පරිත්‍යාගශිලි බව අතින් මුළු ලෝකයෙන්ම 8 වන &#35

K M J

Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    පරිත්‍යාගශිලි බව අතින් මුළු ලෝකයෙන්ම 8 වන &#35

    පරිත්‍යාගශිලි බව අතින් මුළු ලෝකයෙන්ම 8 වන ස්ථානය ශ්‍රී ලංකාවට

    බ්‍රිතාන්‍ය පදනම් ආයතනයක් වන Charities Aid Foundation (CAF) පදනම සිදුකල කල වර්ගීකරණයකට අනුව 2015 වසරේ ත්‍යාගශීලිබවින් යුතු රටවල් අතර මුළු ලෝකයේම 8 වන තැනට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා. රටවල් 145ක් ඇසුරෙන් සිදුකෙරුණු මේ සමීක්ෂණයේ දී සැලකිල්ලට ගැනෙනුයේ රටක ජනතාව අනුන්ට උදව් කිරීමට ඇති පෙළඹීම , ඒවගේම මුල්‍යමය ආධාර ලබාදීම සහ ස්වේච්චාවෙන් සේවය කිරීම වැනි කරුණු ය. පසුගිය වසරේ මේ වර්ගීකරණය යටතේ ශ්‍රී ලංකාවට හිමි වී තිබුනේ 9 වන ස්ථානයයි. මේ වසරේ දී තවත් එක් ස්ථානයකින් ශ්‍රී ලංකාවට ඉදිරියට ඒමට ලැබීම සතුටට කරුණක්.

    මේ වර්ගීකරණයට අනුව මියන්මාරය ඉදිරියෙන්ම සිටින අතර, පිලිවෙලින් ඇමෙරිකාව, නවසීලන්තය , කැනඩාව, ඕස්ට්‍රේලියාව , සහ එංගලන්තය දෙවන, තෙවෙනි , සිව්වෙනි , පස්වෙනි ස්ථාන හිමිකරගෙන තිබෙනවා. පරිත්‍යාගශීලින්ගේ ලැයිස්තුවට අනුව නම් එහි අන්තිම ස්ථානය හිමිවී තිබෙන්නේ බුරුන්ඩි රාජ්‍යටයි. ඒවගේම චීනය , යේමනය, ලිතුවේනියාව වගේ රටවලුත් මේ අතර වනවා.

    ලංකාව තුල අසරණයින්ට පිහිට වීමේ ප්‍රවනතාව 60% ක් පමණ වන අතර ස්වේච්චාවෙන් සේවය කිරීමේ ප්‍රවනතාවය 48%ක් පමණ වෙනවා. අපගේ අසල්වැසි රට වන ඉන්දියාවට හිමි වී තිබෙන්නේ 106 වන ස්ථානයයි. පාකිස්තානය 84වන ස්ථානයේත්, නේපාලය 76වන ස්ථානයේත් භූතානය 17ත් වන ස්ථානයේත් පසුවෙනවා.

    මේ සමීක්ෂණයේ දී සොයාගැනුණු තවත් අපුරු කාරණයක් වන්නේ අසරණයින්ට මුදල් ලබා දී පිහිටවීමේ වැඩි ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවත් ඒ වගේම ස්වේච්චාවෙන් සේවය කිරීමේ ප්‍රවනතාවය තරමක් මද බවක් පෙන්වන බවයි. ඒ වගේම කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් මුදල් පරිත්‍යාග කිරීමේ වැඩි ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවත් දැනගන්නට ලැබෙනවා.

    Source
    sira.lk
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    අපුරු කාරණයක් වන්නේ අසරණයින්ට මුදල් ලබා දී පිහිටවීමේ වැඩි ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවත් ...:D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලංකාව ගැන හොඳක් ඇහුවමද කොහෙද..එක අතකින් සතු‍ටුයි.. මම නම් සාමාන්‍යයෙන් කාටවත් සල්ලි දෙන්නේ නෑ..මොකද මම කෝච්චියේ වැඩට ගියපු අවුරුදු 2කට අත්දැකීම් එක්ක වෙච්ච වෙනසක්..කන්න නෑ.කියුවොත් කන්න අරන් දෙනවා.ඒ ඇරෙන්න පිළිගත හැකි කරුණු තිබුනොත් මූල්‍යමය දෙයක් කරනවා..(එහෙම අවස්ථා හරිම අඩුයි..)
    අපේ මිනිස්සුන්ගේ කැපවීම සෑහෙන ගානකින් තියෙනව කෙනෙක්ට කරදරයක් වෙච්ච වෙලාවකට නම්.. විශේෂයෙන්ම රිය අනතුරක් වගේම ඒ වගේ වෙලාකට අනතුරට ලක් වෙච්ච මිනිස්සුන්ගේ වටිනාකියන දේවල් අතපත ගා ගත්ත අයත් නැතිව නෙමේ..

    එක අතකින් ඒ මේ පැත්තෙන්වත් ඉස්සරහින් ඉන්නව කියන එකත් දෙයක්..බොහොම ස්තූතියි ශෙයාර් කරාට 11+
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ

    good post machan.

    හැබැයි 8 නෙවි හරිනම් එකට එන්න ඕනේ. සින්ගප්පුරුවෙන් ගෙන්නපු එකෙක්ට මහා බැංකුව බාර දුන්නා.
    ඇවන්ගාඩ් එක ඉන්දියාවේ මහා රාජාට දෙන්න යනවා .....

    මොන රටද යකෝ මෙහෙම පරිත්‍යාග කරන්නේ ?

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ලංකාව ගැන හොඳක් ඇහුවමද කොහෙද..එක අතකින් සතු‍ටුයි.. මම නම් සාමාන්‍යයෙන් කාටවත් සල්ලි දෙන්නේ නෑ..මොකද මම කෝච්චියේ වැඩට ගියපු අවුරුදු 2කට අත්දැකීම් එක්ක වෙච්ච වෙනසක්..කන්න නෑ.කියුවොත් කන්න අරන් දෙනවා.ඒ ඇරෙන්න පිළිගත හැකි කරුණු තිබුනොත් මූල්‍යමය දෙයක් කරනවා..(එහෙම අවස්ථා හරිම අඩුයි..)
    අපේ මිනිස්සුන්ගේ කැපවීම සෑහෙන ගානකින් තියෙනව කෙනෙක්ට කරදරයක් වෙච්ච වෙලාවකට නම්.. විශේෂයෙන්ම රිය අනතුරක් වගේම ඒ වගේ වෙලාකට අනතුරට ලක් වෙච්ච මිනිස්සුන්ගේ වටිනාකියන දේවල් අතපත ගා ගත්ත අයත් නැතිව නෙමේ..

    එක අතකින් ඒ මේ පැත්තෙන්වත් ඉස්සරහින් ඉන්නව කියන එකත් දෙයක්..බොහොම ස්තූතියි ශෙයාර් කරාට 11+

    :yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    good post machan.

    හැබැයි 8 නෙවි හරිනම් එකට එන්න ඕනේ. සින්ගප්පුරුවෙන් ගෙන්නපු එකෙක්ට මහා බැංකුව බාර දුන්නා.
    ඇවන්ගාඩ් එක ඉන්දියාවේ මහා රාජාට දෙන්න යනවා .....

    මොන රටද යකෝ මෙහෙම පරිත්‍යාග කරන්නේ ?

    ජරා කට් එක.. :lol::lol::lol::lol:

    හිත රිදෙන කතන්දර බෝමයි..
    :(:(:(:(