පලස්තීනයට සාමය උදාවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! 🇵🇸

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    පොඩි කාලෙ ඉඳන් ලෝක දේශපාලනය ගැන කියවපු මම ඒ කාලෙ ඉඳන්ම ඊශ්‍රායල සහ පලස්තීන ගැටුම ගැන ප්‍රවෘත්ති කියෙව්වා. එළියට පේන්නෙ මේ ගැටුම් ඇති වෙන්නෙ ජෙරුසෙලම නිසා කියලා. ඒත් ඇත්ත කතාව ඒක නෙමෙයි. කොටින්ම කියනවා නම් 1900 වගේ කාලෙ වෙනකොට ඔය ඊශ්‍රායලය හෝ පලස්තීනය කියලා රටවල් තිබ්බෙ නෑ.

    ncSoK0u.jpg


    තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය යටතෙයි මේ කලාපය සියවස් ගණනාවක්ම පාලනය වුණේ. බහුතරයක් හිටියෙ 7 වෙනි ශතවර්ෂයේ රෂිදුන් කැලිෆේට් එකට යටතෙ සංක්‍රමණය වෙච්ච මුස්ලිම් අය (අරාබි). ඉස්ලාම් අධිරාජ්‍යයවාදයෙ යටතේ ඉස්ලාම් ආධිපත්‍යයට මේ කොටස අහු වුණා. තව ක්‍රිස්‍තියානි අයත් හිටයා. යුදෙව්වොත් හිටියා බොහොම සුළුතරයක් විදිහට. හැබයි මේ හැමෝම හිටියෙ සමගියෙන්. මේ ප්‍රදේශය නාමිකව පලස්තීනය වගේ තමයි පාලනය වුණා. හැබයි රටක් විදිහට අඳුරන් හිටියෙ නෑ. පළවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ මේ කලාපය පාලනය කරේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයෙන්.

    0hq9HwS.png


    මේ ගැටුම පටන් ගන්න මූලික හේතුවක් වුණේ මේ කලාපෙ හිටපු මුස්ලිම් අය අතර මතයක් තිබ්බා තමන් අරාබියෙ ඉඳන් නිකන්ම ආපු අයට වඩා පලස්තීනය කියලා අනන්‍යතාවක් තිබිය යුතුයි කියලා. ඒවගේන යුදෙව්වො අතර මතයක් තිබ්බා තමනුත් නිකන් ආගමක් අදහන අදහන කොට්ඨාසයකට වඩා වෙනම ජාතියක් කියන එක, ඒ කාලෙ සියෝන්වාදය කියලා එළියට ආවෙ ඕක. ජෙරුසෙලමෙ ඈත අතීතයෙ ඉඳන් යුදෙව්වො වාසය කරපු නිසා මේ භූමිය අයිති තමන්ට කියන මතය එයාලගෙ හිතේ තිබ්බා. මේ නිසා යුරෝපය පුරාම විසිරිලා හිටපු යුදෙව්වො ටික ටික මේ ප්‍රදේශයට ආවා. දෙවෙනි ලෝක යුද්ධ සමයෙදි දහස් ගණන් යුදෙව්වො ආවා. පලස්තීනය කැමත්තෙන්ම ඔවුන්ව ගෙන්නගත්තා නෙමෙයි නමුත් ආවා.

    MY7eD3D.png


    මොකද 1948 වෙනකල්ම මේ ප්‍රදේශය තිබ්බෙ බ්‍රිතාන්‍ය පාලනය යටතෙ. දෙවෙනි ලෝක යුද්දෙ හිට්ලර්ට විරුද්ධව යුද්ධ කරපු රටක් තමයි බ්‍රිතාන්‍ය. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ unofficially පලස්තීනය කියලා තිබ්බ ප්‍රදේශය තුනට බෙදලා තමයි සුද්දො එහෙන් යන්නෙ. (එහා පැත්තෙ තිබ්බ ජෝදානය පාලනය කරෙත් සුද්දො) 1. පලස්තීනය (Westbank සහ ගාසා තීරය) 2. ඊශ්‍රායලය 3. ජෙරුසෙලම මෙතන ජෙරුසෙලම රටවල් දෙකටම අයිති නැති එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පරිපාලනය මෙහෙයවන කොටසක්. පලස්තීනය මේක සැලැස්මට මුල ඉඳන්ම විරුද්ධ වුණා. මොකද පලස්තීනෙ පාරම්පරික ඉඩම්හිමි අය සෑහෙන පිරිසකට මේකෙන් ඉඩම් අහිමි වුණා.

    gfe3qBh.png


    රටවල් කිසිම පදනමකින් නැතුව බෙදුවෙ. පලස්තීනෙ මැද්දෙ ජෙරුසෙලම. ගාසා තීරය තව තැනක. අන්තිමට යුදෙව්වන්ට රටක් හම්බුනා. එයාලා එතනින් නැවතුනේ නෑ. පලස්තීනයට අයිති කොටසට බලහත්කාරයෙන් ඇතුල් වෙලා ජනපද හැදුවා. හමුදාව එක්කමයි ගියේ ඇමරිකාවෙන් ෆුල්ම support කරා.

