පරිගණක ගත මුදල් භාවිතය ආර්ථිකයට තර්ජනයක්

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,359
    567
    113
    උබල එන්නද ?
    පරිගණක ගත මුදල් භාවිතය ආර්ථිකයට තර්ජනයක්

    හර්ෂණ තුෂාර සිල්වා

    කිසිදු අධීක්ෂණයකට හෝ නියාමනයකට යටත් නොවන පරිගණක ගත මුදල් භාවිත කිරීම ආර්ථිකයට සහ ඒවා භාවිත කරන්නන්ට තර්ජනයක් එල්ල කරනු ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිවේදනයක් නිකුත් කළේය.

    පරිගණක ගත මුදල් එසේත් නොමැතිනම් ඩිජිටල් මුදල් යනුවෙන් හැඳින්වෙන මෙම මුදල් පරිගණක කේත ඔස්සේ ක්‍රියාත්මක වන අතර මහ බැංකුවලින් නිකුත් කරන මහජනයා අතර භෞතිකව සංසරණය වන මුදල්වලට වඩා බෙහෙවින් වෙනස්ය.

    ක්‍රිප්ටෝකරන්සීස් යනුවෙන් ඉංග්‍රිසි බසින් හැඳින්වෙන මෙම මුදල් පසුගිය කාලයේදී බෙහෙවින් ජනප්‍රිය වූ අතර ‘බිට්කොයින්’ යනුවෙන් හැඳින්වෙන්නේ එසේ ජනප්‍රිය වූ එක් පරිගණක ගත මුදල් වර්ගයකි.

    මෙම මුදල් වර්ග භාවිතය මේ වනවිට දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද බෙහෙවින් ජනප්‍රිය වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අවධානයන් පසුවන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

    කිසිදු ආකාරයකින් නියාමනයට හෝ අධීක්ෂණයට ලක් නොවන නිසා මෙම මුදල් භාවිතය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් හෝ වගවීමක් නැති බව පෙන්වාදෙන ශ්‍රී ලංකා මහ බැංකුව ඉහළ ද්‍රවශීලිතාවකින් යුත් මෙම මුදල් නීතිවිරෝධී කටයුතු සඳහා වැඩි වශයෙන් භාවිත වීමේ අවදානමක් තිබෙන බව ද පෙන්වා දී තිබේ.

    ඇතැම් විටෙක මෙම මුදල් භාවිත කරන්නන් නොදැනුවත්ම මුදල් විශුද්ධිකරණ නීති රීතිවලට හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම:baffled::baffled: යන චෝදනාවලට ලක්වීමේ ඉඩක් තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

    වත්මන් තත්ත්වය යටතේ මෙම මුදල් භාවිතය ආර්ථිකයට සහා ඒවා භාවිත කරන්නන්ට මූල්‍ය, මෙහෙයුම් හා නෛතික යන තත්ත්ව යටතේ තර්ජනවලට ලක්වනු ඇතැයි ද සඳහන් කර තිබේ.

    එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් භාවිත කිරීම සඳහා කිසිදු සමාගමකට, ආයතනකට හෝ කිසියම් හෝ ඒකකයකට අවසර හෝ බලපත්‍ර හෝ ලබාදී නැතැයි ද එම නිවේදනය ඔස්සේ අවධාරණය කර තිබේ


    Source - http://www.lankadeepa.lk/business/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A-%E0%B6%9C%E0%B6%AD-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA-%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7-%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/9-527466
     
    • Like
    Reactions: Champ_01

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,359
    567
    113
    උබල එන්නද ?
    ekatath kela wanna wage hadanne

    Kela wela iwarai bang. man me lagadi iq option eka try karanna samapth debit card eken payment ekak kara. 2nd payment eka karanna yankota payment unsuccessful wenna gatthama man sampath card center katha karala ahuwa ai ehema wenne kiyala.ethakota un kiwe central bank eken uta kiyala thiyanwalu cryptocurrency gawila thiyana kisima site ekakata payment eka parakata wada karanna allow karanna epa kiyala.:baffled:
     
  • Jul 12, 2012
    447
    74
    28
    bitcoin,forex valata vade denna vage hadanne. diunu rataval evath ekka issarahata yanava.ape gon haththa eva thahanam karanava. hariyata diunu raval agaharu valata minissu yanavanakota ape un evagen apalai kiyala ballontai kaputontai kama danva vage vadak.
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,359
    567
    113
    උබල එන්නද ?
    කවුද බෝයි;23112012 said:
    bitcoin,forex valata vade denna vage hadanne. diunu rataval evath ekka issarahata yanava.ape gon haththa eva thahanam karanava. hariyata diunu raval agaharu valata minissu yanavanakota ape un evagen apalai kiyala ballontai kaputontai kama danva vage vadak.

    :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar188197_1.gif
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මුන්ට බයයි ඉස්සරහට මිනිස්සු මේවට හුරුවුනොත් කාලකන්නි හැතිකරයට හොරාකන්න බැරුව යනවනේ :dull:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    මුන්ට බයයි ඉස්සරහට මිනිස්සු මේවට හුරුවුනොත් කාලකන්නි හැතිකරයට හොරාකන්න බැරුව යනවනේ :dull:

    sahathika athha
     

    Similar threads