අද අපේ ගෙවල් ලඟ අයිය කෙනෙක් මොකද්දෝ අමුතු ක්රමේකට රතිඤ්ඤා එකට බැඳල පත්තු කරන්න ගිහිල්ල එයාගෙම අවුරුදු 5 වෙන පුංචි නංගිගේ ඇඟට කෑලි වැදිලා තුවාල උනා.තුවාල ඒතරම් බරපතල නැති උනත් ඒ සිද්ධ වෙච්ච තුවාල ඇස්වලට එහෙම උනා නම් ඇස් අනිවාර්යයෙන්ම අන්ධ වෙනවා.
ඒ දේ වෙච්ච නිසාම මම මේ ත්රෙඩ් එක දැම්මේ එලකිරි එකේ ඉන්න ඔක්කොටම පොඩි පනිවිඩයක් දෙන්න
අපි හැම තිස්සෙම ගිනි කෙලි පත්තු කරන කොට පරිස්සම් වෙන්න ඕන.පොඩි අය ඒ පත්තු කරන තැන්වල ඉන්නවා නං ඒ අයව ඇතින් තියන්න.විශේෂයෙන්ම රතිඤ්ඤා වල පත්තු කරන නූල කොට නම් අතේ තියන් දල්වලා වීසි කරන්න යන්න එපා.මොකද මගදි පිපිරුවොත් එක පාරටම කෑලි අපේ ඇඟ විසිවෙලා එන්න පුලුවන් නිසා.ඒ වගේම තමයි පුලුවන් තරම් තමන්ගේ ඇස් ආරක්ෂා කරගන්න මතක තියාගන්න
එහෙනම් ඔන්න කාටත් එලකිරෙන්,මී කිරෙන් ද කිතුල් පැනියෙන්,මී පැනියෙන්,සීනි පැනියෙන් පිරි එලකිරිම අවුරුද්දක් වේවා!!