    xildUub.jpg


    ටික ටික පලස්තීනය පොඩි වුණා. මිනිස්සු අනාථ වුණා. ඊශ්‍රායලය ලොකු වුණා. යසර් අර්ෆට් ෆටාහ් සංවිධානය හරහා කරලියට එන්නෙ මේ කාලෙ. අර්ෆට් බැලුවෙ සාමයෙන් සාකාච්චා කරලා මේ ප්‍රශ්න විසඳගන්න. 1993දි ඔස්ලෝ සම්මුතියෙන් යසර් අර්ෆට් සහ ඊශ්‍රායල අගමැති සාමයට එකඟ වුණා.

    j4hYAIw.jpg


    හැබයි ඊශ්‍රායයෙ ඉන්න අන්තවාදීන් මේකට විරුද්ධ වෙලා ඊශ්‍රායල අගමැතිව 1995දි ඝාතනය කරා. පලස්තීන මිනිස්සුන්ට තේරුණා සාමයෙන් තමන්ට හම්බෙන දෙයක් නෑ කියලා. තමන්ගෙ ඉඩම් දවසින් දවස නැති වෙනවා. ඊශ්‍රායලය අන්තර්ජාතික සම්මුති ඔක්කොම කඩලා බිඳලා දානවා. ඉතින් ඒ නිසා ඔය ඔස්ලෝ සම්මුතිය අත්සන් කරපු කාලෙම හමාස් සංවිධානය කරලියට එනවා. මෙයාලා යසර් අර්ෆට්ගෙ ෆටාහ් සංවිධානය වගේ නෙමෙයි. මිලීෂියා එකක්. මෙයාලා හිතුවෙ එකම විසඳුම පුලුවන් යුද්දෙන් විතරයි කියලා. ෆටාහ් සංවිධානයෙ බලය ටිකෙන් ටික අඩු වෙනවා. 2004 යසර් අර්ෆට් මැරුණම ෆටාහ් සංවිධානය තවත් පසු බහිනවා. හමාස් උඩටම එනවා. පලස්තීන භූමිය එන්න එන්න කුඩා වෙනවා. 2007දි හමාස් සංවිධානය පලස්තීනය තවත් කඩලා ගාසා තීරයේ ස්වයං පාලනයක් ගන්නවා.

    4kAYVEx.png


    ඊට පස්සෙ ඊශ්‍රායලය ඒ පැත්ත වට කරලා supply chains ඔක්කොම වගේ නවත්තනලා ගාසා තීරයට දැඩි විදිහට ආර්ථිකමය ලෙස හානි කරනවා. ඊශ්‍රායලය ඇමරිකාව සහ බටහිර රටවල් උදව් කරන ප්‍රභල රටක්. කාටවත් බය නෑ. හිතෙන එකාව මරනවා. හිතෙන තැනට ගහනවා. මිනිස්සු ළමයි මැරෙන ඒවා අදාල නෑ. ඉතින් ඔහොම ඔහොම ටික ටික අල්ලන් අද පලස්තීනයක් නැති තරම්. තව ටික දවසකින් පලස්තීනය සහ ගාසා තීරය දෙකම ඊශ්‍රායලය අල්ල ගනී.

    GlEX0nm.png


    අපි තේරුම්ග න්න ඕනෙ දේ තමයි හමාස් සංවිධානය වගේ මිලීෂියා ඇති කරෙත් බටහිර රටවල් 1900ට කලින් නොතිබ්බ ඉස්ලාම් අන්තවාදය, ජිහාඩ්වාදය, වහාබ්වාදය, සලාෆිවාදය සහ ඉස්ලාම් ත්‍රස්තවාදය ඔක්කොටම වග කියන්න ඕනෙත් මේ බටහිර රටවල්ම තමයි.

    pgFjdpW.jpg


    2009 ලංකාවෙ යුද්ධෙ ඉවර නොවුනා නම් ඊලාම් සිතියමෙන් ප්‍රභාකරන් නවතින්නෙත් නෑ. ඊශ්‍රායලය නීතිවිරෝධී කියලා ලෝකෙ හැමතැනින්ම පිළිගත්තත් පලස්තීනයට උදව් කරන්න අරාබියවත් අද එන්නෙ නෑ. පලස්තීනයට සාමය උදාවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! මේ අසාධාරණය ගැන හඬක් නගනවා ඇරෙන්න මේ පුංචි රටේ අපිට ඊට වඩා කරන්න පුලුවන් දෙයක් නෑ...

    yMxEvDf.jpg


    Copied from twitter @CharukaLive
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    වටිනවා ♥️

    ඊශ්‍රායලයට සහ පලස්තීනයට සාමය උදාවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!
    මොකද් කොහෙ උනත් තැලෙන්නේ සාමන්‍ය ජනතාව . ඔය දර දඬු තීරණ ගත්ත නායකයන් සුව සේ වෙසෙනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි කාලෙ ඉඳන් ලෝක දේශපාලනය ගැන කියවපු මම ඒ කාලෙ ඉඳන්ම ඊශ්‍රායල සහ පලස්තීන ගැටුම ගැන ප්‍රවෘත්ති කියෙව්වා. එළියට පේන්නෙ මේ ගැටුම් ඇති වෙන්නෙ ජෙරුසෙලම නිසා කියලා. ඒත් ඇත්ත කතාව ඒක නෙමෙයි. කොටින්ම කියනවා නම් 1900 වගේ කාලෙ වෙනකොට ඔය ඊශ්‍රායලය හෝ පලස්තීනය කියලා රටවල් තිබ්බෙ නෑ.

