පරිසරය සුරකිමු....

Pilliya

Member
May 2, 2012
56
7
0
Hong Kong
පරිසරය සුරකිමු....

attachment.php


ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය - Electronic waste


ඉලෙක්ට්‍රෝන අපද්‍රව්‍ය “ඉ-අපද්‍රව්‍ය” නැතිනම් “විද්‍යුත් අපද්‍රව්‍ය හා ඉලෙක්ට්‍රොනික මෙවලම්” (WEEE) ‍යනු ඕනෑම කැඩී ගිය අනවශ්‍ය විද්‍යුත් හෝ ඉලෙක්ට්‍රොනික භාණ්ඩයන් වේ.ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඉලෙක්ට්‍රොනික භාණ්ඩයන් සමහරක් තව දුරටත් වෙළඳ ද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කළ හැකි නමුත් නැවත භාවිතා නොකළ හැකි අපද්‍රව්‍යම ලෙස සැලකේ. මෙම දෙයාකාරයේම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය වලට දිරානොයන අහිතකර විෂ සහිත කොටස් හා ජෛව ජීර්ණ නොවන කොටස් අඩංගුය.

ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය හෙවත් ඉ-අපද්‍රව්‍ය ලෝකයේ අවධානයට ලක්‌ ව ඇති නූතන යුගයේ පරිසර දූෂණයේ සංකේතයක්‌ බඳු ය. විවිධ විද්යුත් උපකරණ මේ සඳහා දායක වන නමුත් පරිගණක හා ජංගම දුරකථන භාවිතය පුළුල් වීමත් සමඟ ලෝකය පුරා මේ අපද්‍රව්‍ය පිළිබඳ ගැටලූව බෙහෙවින් උග්‍ර විය.
එම නිසා බොහෝ යුරෝපීය රටවල් 1990 දී තම භූමිය ගොඩ කිරීම් කටයුතු සඳහා මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය භාවිතය තහනම් කරන ලදී. යුරෝපීය සංගමය විසින් 2002 දී යුරෝපයේ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය පිළිවෙත තවදුරටත් වැඩි දියුණු කරන ලදී. “විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විධානය” මගිනි. එහිදී කියවූයේ සෑම ඉලෙක්ට්‍රොනික හෝ විද්‍යුත් උපකරණයක්ම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයක් වූ විට එය බැහැර කිරීම එය නිෂ්පාදනය කළ සමාගමේ වගකීමක් බවයි.

zumawirewestphotos364841-20080411-zaf_e-waste.jpg


ඉ-අපද්‍රව්‍ය අර්බුදයේ තවත් ගැටලූවක්‌ වූයේ දියුණු කාර්මික රටවලින් ඉවත ලන ඉලෙක්‌ට්‍රොනික උපකරණ දියුණු වන රටවලට යෑවීම ය. මෙහිදී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට වැයවන අධික වියදම නිසා හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපනයනය සම්බන්ධයෙන් සුදුසු පරිදි නීති ගොඩනැගී නැති නිසා එහිදී භාවිතා කළ ඉලෙක්ට්‍රොනික උපකරණ ඉතා විශාල ප්‍රමාණයක් දියුණු වන රටවලට යවා ඇත. එවැනි අපද්‍රව්‍ය ක්‍රමවත්ව ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හා ඉවත ලෑමේ පහසුකම් නො තිබූ දියුණු වන රටවල් ගණනාවක මේ හේතුවෙන් දැඩි පාරිසරික හා සෞඛ්‍ය අර්බුදයක්‌ ඇති වී තිබේ. මෙහි ඇති වඩා උග්‍ර ගැටලූව නම් මේ අපද්‍රව්‍ය අයහපත් ආකාරයෙන් හසුරුවනු ලැබීම ය. මේ භාණ්‌ඩවල ඇතුළත් වන රන්, රිදී, පැලේඩියම් හා කෝබෝල්ට්‌ වැනි වටිනා ලෝහ වර්ග ලබා ගැනීම ආදායම් මාර්ගයක්‌ වේ. ඒ සඳහා දියුණු රටවල විවිධ සෞඛ්‍යාරක්‌ෂිත ක්‍රම භාවිත වුවත් දියුණු රටවල එවැනි ආරක්‌ෂිත ක්‍රම භාවිත නො වේ. එසේම ඒරටවල බොහෝ විට මේ කාර්යය සිදු වන්නේ ගෘහ කර්මාන්තයක්‌ ලෙස ය. ඒ නිසා නිකුත් වන විවිධ විෂ ද්‍රව්‍යවලට මේ ජනතාව ලක්‌ වීම සෞඛ්‍ය ගැටලූ ඇති කරන අතර අපද්‍රව්‍යවල ඇතුළත් රසායනික ද්‍රව්‍ය පරිසරයට නිදහස්‌ වීම පාරිසරික වශයෙන් දැඩි ගැටලූ ඇති කරයි.




