පරිගණක ආරක්ෂාව සඳහා

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    පරිගණක ආරක්ෂාව සඳහා

    පරිගණක ආරක්ෂාව සඳහා නවීන තාක්ෂණයෙන් යුතු මෘදුකාංග නිපදවීමෙහි යෙදෙන ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක්වන Sophos (සො‍පොස්) සිය නවතම Crypto Guard ආරක්ෂිත මෘදුකාංගය මෙරට වෙළෙඳ‍පොළට හඳුන්වා දී ඇත.

    යමෙක් දත්ත සොරාගැනීමේ ව්‍යායාමයක යෙදෙන බව තත්ත්පර ගණනක් තුළදී හඳුනාගෙන එම අවදානමෙන් පරිගණකය මුදාගැනීමේ හැකියාව Crypto Guard සතුව තිබේ. පරිගණක සර්වරයේ (Server) ආරක්ෂාවද මෙමගින් තහවුරු වේ.

    ඊමේල්, වබේ අඩවි, පරිගණක පද්ධති යන පරිගණක තාක්ෂණයට අයත් සියලු අංශ එක්ව සාමූහිකව ක්‍රියාකාරිවීමේදී ඇතිවිය හැකි විනාශකාරී සහ ආරක්ෂිත බවට තර්ජනයක් විය හැකි අවස්ථාවන් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පරිගණක පද්ධතීන්ගේ ආරක්ෂාව තහවුරු කරන නිමැයුම් රැසක් Sophos (සො‍පොස්) මේ වන විට වෙළෙඳ‍පොළට හඳුන්වා දී ඇත.

    සර්වරයේ (Server) ආරක්ෂාව පිණිස Crypto Guard යොදා ගැනීමෙන් දත්ත ලබාගැනීමට තොරතුරු ලෙස හෝ අමුත්තන් ලෙස හෝ ආරාධිතයින් ලෙස හෝ සමීප වී එම කටයුතු කරගැනීමට වෙහෙසවුන්ගෙන් පරිගණක පද්ධතිය බේරා ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    මෙවැනි කුමන දුර්වලතාවක් තුළින් වුවද දුරස් පරිගණකයක් හරහා දත්ත සොරා ගැනීම වළක්වා ගැනීමට මෙම Crypto Guard උපකාර වන බව Sophos සමාගම පවසයි. තමන්ගේ පරිගණක පද්ධතීන්ගේ ආරක්ෂාවටත් දත්ත මැකීයාමේ අවදානමෙන් මිදීමටත් ලොව පුරා රටවල් 150කට අධික සංඛ්‍යාවක් තුළ පරිගණක භාවිත කරන මිලියන සියයකට අධික පිරිසක් මෙම මෘදුකාංග භාවිත කරති.

    Link

    https://community.sophos.com/kb/en-us/124786
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    අපි ඕක දාලා හොදට නෑවා…. HTTP වලින් වැඩ කරන Custom Built මෘදුකාංග තියනව නම් ඕක දාලා Load test karala, හැම රෙද්දම test කරල දාගනිල්ලා…

    Sophos පොඩි ගේමක් ගහල තියේන්නෙ මේ Crypto Gurd කියලා.. ඔය ඉස්සර Hitman Pro කියලා තිබුන Gurd එක reBrand කරලා… Enterprise Console එක හරහා Manage කරන්න පුලූවන් විදියට හදලා…
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    අපි ඕක දාලා හොදට නෑවා…. HTTP වලින් වැඩ කරන Custom Built මෘදුකාංග තියනව නම් ඕක දාලා Load test karala, හැම රෙද්දම test කරල දාගනිල්ලා…

    Sophos පොඩි ගේමක් ගහල තියේන්නෙ මේ Crypto Gurd කියලා.. ඔය ඉස්සර Hitman Pro කියලා තිබුන Gurd එක reBrand කරලා… Enterprise Console එක හරහා Manage කරන්න පුලූවන් විදියට හදලා…

    a mokadda ban???
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
    TFS mcn..
     
    • Like
    Reactions: comx