පරිගණක වයිරස්.!

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
පරිගණක වයිරස්.!

පරිගණක වයිරස්.

Virus වල ක්‍රියාකාරිත්වය පිළිබඳව ලියන්න හිතුන එහෙනම් කියවලාම බලන්නකෝ


වයිරසයක ක්‍රියාකාරීත්වයේ මුලික අවස්ථා
වයිරසයක් ක්‍රියාත්මකවිමේදි එය අනුගමනය කරන මුලික අවස්ථා වන්නේ,
01. පද්ධතියෙන් ප්‍රවේශනය ලබා ගැනිම.
02. ක්‍රියාවිරහිතව සැඟව සිටිම.
03. ප්‍රචාරණය වීම.
04. යම් සිදුවිමකින් වයිරසය ක්‍රියාත්මක වීමට ඉඟි ලැබීම.
05. වයිරසය ක්‍රියාත්මක වීම.

ප්‍රධාන වයිරස් වර්ග

වයිරස මුලික ආකාර තුනකි.

01. Boot Virus
හාඩ් ඩිස්කයේ බූට් සෙක්ටර් කොටසට 'ආසාදනය (infect)' වන බූට් වයිරස්, පරිගණකය ක්‍රියාත්මක වන සෑම වේලාවකම ක්‍රියාත්මක වේ. මෙසේ එකවරක් ආසාදනය වු පසු පරිගණකය නිවැරදිව ක්‍රියාත්මක විමට බාධා පැමිණේ. සාමාන්‍යයෙන් ෆ්ලොපි ඩිස්කට්වල බූට් සෙක්ටර්ස් කොටස්වල සිට දෘඩ තැටියේ බූට් සෙක්ටර්ස් කොටස් දක්වා මෙම බූට් වයිරස් පැතිරේ. ඩිස්කට් ඩ්‍රයිව් හරහා ආසාදිත ඩිස්කටයක් මඟින් පද්ධතිය ක්‍රියාත්මක කිරිමට උත්සහ ගන්නා විට, ඩිස්කටයේ සිට දෘඩ තැටියේ බූට් සෙක්ටර් කොටස වෙත වයිරසය ගමන් කරයි. මෙසේ එක් වරක් ආසාදනය වු විට, වයිරසය ප්‍රධාන මතකයේ (main memory) පවතින අතර අනෙක් ඩිස්කට් වෙත ආසාදනය වේ.
02. File Virus (ගොනු වයිරස් හෙවත් පරපෝෂිත වයිරස්)
ගොනු වයිරස් යනු උපදේශ ක්‍රියාත්මක කිරිමට අදාළ ගොනුවලට (executable files) සම්බන්ධ වන වයිරස් වැඩසටහන්ය. යම් වැඩසටහනක් ක්‍රියාත්මක වන හැම අවස්ථාවකදිම මේවා ක්‍රියාකාරි තත්වයට පත්වේ.
03. Macro Virus (සාර්ව වයිරස්)
වර්ඩ් ඩොකියුමන්ටයක් ෆෝමැට් කරන්නාක් වැනි පරිශිලකයාගේ දැනුවත්භාවය ඇතිව කරන (manual) ක්‍රියාවලියක් වැනි ක්‍රියාවක් ඉබේම සිදුවිම සඳහා (automate) කේත ගත කළ (coded) විශේෂිත උපදේශනය (instructions) ඇතුළත් යෙදුම් එකතුවක් සාර්ව වයිරසයකි. සාර්ව වයිරසයක් සම්පුර්ණ සාර්ව වයිරස් එකතුවක් හෝ ප්‍රධාන නියම මැක්රෝ උපදේශනයක කොටසක් හෝ විය හැකිය. (නියම මැක්රෝවක් යනු යම් පද්ධතියක ඇති පාලන භාෂා සමුහයකට දී ඇති නමකි. මැක්රෝවේ නම ඇතුළු කිරීමෙන් ඒවා ක්‍රියාත්මක කළ හැකිය.)
මැක්රෝ වයිරස් හෙවත් සාර්ව වයිරස් කෙළින්ම එන්නේ මෘදුකාංග නිෂ්පාදකයින්ගේ නියම ඩිස්ක් (original disk) වලිනි. මැක්රෝ වයිරසයක් පරිගණකයට ආසාදනය වු විට පහත ක්‍රියාකාරකම් පෙන්වයි.
අසාමාන්‍ය පණිවුඩ මතුවිම.
පරිගණකයේ මැක්රෝ ලැයිස්තුව තුළ නොදන්නා මැක්රෝ සටහන් විම.
ඉල්ලා නොසිටි මාදිලිවලින් (unintended formats) ගොනු සුරක්ෂිත (save) වීම.
දත්ත නැතිවී යාම.

