උනොත් ඔබ මුලින්ම කරන්නේ මොකක් ද කියලා මොහොතකට හිතන්න. ඔබ බොහෝ විට ඔබේ ජංගම දුරකතනය අතපත ගාවි. ඇයි ? එහි ටෝර්ච් ඇප් එක තිබෙනවා. නැතිනම් අදුරේම අතපත ගාමින් ගිනි පෙට්ටියක් ඉටි පන්දමක් හෝ කුප්පි ලාම්පුවක් ඇති ස්ථානයක් වෙත ඇවිදගෙන යාවි. මේ හැම දේකින්ම ඔබ අපේක්ෂා කරන්නේ මොකක් ද? ඒ මොහොතේ උදා වූ අඳුරු සහගත තත්ත්වය මග හරවා ගැනීම සඳහා කිසියම් ආලෝකයක් සපයා ගැනීම. එදිනෙදා උදාවන හදිසි අඳුරු තත්ත්වයක දී ආලෝකය වෙත ඇවිදගෙන යන ඔබ, ජීවිතයේ අඳුර පැන නැගුණු අවස්ථාවල දී ආලෝකය වෙත නොගොස් අඳුර වෙත ම ඇදී යන බව ඔබට තේරෙනවා ද? සැබවින් ම අඳුර දුරලීමේ හොදම මෙවලම ආලෝකයයි. ඒ නිසාවෙන් ම ඔබ ඇවිද යා යුත්තේත් ආලෝකය දෙසටමයි. කිසියම් පරාජයක් අත්පත් වූ මොහොතක දී නැවත නැවතත් එය කල්පනා කරමින්, පරාජිත සිතුවිලි වල වෙලෙමින් ඒ හරහා තමන් අධෛර්යමත් කරගනිමින් තව තවත් අඳුරේ ගුලිවෙනු වෙනුවට, මීළගට සිදු කල හැක්කේ කුමක් ද? මේ පරාජිත බවින් මිදෙන්නේ කෙසේ ද යන ආලෝකමත් සිතුවිලි තමන් තුල වර්ධනය කර ගැනීමෙන් පුද්ගලයෙකුට ලබාගත හැකි ජයග්‍රහණ ප්‍රමාණය අති විශාලයි.
සිතුවිලි ප්‍රබලතාවට සිව් වැදෑරුම් ක්‍රමයක්.
මේ ලිපිය ආරම්භයේ ම සටහන් කල පරිදි, සිතිවිලි ඔබව මෙහෙයනවා. පරාජිත ආකල්ප ඔබව දුර්මුඛ කරනවා වගේම, වඩා යහපත් අනාගතයක් සඳහා වූ සුබවාදී ආකල්ප ඔබව බල ගන්වනවා. පරාජිත සිතුවිලි ඔබගේ වේගය, වැඩ කරන ප්‍රමාණය දුර්මුඛ කරන්න හේතු වෙනවා වගේම, සුබවාදී සිතුවිලි ඔබගේ වැඩ කරන වේගය ප්‍රමාණය වැඩි කරන්නට හේතුවක් බවට පත් වෙනවා. කඩා වැටුණු මනසකින් යුතුව අවදි වෙන දවසක් වගේ නෙවෙයි, ප්‍රබෝධමත්ව අවදි වෙන දවසකට ඔබට කරන්නට බොහෝ දේ තිබෙනවා. ඒ නිසාම, ඔබ පරාජිත මාවතෙන් ඉවත් වීමට නම් වහ වහාම කල යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි හැකිතාක් ඉක්මනින් පරාජිත සිතුවිලිවලට සමුදීම. මේක කරන්න පුළුවන්, නමුත් ක්‍රම කිහිපයක් තිබෙනවා අනුගමනය කල යුතු.
01. තමන්ගේ අසමත්භාවය හා ඉන් තමාට සිදු වූ දේ කල්පනා කිරීම මඟ හැර අසමත්භාවය සිදු වූයේ ඇයි දැයි හේතු හොයන්න.
02. නැවත එවැනි හේතුවලට ඉඩ නොදී සමත්වීම සඳහා විධිමත් කාල සටහනක්, චර්යා පද්ධතියක් සකස් කරන්නේ කෙසේදැයි සැලසුමක් සකස් කරන්න.
03. හුදෙකලා වන්නට එපා. හුදෙකලා වන මොහොතේ දී ධනාත්මක දේ හැඟවෙන පොතක් කියවන්නට, චිත්‍රපටයක් බලන්නට හෝ ගීතයක් අහන්නට කාලය වෙන් කරන්න.
04. පරාජයකින් පසු තමන්ව සතුටු කල හැකි ජයග්‍රහණ පොඩි පොඩි දේවල්වලින් ආරම්භ කරන්න. අඩුම තරමේ දවසට තුනක්. ඒක දිනකට පානය කරන ජල ලීටර් ප්‍රමාණය පිළිබද ඉලක්කයක්, කෑම ප්‍රමාණය අඩු කිරීම පිළිබද ඉලක්කයක්, දිනෙකට ආවරණය කරන වැඩ ප්‍රමාණය පිළිබද ඉලක්කයක් උනත් විය හැකියි. ඒ කුඩා ඉලක්ක ජය ගනිමින් ඉන් සතුටත්, ආත්ම විශ්වාසයත් තමන් තුල ගොඩ නැගෙන්නට ඉඩ හරින්න.
භාතිය අර්ථනායක
අභිප්‍රේරක/ පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු.