පරිගණක ජාල අර්ථනිරුපනය (Definition of Computer Networks)

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පරිගණක ජාල අර්ථනිරුපනය (Definition of Computer Networks)

    උපුටා ගැනීම http://www.fit2school.com/2013/06/definition-of-computer-networks.html#more
    පරිගණක ජාල අර්ථනිරුපනය (Definition of Computer Networks)

    පරිඅගණක ජාලයක් යනු,ස්වාධින පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් පොදු මාධයක් හරහා ඒවා අතර දත්ත හුවමාරු කරගත හැකි සේ සැකසු පද්ධතියකි.සරලතම පරිගණකජාලය ලෙස පරිගණක දෙකක් රැහැනක් මගින් සම්බන්ද කරන ලද අවස්ථාව ගත හැක.
    network_layout_complex.jpg







    පරිගණක ජාලගත කිරීමේ ප්‍රධාන පරමාර්ථය වනුයේ පරිගණක සම්පත් හොවමාරු කරගෙන භාවිතා කිරීමයි.පහත රුපයේ දැක්වෙන පරිදි ජාලගත කර පසු priters ,CD-Roms ,backup-drives ආදී දෘඩාංගය (hardware),මෘදුකාංග (software)විවිධ ලිපි හා ලිපි ගොනු(files and folders) මෙන්ම අන්තර්ජාල(Internet) පහසුකම්, ජාලය තුලින් හොවමාරු කරගත හැක.එක් දෘඩාංගයක් තිබුනත් මෙහිදී බොහෝපිරිසක භෞතිකව ලගාවිමෙන් තොරව(remotely) අවශතා ඉටුකරගත හැක.විශේෂත්වය වන්නේ මෙම ජාලය හා සබැදි පරිගණක හෝ දෘඩාංගයඑකම ස්ථානයක හෝ ආසන්න ස්ථාන වල තිබිම අවශ්‍ය නොවීමයි.තවද මෙම සම්බන්දතා රැහැන් රහිත(wireless) හෝ සහිත(wired)විය හැක.






    පරිගණක ජාලකරණය එහි ප්‍රමාණය හා Area එක අනුව කොටස් 3 ක් දක්වියහැක.

    ස්ථානීය පරිගණක ජාල (Local Area Network)
    පුළුල් ප්‍රදේශ පරිගණක ජාල (Wide Area Network)
    නාගරික ප්‍රදේශ පරිගණක ජාල (Metropolitan Area Network)

    ස්ථානීය පරිගණක ජාල (Local Area Network)

    සීමිත ප්‍රදේශයක ව්‍යාප්තව පවතින පරිගණක ජාලයක් LAN යනුවෙන් හැදින්වියහැක. මේ සදහා අපට Hub, Switch, Bridge, Wireless devices වෙනි උපාංග බාවිතා කල හැක.
    lanwan11.gif





    පුළුල් ප්‍රදේශ පරිගණක ජාල (Wide Area Network)

    වඩාත් පුළුල්, එසේත් නැතිනම් විශාල ප්‍රදේශයක් අවරණය වන පරිදි සැකසා ඇති ජාලයක් මේ මගින් හැදින්වියහැක. ඉහත සදහන් කල උපාංග වලට අමතරව routers මේ සදහා අවශ්‍ය වේ.

    wan.gif





    නාගරික ප්‍රදේශ පරිගණක ජාල (Metropolitan Area Network)


    නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ගොඩනැගෙන ජාලයන් මේ නමින් හදුන්වයි. විශේෂයෙන්ම Wi-fi තාක්ෂනය මගින් පරිගනකයක් සම්බන්ද කිරීම හා දත්ත හුවමාරුව මෙහිදී දෙකිය හැක.

    MAN.jpg


    ජාල ස්ථලක (Topologies)

    බ්‍රසිය (BUS topology)
    jpeg;base642814927897035ec0.jpg


    ජලයේ පරිගණක සියල්ලම එකම රැහැනකට සම්බන්ද වී තිබේ. මෙවෙනි ස්ථලක දැන් බාවිතයෙන් ඉවත්වෙමින් පවතී. එයට හේතුව වන්නේ පරිගණක 2 ක් අතර දත්ත හුවමාරු වන විට අනෙක් පරිගණක වලට දත්ත හුවමාරු කිරීමට නොහෙකි වීමයි.

    තරුමය (STAR topology)
    jpeg;base6419ce01e2e8155cf0.jpg


    සියලුම පරිගණක hub එකකකට සම්බන්ද කරතිබේ.hub එක හරහා දත්ත හුවමාරුව සිදුවෙන අතර එහිදීද යවනු ලබන දත්ත සියලුම පරිගණක වෙත සම්ප්‍රේෂණය කරන අතර අදාල පරිගණකය මගින් පමණක් එය භාරගනු ලැබේ.


    වටමය (RING topology)
    31.jpg

    සියලුම පරිගණක මුදුවක් ආකාරයට සම්බන්ධ කර ඇති නිසා මෙය වටමය ස්ථලක නමින් හැදින්වේ. මෙම RING එක යොදාගෙන දත්ත හුවමාරු කරන අතර දත්ත හුවමාරුව අවසානයේ එය නැවත RING එකට නිදහස් කරනු ලැබේ.කිසියම් පරිගණකයකට දත්ත හුවමාරුව සදහා මෙම නිදහස් token එක ලබාගත යුතුය.




    බැදී ජාලමය (MESH topology)
    %E0%B6%BB77.jpg

    සියලුම පරිගණක එකිනෙක සම්බන්ද වීම මෙහිදී විශේෂත්වය වෙයි. දත්ත සම්ප්‍රේෂණය සදහා මාර්ග කීපයක් පැවතීම නිසා සබදතාව විශ්වාසවන්ත වන අතර ,විශාල ලෙස දත්ත සන්නිවේදනය කල හැකිය.


    දෙමුහුන් (Hybrid topology)
    jpeg;base64c949ff6ae3eaeeba.jpg


    ඉහත සදහන් කල ස්ථලක වල එකකට වඩා වැඩි ගණනක් එකිනෙක සම්බන්ද කළ විට සැදෙන ජාලය ,දෙමුහුන් ස්ථලක නම්කළ හැකිය.




    Posted by Kasun Madusanka
     
    • Like
    Reactions: ilanganthilaka