පරිගණකයේ බීප් සද්දෙන් කියවෙන දේවල්

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,361
    1,558
    113
    32
    Earth-Cj025
    පරිගණකයේ බීප් සද්දෙන් කියවෙන දේවල්

    noisypc_primary-100047697-large.jpg

    දිග බීප් 1යි, කෙටි බීප් 2කයි – වීඩියෝ දර්ශන ලබාදීමේ දෝෂයක් හටගෙන තියෙනවා. BIOS හරහා වීඩියෝ තිරයක් මගින් වැඩි දුර විස්තර ලබාදීමට නොහැකියි.

    දිග බීප් 1යි, කෙටි බීප් 3යි – වීඩියෝ කාඩ් එකේ ප්‍රශ්නයක් ඇතිවී තිබීම. (එක්කෝ පිච්චිලා, එහෙමත් නැත්තම් නරක්වෙලා).

    දිගින් දිගටම පැමිණෙන බීප් ශබ්දය – RAM එකේ ප්‍රශ්නයක් ඇතිවී තිබීම.

    පරිගණකය ක්‍රියාත්මක වී තිබියදී දිගින් දිගටම අධික ශබ්දයෙන් බීප් නාද වීම – CPU එක අධික ලෙස රත්වීම.

    කෙටි සහ දිගු බීප් කලවමේ නාද වීම – CPU එකේ ප්‍රශ්නයක් තිබීම. (බොහෝවිට CPU එක හානි වී තිබීම).



    Dell පරිගණක වල මේක තවත් ටිකක් වෙනස් ආකාරයට පෙන්නුම් කරනවා.

    Dell-Laptop-Continues-Beeping-at-Startup.jpg


    තනි බීප් නාදය – BIOS ROM එකේ ප්‍රශ්නයක්.

    බීප් නාද 2ක් – RAM එක සොයාගත නොහැකි බව.

    බීප් නාද 3ක් – Motherboard එක ක්‍රියාත්මක නොවන බව.

    බීප් නාද 4ක් – RAM එක ක්‍රියාත්මක නොවන බව.

    බීප් නාද 5ක් – CMOS බැටරියේ ප්‍රශ්නයක් බව.

    බීප් නාද 6ක් – වීඩියෝ කාඩ් එක ක්‍රියාත්මක නොවන බව.

    බීප් නාද 7ක් – CPU Processor එකේ ප්‍රශ්නයක් බව.


    IBM පරිගණක වල මෙය තවත් වෙනස් ආකාරයකට පෙන්වනවා.

    small-bios.jpg


    බීප් නාද නොමැති වීම – විදුලිය නොලැබෙන බව, කාඩ් එක බුරුල් වී ඇති බව හෝ short වී ඇති බව.

    කෙටි බීප් නාද 1ක් – පරිගණකය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන බව.

    කෙටි බීප් නාද 2ක් – මෙහි දෝෂය පරිගණක තිරය ඔස්සේ දර්ශනය කරයි.

    දිගටම බීප් හඬ නාද වීම – විදුලිය නොලැබෙන බව, කාඩ් එක බුරුල් වී ඇති බව හෝ short වී ඇති බව.

    දිගින් දිගටම කෙටි බීප් නාද වීම – විදුලිය නොලැබෙන බව, කාඩ් එක බුරුල් වී ඇති බව හෝ short වී ඇති බව.

    දිග බීප් 1යි, කෙටි බීප් 1යි – Motherboard එකේ ප්‍රශ්නයක් බව.

    දිග බීප් 1යි, කෙටි බීප් 2යි – වීඩියෝ ප්‍රශ්නයක් බව. (Mono/CGA)

    දිග බීප් 1යි, කෙටි බීප් 3යි – වීඩියෝ ප්‍රශ්නයක් බව. (EGA)

    දිග බීප් 3ක් – යතුරුපුවරුවේ හෝ එම කාඩ් එකේ ප්‍රශ්නයක්.

    බීප් නාදයක් සමග හිස් දර්ශන තලයක් – වීඩියෝ සර්කිටයේ ප්‍රශ්නයක් බව.


    Apple Macintosh පරිගණක වල මෙය තවත් වෙනස් ආකාරයකින් පෙන්වනවා.

    2_3.jpg


    Error ශබ්දය ආකාර දෙකකින් නාද වීම – Logic බෝඩ් එකේ හෝ SCSI Bus වල ප්‍රශ්නයක් බව.

    Startup ශබ්දය සමග තිරය දර්ශනය නොවීම – වීඩියෝ පාලකයේ ප්‍රශ්නයක් බව.

    පරිගණකය ප්‍රාණවත් වී ශබ්ද රහිත වීම – Logic බෝඩ් එකේ ප්‍රශ්නයක් බව.

    අධික ශබ්දයක් සමග තවත් අධික ශබ්ද 3ක් නාද වීම – SIMM හි ගැටළුවක් ඇතිව තිබීම.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,361
    1,558
    113
    32
    Earth-Cj025

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අපි දන්නේ බීප් ගෑවොත් කෙලවිලා කියන්ඩ විතරයි.
    rep දෙන්ඩ එපාලු දැන්ම.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,361
    1,558
    113
    32
    Earth-Cj025

    tfs macho
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    beep bump


    අපි දන්නේ බීප් ගෑවොත් කෙලවිලා කියන්ඩ විතරයි.
    rep දෙන්ඩ එපාලු දැන්ම.

    ela machan
    ++++++


    puluwan puluwan ayata Rep dunna. anith ayata passse dennam:yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    Intel කියලා වැටුනට පස්සේ බීප් එකක් වදිනවන්ම් ඒක අවුලක් ද ? අලුතින්ම ගත්ත පරිගනකයක් තිබුණා ඉස්සර ඒක On වෙද්දී බීප් එකක් වැදිලා තමයි ඔන් වෙන්නේ. හිතං හිටියේ ඒ හැටි කියලා.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,361
    1,558
    113
    32
    Earth-Cj025
    Intel කියලා වැටුනට පස්සේ බීප් එකක් වදිනවන්ම් ඒක අවුලක් ද ? අලුතින්ම ගත්ත පරිගනකයක් තිබුණා ඉස්සර ඒක On වෙද්දී බීප් එකක් වැදිලා තමයි ඔන් වෙන්නේ. හිතං හිටියේ ඒ හැටි කියලා.

    danna tharamin naha. Beep Sound eka tika wekak wage thiyenawanam thama awulak thiyenne. aluthin ganna e wala oka thiyenawa bn. On weddi Sound eka enne nathnam Broad eke hari Socket eke hari ledak bn.:yes: