පරිගණකයේ වේගය මදිද? ආයෙත් එහෙම වෙන එකක් නැ&#35

M@ster Che!F

Member
Sep 2, 2011
290
103
0
mawanella
පරිගණකයේ වේගය මදිද? ආයෙත් එහෙම වෙන එකක් නැ&#35

මාගේ සහෝදර සහෝදරියනි , හැම කෙනෙකුටම සුබ දවසක් , මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණකයේ වේගය වැඩි කරගන්න ආකාරයයි . මේක මට කියල දුන්නේ ටෙක්සිලා අක්කි තමයි. ඉතින් මේ පියවර ටික මම කියන විදිහටම අනුගමනය කරොත් ඔයාලගේ පරිගණකයේ වේගය මුලින් ගත්තම තිබුන හා සමානවම නැවත ලබාගන්න පුලුව. ඉතින් මේ වෙනුවෙන් ඔයාලගේ කාලයෙන් මිනිත්තු තිහක් වත් අඩුම තරමේ ඔයාලට යට කරන්න සිද්ද වෙනවා. ඒ මොකද මේල ඉතාමත් දීර්ග වැඩ පිළිවෙලක් නිසා. අලුතෙන්ම ගත්ත මැෂිමක් නම් මේක කරන්න ඕනේ නැහැ, එත් සමහරු ළඟ තියෙනවනේ ඔය පරණ පෙන්ටියම් 3/4 වගේ මැෂින් අන්න ඒවාට මේක ඉතාමත් හොඳ විසඳුමක්. එත් ඔයාට හිතෙනවනම් ඔයාලගේ පරිගණකයේ වේගය මදි වෙලා වගේ කියල ඔයාලට මේක අනුගමනය කරන්න පුළුවන්. හරි ඔන්න හැදින්වීම ඉවරයි.

පරිගණකය ක්‍රියාත්මක වෙන වේගය අඩු වෙන්නේ ඇයි? මේ තියෙන්නේ එකට ආසන්න හේතු

1.ඩෙස්ක්ටොප් එක කුණුගොඩක් වගේ නිසා.
2.StartUp එකේදී වැඩිපුර මෘදුකාංග ලෝඩ් වීම නිසා.
3.වයිරස් පරිගණකයේ ක්‍රියාත්මක වීම නිසා.
4.හාර්ඩ් ඩිස්ක් Fragment වී ඇති නිසා.
5.Registry එක අවුල් සහගත නිසා.
6.හාර්ඩ් එකේ System ෆයිල්ස් වලට හානි වී ඇති නිසා.
7.හාර්ඩ් ඩිස්ක් එකේ Memory Dumps සේව් වී ඇති නිසා.
8.බාවිත කරන මෘදුකාංගයන් වලට අවශ්‍ය Ram මතකය පරිගණකය සතු නොවන නිසා.
9.පරිගණකයේ Processor එකේ වේගය අඩු වීම නිසා.
10. කල් ඉකුත් වී ඇති මෙහෙයුම් මෘදුකාංග බාවිත කරන නිසා.

ඔන්න ඔය ටිකට අමතරව තව බොහෝ හේතු තියෙන්න පුළුවන්.

ඔන්න ඔය ලෙඩ ටික නිසා පරිගණකය පට්ටටම ස්ලෝව් වෙනවා. ෆේස්බුක් ඉන්න ගමන් සින්දුවක් අහන්න බැ, ස්ටක් වෙනවා වගේ. ෆේස්බුක් ගේම් එකක් ගහන්න බැහැ පොඩ්ඩක් ස්ටක් වෙන ගතියක් තියෙනවා, ෆයිල් එකක් උද රයිට් ක්ලික් කරාම ඕපන් වෙන්න ටිකක් වෙලා යනවා. Refresh කරන්න වෙලා යනවා. ඔන්න ඔය වගේ හුඟක් ප්‍රශ්න ඇති වෙනවා. තව games, softwares එහෙමත් දාන්න බැහැ ස්ලෝව් වෙන හින්ද. ඕව ඉතින් හැමෝටම පොදුවේ ඇතිවෙන ගැටළු. ඉතින් අපිට තියෙන්නේ මේ ගැටළු නිරාකරණය කරන එක මගින් තමා අපිට වේගය නැවත ලබා ගත හැකි වන්නේ.ඉහත කී ප්‍රශ්න එකිනෙක නිරාකරණය කර වේගය නැවත ලබා ගන්න හැටි අපි දැන් බලමු.

1).ඩෙස්ක්ටොප් එක කුණු ගොඩක් වගේ නම්

විසඳුම - දෙක්ටොප් එක කුණු ගොඩක් වගේද? මම විසඳුමක් දෙන්නද ඔයගොල්ලොන්ට, ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩ එකක් හදා ගන්න My Gadgets කියල ඒකට ලස්සන Icon එකක් එහෙම දාල හැඩ වැඩ කරලා හදාගන්න. දැන් ඔයාල ඉන්ස්ටෝල් කරන මෘදුකාංග වල ෂෝට් කට් මේ ෆෝල්ඩ එකට දාල තියන්න. ඕන වෙලාව ඔයාලටම පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඔන්න අද ඉදන් ඩෙස්ක්ටොප් එකේ තියෙන්න පුළුවන් මයි කොම්පියුටර් එකයි, මයි ඩොකුමෙන්ට්ස් එකයි, කුණු බක්කියයි විතරයි හොඳේ. ආ තව ඔයාල බාවිත කරන වෙබ් බ්‍රව්සර් එකේ කෙටි මගකුත් දාල තියන්න. ඔන්න මෙහෙම කරන එක එච්චර හුරු නැති දෙයක් තමා අපේ අයට. එත් මේ විදිහ කරලා බලන්නකෝ. මම කියනවට.

2). StartUp එකේදී වැඩිපුර මෘදුකාංග ලෝඩ් වීම නිසා වින්ඩොව්ස් ලෝඩ් වෙන්න වෙලාව ටිකක් වැඩියෙන් යාම.

විසඳුම - මේක වෙන්නේ මෘදුකාංග රාශියක් පරිගණකය ආරම්බ වෙන මොහොතේදී RAM එකට ලෝඩ් වීම නිසා. මේකට පිළියම තමා Start එකට යන්න. RUN එකට ගිහින් MSCONFIG කියල ගහන්න. ඊට පස්සේ එකේ උඩින්ම තියෙනවා Startup කියල පොඩි ටැග් එකක්. අන්න එක ක්ලික් කරලා එකට යන්න. දැන් ඔයාලට දිග ලැයිස්තුවක් පෙනේවි. අනවශ්‍ය මෘදුකාංග වලට වැටිලා තියෙන හරි ලකුණ ඉවත් කරන්න. දැන් එක ක්ලෝස් කරන්න , Exit Without Restart දෙන්න. දැන් ඉතින් එකත් හරි.

සංස්කරණය : Windows 7 සදහා Start menu වල search කරන්න.

3). වයිරස් පරිගණකයේ ක්‍රියාත්මක වීම නිසා ස්ලෝව් වීම

විසඳුම - පිළිගත් ඇන්ටිවයිරස මෘදුකාංගයක් බාවිත කිරීම මගින් මේක මග හරවා ගන්න පුළුවන්. Avast වගේ එකක් නම් හොඳයි.

4). හාර්ඩ් ඩිස්ක් Fragment වී ඇති නිසා ස්ලෝව් වීම

විසඳුම - මයි කොම්පියුටර් වලට යන්න , දැන් එකේ තියෙන හාර්ඩ් ඩිස්ක් එකක් ක්ලික් කරලා Properties යන්න. දැන් ටූල්ස් ටැබ් එකට ගොහින් Defregment කියන එක ක්ලික් කරන්න. මේකට ටිකක් වෙලා යනවා. ඒ යන වෙලාව තීරණය වන්නේ ඔයාලගේ හාර්ඩ් එකේ සයිස් එක අනුව තමා. අඩුම තරමින් මිනිත්තු 20 ක් වත් යාවි.