    මම මේ ගැන ඔස්තාර් කෙනෙක් නෙවෙයි.

    හැබැයි මේ පොස්ට් එකේ ප්‍රශ්න තියෙනවා.

    පටන් ගන්නෙ පලස්තීනය කියල එකක් තිබුනේ නෑ කියල. ඊට පස්සේ සිතියමක් දානවා පලස්තීනය මේන් කියල :-D
     
    • Like
    Reactions: Bart_Allen

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම මේ ගැන ඔස්තාර් කෙනෙක් නෙවෙයි.

    හැබැයි මේ පොස්ට් එකේ ප්‍රශ්න තියෙනවා.

    පටන් ගන්නෙ පලස්තීනය කියල එකක් තිබුනේ නෑ කියල. ඊට පස්සේ සිතියමක් දානවා පලස්තීනය මේන් කියල :-D
    මම හිතන්නෙ ඒක හරියට, ඉස්සර පාකිස්තානේ කියලා රටක් තිබුනෙ නෑ කියනවා වගේ එකක් වෙන්න ඇති. පකිස්ථානය තිබ්බෙ නැති උනාට භුමිය තිබුනා.

    "The term "Palestine" first appeared in the 5th century BCE when the ancient Greek historian Herodotus wrote of a "district of Syria, called Palaistinê" between Phoenicia and Egypt in The Histories."
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නෙ ඒක හරියට, ඉස්සර පාකිස්තානේ කියලා රටක් තිබුනෙ නෑ කියනවා වගේ එකක් වෙන්න ඇති. පකිස්ථානය තිබ්බෙ නැති උනාට භුමිය තිබුනා.

    "The term "Palestine" first appeared in the 5th century BCE when the ancient Greek historian Herodotus wrote of a "district of Syria, called Palaistinê" between Phoenicia and Egypt in The Histories."
    දේශ සීමා වෙන්කරල Historic Palestine කියල පෙන්නලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Bart_Allen

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දේශ සීමා වෙන්කරල Historic Palestine කියල පෙන්නලා තියෙන්නෙ
    අපි වගේ දූපතක් නොවෙච්ච ගොඩබිමින් වට උනු රටවල්වල දේශසීමා නිතරම වෙනස් වෙනවා. ඔය පහල තියන වීඩියෝ එකේ පෙන්නනවා යුරෝපේ මොන තරම් වෙනස්කම් ඇති උනාද කියලා. හිස්ටෝරික් පලස්තීනේ කියලා අරගන ඇත්තෙ ගොඩක් කල්, ගොඩක් දෙනෙක් පිළිගන්න පලස්තීනේ වෙන්න ඇති.

     
    • Like
    Reactions: Bart_Allen

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,467
    113
    මම හිතන්නෙ ඒක හරියට, ඉස්සර පාකිස්තානේ කියලා රටක් තිබුනෙ නෑ කියනවා වගේ එකක් වෙන්න ඇති. පකිස්ථානය තිබ්බෙ නැති උනාට භුමිය තිබුනා.

    "The term "Palestine" first appeared in the 5th century BCE when the ancient Greek historian Herodotus wrote of a "district of Syria, called Palaistinê" between Phoenicia and Egypt in The Histories."
    The original inhabitants of this land was the Canaanites. So really the land should be their descendents. Later a militarily powerful group known as Philistines migrated into the Canaanite land, and it's their name that is thought to have evolved into "Palestine."

    Then came in another group, descendants of a man named "Eber," whose name meant "the other side." These were the Hebrews arriving from "the other side" of the Euphrates into Canaan. Their patriarch was Abraham.

    Canaanite culture was dominant in the Southern Levant during the Bronze Age (3,500-1,200 B.C.E.) As Iron Age I began, the Canaanite city-states faded. The Israelites self-identified as a separate group. This is what the historians think.

    Modern DNA studies using old burial sites (DNA from the bones) conclusively prove that both Jews & Arabs in these areas have a common ancestry to the ancient Canaanites.

    PS: Finding out what happened in the past doesn't help to solve the current conflict. It wasn't solved for the last 70 odd years. Every party including the Arab nations around has to take the blame. The issue isn't wholly territorial either... religion has a part to play as well.

    Meanwhile it's the innocent people both Jews and Palestinians end up suffering with no resolution in sight other than killing each other. :(
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force

    Hitler ගෙ speach එකක නම් එ කාලෙ palasthine ගැන කියනවා. Isreal ගැන මොකුත් නැ. මේ video ඒකෙ 1:20 කිට්ටුව තියෙන්නේ.