පරිගණකයේ ආරක්ෂාව උදෙසා

mahel

Banned
Jul 16, 2014
30
10
0
පරිගණකයේ ආරක්ෂාව උදෙසා

1.වින්ඩෝස් අප්ඩේට් නිසි පරිදි ලබාගන්න

තමන්ගේ පරිගණකයට ඇතුලත් කරලා තියෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නම් අනිවාර්යයෙන්ම දෙන Security Patch ඇරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඒ වගේම පුළුවන් නම් කෙලින්ම අප්ඩේට් වෙන්න දීලා තියෙන එකත් හොඳයි. (ජෙනුයින් නම්)
ඒ වගේම ලිනක්ස් හා මැක් යන OS වලත් අළුත්ම අප්ඩේට් අරන් ඉන්න. මෘදුකාංග වුනත් එහෙමයි.


2.ෆයර්වෝල් වැඩසටහනක් ඉන්ස්ටෝල් කරගන්න
attachment.php

තමන් Internet security කියන පහසුකම ලබාදෙන වයිරස්ගාඩ් එකක් භාවිතා කරනවානම් මේ පියවර අත්‍යාවශ්‍යම නැහැ. හැබැයි එහෙම නෙමෙයි නම් හොඳ ෆයර්වෝල් එකක් ලබාගන්න. අඩුම තරමේ වින්ඩෝස් විසින් ලබාදෙන ෆයර්වෝල් වැඩසටහනවත් හොදින් සකසලා තියන්න.


3.ස්පයිවෙයාර් සඳහා ආරක්ෂණ වැඩසටහනක් ඇතුලු කරගන්න

ඔබගේ පරිගණකයේ සිට මොවුන් දැනටමත් සැඟවී සිට ඔත්තු බලනවා විය හැකියි. එසෙනම් ඔවුන් තවදුරටත් රඳවා තබාගන්නවාද යන්න ඔබටම තීරණය කල හැකියි. මුලින් පැවසූ ආකාරයට හොඳ ඇන්ටිවයිරස්+ඉන්ටනෙට් සෙකියුරිටි කියන වර්ගයේ මෘදුකාංගයක් දැනටමත් තිබෙනවානම් ඔබට මෙම පියවරත් අත්‍යාවශ්‍ය නොවේ.



4.බ්‍රව්සර් එකට පොප් අප් නවත්වන වැඩසටහනක් ලබාගන්න

බොහෝවිට පරිගණකයේ ආරක්ෂාවට මෙම පොප් අප් තර්ජනයක් විය හැකියි. එමනිසා ඔබගේ බ්‍රව්සර් එකෙහි හොඳ පොප් අප් ආරක්ෂාවක් නොමැති නම් ‍එවැනි මෘදුකාංගයක් ඇතුලු කරගැනීම ඉතාම නුවනට හුරු ක්‍රියාවක්.



5.තමන්ගේ User Account එකට හොඳ පාස්වර්ඩ් එකක් භාවිතා කරන්න

බොහෝ අය තමන්ගේ නම පමණක් මුරපදය ලෙසින් භාවිතා කරනවා. එය ඉතාමත් අනුවන ක්‍රියාවක්. නිවසේ ඇති පරිගණකයේ පවා අනුමාන කිරීම අපහසු මුරපදයක් භාවිතා කරන්න. හොඳ මෘදුකාංගයක් භාවිතයෙන් ඔබට ඉතාමත් ආරක්ෂාකාරී මුරපදයක් නිර්මාණය කරගත හැකියි.


6.අවුට්ලුක් වැඩසටහනේ සැකසුම් සකසාගන්න

ඔබ ඊමේල් සහකරු විදියට අවුට්ලුක් භාවිතා කරනවානම් නවතම වර්ශන් එක ලබාගැනීමට උත්සහ කරන්න. නමුත් මම අනුමත කරන්නේ ThunderBird වැඩසටහන. ෆයර්ෆොක්ස් හා සමගාමීව ඇති තන්ඩර්බර්ඩ් වැඩසටහන ආරක්ෂාව අතින් Outlook වලට වඩා ඉදිරියෙන් සිටිනවා.