5). Registry එක අවුල් සහගත වීම විසඳුම - මේක කරන්න අපිට විශේෂිත මෘදුකාංගයක සහය ඕනේ. මේකේ නම තමා Wise Registry Cleaner . ලෝකේ හොඳම එක කියල මම පිළිගන්නේ මේක. මෙගාබයිට් 5 ක් වගේ.

http://www.wisecleaner.com/wiseregistrycleanerfree.html

ඔන්න ඔය ඉහල දාල තියෙන ලින්කුවට ගිහින් ඕක බාගෙන ඕකෙන් Scan කරලා පෙන්වන errors ටික ඔක්කොම fix කරගන්න. Registry Defragment කරන එකත් ඕක මගින්ම කරගන්න. System Files ,Settings ආදියත් ඕක මගින් නිරාකරණය කරනවා. එතකොට එකත් හරි නේ. :ඩී


6.) හාර්ඩ් ඩිස්ක් එකේ Memory Dumps සේව් වීම

memory dump එකක් කියන්නේ පරිගණකයක් Crash වීමකදී දත්ත වල ආරක්ෂාව සඳහා ගන්න පියවරක්. මේවා වැඩි වෙන්න වැඩි වෙන්න පරිගණකය ස්ලෝව් වෙනවා. මේ එක memory dump එකකට 400 එම් බි වගේ ප්‍රමාණයක් වැය වෙනවා. ඉතින් මේ වගේ දහයක් දොළහක් ආවාම සොරිම තමයි. මේකට අපි යොදාගන්නේ සි Cleaner කියන මෘදුකාංගය.

http://www.piriform.com/ccleaner

ඔන්න ඔය උඩින් දීල තියෙන ලින්කුවට ගොහින් ඒක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඒක මෙගා බයිට් 8 ක් වගේ තමයි. ඊට පස්සේ එකෙන් Scan කරලා Fix All කරන්න. එතකොට memory Dumps , Unwanted Caches වගේ ඒවා ඩිලීට් වෙනවා.

7.) බාවිත කරන මෘදුකාංගයන් වලට අවශ්‍ය Ram මතකය පරිගණකය සතු නොවන නිසා

විසඳුම : මම නම් මේකට යෝජනා කරන්නේ අලුතෙන් ram එකක් ගහන්න කියන එකයි. ( ram එක 512 හෝ ඊට වඩා අඩු නම්)

මේ ඔක්කොම කරලා ඉවර වුනාට පස්සේ තමයි නියම වැඩ කාරය එන්නේ. අපේ ටෙක්සිල අක්කි තමයි මේවා අපිට කියල දුන්නේ. (ගුගල් එකේ Tekzilla කියල ගහල බලන්න, මොනා වුනත් ලස්සන අක්ක, අපරාදේ කියන්න බැහැ ලොල්)

ඔය ඔක්කොම කරලා දැන් මේක බාගන්න

http://www.magellass.com/prod-wb.html

මේකේ ට්‍රයල් එකක් තමා දෙන්නේ එත් මේකෙන් ප්‍රයෝජන ගන්න අපිට ඒක හොඳටම ඇති. මේකෙන් තමා අර රයිට් ක්ලික් කරාම ස්ලෝව් වෙන ප්‍රොබ්ලම්ස් නිරාකරණය කරන්නේ. මේක බාගෙන ඉන්ස්ටෝල් කරලා Scan කරලා මතු වෙන දෝෂ සියල්ලම Fix කරගන්න.

