ඔන්න ඉතින් අද ෆොඩි කතාවක් කියන්නයි යන්නේ.හැබැයි ටිකක් කැතයි කැතයි වගේද මංදා... කැමත් අය කියවන්නකෝ... මේ කතාව මතක් උනේ පතුල නැති බේසමක් දැකලා... වැඩි සුකුරුත්තං නැතිව මෙන්න කතාව.
ඔන්න ළමයිනේ එකෝමත් එක ගමක හිටියාලූ අනුන්ගේ සිත් කියවන්න පුලූවන් තාපසයෙක්. ( ඒ තාපසයා ෆොඩ්ඩක් ෆැත්තකට වෙලා ඉදපුවාවේ... ) ඔය ගමේ ගොඩක් හිටියේ ගොවිතැන් කොරන උදවිය.ඉතින් ගොවි කස්ටිය උදේ ඉදන් වැඩ කොරලා හවසට ගමේ තියන ගගෙන් නා ගෙන තමයි ගෙවල් වලට යන්නේ...
ඔය ගමේ හිටියා මාතුපාල කියලා ගොවි ගොයියෙක්... දවසක් මේ මාතුපාල ගොයියා කුඹුරු කරලා නාගන්න ආවලූ මේ ගගට.ඒ වෙලාවේ කව්රුවත් නැති නිසා මේ ගොයියා යකඩ ඇදුමෙන්ම ( උපන් ඇදුම ) ගගට බැහැලා නානවලූ... කෙලියා කියන්නේ තාප්පෙටම... ඔන්න අර තාපසයාත් එනවලූ ගගට නාගන්න. දැන් මාතුට උන් හිටි තැන් මතක නෑ ඕං... මේකා ගං පතුල අතගාලා බලනකොට හම්බු උනාලූ බේසමක්. ඉතිං ඕකෙන් නම්බුවත් වහගෙන මාතු තාපසයා ලගට ගිහිං දැම්මලූ පොර ටෝකක්...
තාපස උන්නාන්සේ ඔබ තුමාට අනුන්ගේ සිත් කියන්න ඇහැකිනේ... ඕං කියන්න බලන්න මගේ හිතේ දැන් මොනවද තියෙන්නේ කියලා...
තාපස තුමා බොහෝම සාන්ත දාන්තව කිව්වලූ.... මාතු උපාසක හිතන්න ඉන්නේ ඔය බේසමේ පල්ල තියනවා කියලා....