පරිසර හිතකාමී ලෙස ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම

[FONT=&quot]මධ්‍යම[/FONT] [FONT=&quot]පරිසර[/FONT] [FONT=&quot]අධිකාරිය,[/FONT] [FONT=&quot]අනෙකුත්[/FONT] [FONT=&quot]පාර්ශවකර‍ැවන්[/FONT] [FONT=&quot]සමඟ[/FONT] [FONT=&quot]එකතු[/FONT] [FONT=&quot]වී[/FONT] [FONT=&quot]ඉලෙක්ට්‍රොනික්[/FONT] [FONT=&quot]අපද්‍රව්‍ය එක්[/FONT] [FONT=&quot]රැස්[/FONT] [FONT=&quot]කිරීමේ[/FONT] [FONT=&quot]හා බැහැර කිරීමේ මධ්‍යස්ථාන[/FONT] [FONT=&quot]දිවයින[/FONT] [FONT=&quot]පුරා[/FONT] [FONT=&quot]පිහිටු[/FONT]වා [FONT=&quot]ඇත. [/FONT]භාවිත කොට ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය භාරදීම සඳහා අදාළ ස්ථාන හඳුනාගැනීමට 1919 දූරකතන අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

මධ්‍යම පරිසර අධිකාරියත් මෙරට පෞද්ගලික අංශයත් සමඟ ඒකාබද්ධ ව සිදු කෙරෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ පරිසර හිතකාමී ප්‍රයත්නයට සිවිල් ජනතාවගේ සහයෝගය ලැබිය යුතුමය. මෙම අපද්‍රව්‍ය එක් රැස් කොට විදේශ වෙත යැවීමේ වැඩපිළිවෙළක් මේ වනවිට සාර්ථක ව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සමඟ පුද්ගලික අංශයේ ආයතන 14ක් සම්බන්ධ වී සිටියි.
මේ ව්‍යාපෘතිය මේ වනවිටත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දියත්කර තිබේ. පසුගියදා මෙට්‍රොපොලිටන් ආයතනය සමඟ ඒකාබද්ධ වූ වැඩසටහනක් කොළඹ ශාලිකා ක්‍රිඩාංගණයේ දී ක්‍රියාවට නැංවිණි. ඒ සඳහා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු අතර දිනක් ඇතුළත ටොන් 3.5කට වැඩි ප්‍රමාණයක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු වූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.


ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරිමේ මධ්‍යස්ථාන


http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1720&task=info&lang=si


More Info @

http://www.govlk.com/content/ඉලෙක්ට්‍රොනික-අපද්‍රව්‍ය-electronic-waste

CTRL + Q to Enable/Disable GoPhoto.it




CTRL + Q to Enable/Disable GoPhoto.it
 

Attachments

  • ewaste poster.jpg
    ewaste poster.jpg
    90.7 KB · Views: 1,549
Last edited:

Similar threads