වැදගත් යමක් : ඔයගොල්ලෝ සමහර වෙලාවට TuneUp Utilities ,Advanced SystemCare වැනි මෘදුකාංග බාවිත කරනවා නම් ඒවා අන් ඉන්ස්ටෝල් කරලා දාන්න. Advanced SystemCare නම් තියාගන්නම එපා. මොකද එකේ සමහර සෙට්ටින්ග්ස් අපේ පරිගණකයට ගැලපෙන්නේ නැහැ;. TuneUp Utilities එකට මෙමරි යු සේජ් එක වැඩියෙන් යන නිසා එකත් එච්චර හරි නැහැ. ඔය මම දුන්න මෘදුකාංග සියල්ලම පට්ටටටම වැඩ. ඔන්න එහෙනම් ඔයාලත් මේක කරලා බලන්න. මේක 99% ක් ම වැඩ කරන දෙයක්.

හරි එහෙනම් යන්න වෙලාව හරි. අපි කැපුන, ඔබට ජය


M@STERCH!EF!!
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    8.බාවිත කරන මෘදුකාංගයන් වලට අවශ්‍ය Ram මතකය පරිගණකය සතු නොවන නිසා.
    9.පරිගණකයේ Processor එකේ වේගය අඩු වීම නිසා.
    10. කල් ඉකුත් වී ඇති මෙහෙයුම් මෘදුකාංග බාවිත කරන නිසා.


    M@STERCH!EF!!
    මේ ටිකට නෑනේ

    ප්‍රොසා අලුතින් දැමීම,රැමක් ගැසීම,අලුත් හාඩ් එකක් දැමීම
    මේ ටික තමා කරන්න වෙන්නේ පරණ මැෂීන් එකක වින්ඩෝස් දුවන්න නම්

    ඒ උනාට පරණ පෙන්ටියම් මැෂින් එකකට පපිලිනක්ස් හරි ඒ වගේ ලිනක්ස් එකක් දාලා බලන්න නිකමට
    කෝර් අයි සෙවන් තියෙන සෙවන් මැෂින් එකකට වඩා ස්පීඩ් කරනවා අනිවා
     

    M@ster Che!F

    Member
    Sep 2, 2011
    290
    103
    0
    mawanella
    මේ ටිකට නෑනේ

    ප්‍රොසා අලුතින් දැමීම,රැමක් ගැසීම,අලුත් හාඩ් එකක් දැමීම
    මේ ටික තමා කරන්න වෙන්නේ පරණ මැෂීන් එකක වින්ඩෝස් දුවන්න නම්

    ඒ උනාට පරණ පෙන්ටියම් මැෂින් එකකට පපිලිනක්ස් හරි ඒ වගේ ලිනක්ස් එකක් දාලා බලන්න නිකමට
    කෝර් අයි සෙවන් තියෙන සෙවන් මැෂින් එකකට වඩා ස්පීඩ් කරනවා අනිවා

    ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ටිකට නෑනේ

    ප්‍රොසා අලුතින් දැමීම,රැමක් ගැසීම,අලුත් හාඩ් එකක් දැමීම
    මේ ටික තමා කරන්න වෙන්නේ පරණ මැෂීන් එකක වින්ඩෝස් දුවන්න නම්

    ඒ උනාට පරණ පෙන්ටියම් මැෂින් එකකට පපිලිනක්ස් හරි ඒ වගේ ලිනක්ස් එකක් දාලා බලන්න නිකමට
    කෝර් අයි සෙවන් තියෙන සෙවන් මැෂින් එකකට වඩා ස්පීඩ් කරනවා අනිවා

    මගේ අයි සෙවන් තියෙන්නෙ..මේ ලගකදි ඉදල පට්ටම ස්ලෝ වෙලා..:(:(
    මම ටියුන්අප් කියන එක දාන්න ගිහින් කෙළවෙලාද කොහෙද..:(:(
     

    M@ster Che!F

    Member
    Sep 2, 2011
    290
    103
    0
    mawanella
    මගේ අයි සෙවන් තියෙන්නෙ..මේ ලගකදි ඉදල පට්ටම ස්ලෝ වෙලා..:(:(
    මම ටියුන්අප් කියන එක දාන්න ගිහින් කෙළවෙලාද කොහෙද..:(:(

    tune up utilies maru software eka bn supri dagana balapan
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    එළ...... + + +
    11.gif
    11.gif
    11.gif