7.හොඳ ඇන්ටිවයිරස් මෘදුකාංගයක් මිලදී ගන්න

තමන්ගේ පරිගණකයට ගැලපෙන හොඳ ඇන්ටිවයිරස් මෘදුකාංගයක් මිලදී ගන්න. පුළුවන් තරම් Internet security ගණයේ මෘදුකාංගයක් මිලදී ගන්න. එය ආරක්ෂාව හොඳින් ලබාදිය හැකි වැඩසටහනක්. මම පාවිච්චි කරන්නේ Norton Internet Security මෘදුකාංගය. ඉතාමත් හොඳින් ආරක්ෂාව ලබාදෙන මෘදුකාංගයක්. ඒ වගේම ලිනක්ස් කර්නල් මත පදනම්ව ඇති මෙහෙයුම් පද්ධතිවලට ClamAV වැඩසටහන යොදාගන්න. මැක් වලට නම් නොදනී.



8.වයර්ලස් සැකසුම් තරකරගන්න

ඔබ WiFi, Bluetooth වැනි ක්‍රම හරහා දත්ත හුවමාරුකිරීම් කිරීමට පරිගණකයේ ඉඩ සලස්වා තිබේ නම් එහි සැකසුම් ඉහල අගයකට ගෙනඒම අත්‍යාවශ්‍ය දෙයක්. WiFi වලින් MAC Filter භාවිතය, හැකිතරම් දිගු සංකීර්ණ WEP Key එකක් භාවිතා කිරීම වැනි ක්‍රියාමාර්ග ගත හැකියි. මන්ද යත් ඔබගේ අන්තර්ජාලය වෙන අය සොරාගැනීමට ඉඩ ඇතිවාක් මෙන්ම ඔබේ පරිගණකයද ඔවුන් සතු විය හැකියි.


9.පරිගණක ආරක්ෂාව පිලිබඳ දැනුම් දෙන E-mail list එකකට සම්බන්ධ වෙන්න

මෙය සමහර අයට නම් එච්චර වැදගත් නැති දෙයක් වුනත් සමහර අයට වැදගත් දෙයක්. අළුතින්ම හොයාගන්න දුර්වලතාවයන් දැනගන්න පුළුවන් මේ හරහා.


10.ඊ මේල්, ඇඩ් වලින් ප්‍රවේසම් වෙන්න

නිරුවත් දසුන්, ඔබත් සමඟ සිරියහනේ තනිවීමට කැමති කාන්තාවන් ඇතැයි විවිධ ඊ මේල් පණිවුඩ, ඇඩ් ලැබෙනවා දක්නට ඇති. ඒවා ක්ලික් කිරීමෙන් වැලකී සිටින්න. හැකිනම් Adblock + වැනි Extension එකක් බ්‍රව්සර් මෘදුකාංගයට ඇතුල් කරගන්න. ඊ මේල් ස්කෑනර් වැඩසටහනක් භාවිතා කිරීමත් නුවනට හුරු දෙයක්. කිසිම දිනක කිසිම කෙනෙක් තමන්ගේ පාස්වර්ඩ් යූසර්නේම් ඉල්ලා ඊමේල්, චැට් මඟින් පණිවුඩ එවූවත් යවන්න එපා. එය ඉතාමත් අනුවන ක්‍රියාවක්.
මම හිතනවා මේ ලිපිය වැදගත් ඇති කියලා. කොමන්ටුවක් දාලා යන්න.
 

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ආපු ගමන්ම හොද ත්‍රෙඩ් එකකින් කොල්ල ගමන පටන් අරන් වගේ..
    හොද වැඩක් මහෙල්
    රෙප් දුන්නා මමත්
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    welcome to family........... onna magen +10......... hebei rajo hoda ewwa dapiya nettam itin apen berila inna wenne ne hode..

    N joy..