පරිගණක වයිරසයකින් පරිගණකයක් ආරක්ෂා කර ගැනිම.
පරිගණකයක් වයිරස් ප්‍රහාරයකින් ආරක්ෂා කොට ගැනිමට නොයෙක් මාර්ග තිබේ. ඒ සඳහා දියහැකි පුර්ව උපදේශන මෙසේය.
වාචිකව දෙන අනතුරු හැඟවීම් හා උපදෙස් පිළිපැදිම.
පරික්ෂා කොට නොබැලු ඩිස්ක් භාවිතා කිරිමෙන් වැළකිම.
අවසර නොලත් හෝ පරික්ෂා කොට නොබැලු මෘදුකාංග භාවිතයෙන් වැළකිම.
Anti-virus Software (ප්‍රතිවයිරස් මෘදුකාංග)
වයිරස් තිබේදැයි සොයා බලන ප්‍රතිවයිරස් පරිලෝක (anti-virus scanners) මෙම ප්‍රතිවයිරස් මෘදුකාංග වල තිබේ. මෙම වයිරස් පරිලෝක දෙයාකාරයකි.
01. On-access scanners (ප්‍රවේශනගත පරිලෝකක)
පද්ධතිය ආරම්භ වන සෑම වේලාවකම දෘඩ තැටිය හා ඩිස්කට් ස්වයංක්‍රීයව පරික්ෂා කොට බලයි.
02. On-demand scanners (ඉල්ලුම මත ලබා දෙන පරිලෝකක)
පරිශිලකයා ඉල්ලා සිටින වේලාවක ක්‍රියාත්මක වන මේවා විවිධ වේලාවල්වල දී ක්‍රියාත්මක වන පරිදි සකසන්නටද පුළුවන.
බොහොමයක් වානිජ ප්‍රතිවයිරස් මෘදුකාංග මෙම දෙයාකාරයෙන්ම පරිලෝකක සපයයි. අලුත් වර්ගයේ වයිරසයක් තිබෙන බව දැනගන්නටත් එය හඳුනා ගැනිම සඳහා මෘදුකාංගයක් ලිවීමට ප්‍රති-වයිරස් මෘදුකාංග ලියන්නෙකුට යම් කාලයක් ඕනෑ කෙරේ. ඒ කාලය ගෙන අලුත් ප්‍රතිවයිරස් වැඩසටහන් ලියන්නට ලියන්නට පැරණි ප්‍රතිවයිරස් මෘදුකාංග යල් පැන යයි.
05. Firewalls
පරිගණකයට පිටතින් වැඩසටහන් ප්‍රවේශනය කර ගැනිමට ස්ථාන (ports) ගණනාවක්ම තිබේ. මින් දුර්වල ප්‍රවේශ ස්ථාන භාව්තා කරමින් පරිගණකයට ප්‍රවේශනය ලබා ගැනිමට පුළුවන් වන සේම එම දුර්වල ස්ථාන ස්වයංක්‍රීයව සොයා බලන වැඩසටහන්, පරිගණක විනාශකාරින් කියාද හඳුන්වන හැකර්කරුවන් (hackers) විසින් යොදා ගනු ලබයි. ෆයර්වෝල් මඟින් කරනුයේ, මෙවැනි දුර්වල ස්ථාන හරහා විනාශකාරි වැඩසටහන් පරිගණකයට ප්‍රවේශවිම වලකාලිමයි. ඉන්ට්නෙට් තුළින් ඩවුන්ලෝඩ් කළ ගොනු නියමිත ආරක්ෂිත ප්‍රොටොකෝලවලට ගැලපේද යන්න හා වයිරස් වලින් තොරවේද යන්න පරික්ෂා කිරීමටත් ෆයර්වෝල් යොදා ගත හැක.

++
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එල එල
    font size එක පුලුවන්නම් ලොකු කලොත් එල