පව්කාර මී මැලියම් උගුල්

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    සුපිරි වෙළඳසැල් වල Cashier එක අසලම මෙම "මී මැලියම් උගුල්" විකිණීමට තබා ඇති බව ඔබ දැක ඇති..!

    කරුණාකර මෙම නිෂ්පාදන මිලදී නොගන්න. මෙම "මී මැලියම් උගුල්" සත්ව හිංසනයේ අමානුෂිකම ආකාරයක් වේ. මෙවැනි උගුලක් සොයාගත් අය සැබැවින් ම මනෝ ව්‍යාධීන් විය යුතුය.

    මීයන් මෙය ආහාරයක් යැයි සිතමින් මෙම මැලියම් මතට ඇදී ගිය පසු, මීයාට චලනය වීමට නොහැකිව ඊට දැඩිව ඇලෙන අතර, චලනය වීමට උත්සාහ කළහොත්, සම ගැලවී අධික වේදනාවක් විඳීමට සිදුවේ. නරකම දෙය නම් මෙම සත්වයා කිසි විටෙකත් කොතරම් වේදනාවට ලක් වුවද ඉන් මිය නොයෑමයි. මිනිසුන් පසුව මෙම පන ඇති සත්වයා සමඟ මැලියම් උගුල කුණු ගොඩට විසි කරයි. දින ගණනාවක් තිස්සේ මෙහි සිරවී සිටින සතුන්ට සිතාගත නොහැකි තරම් දරුණු, අමානුෂික, වේදනාකාරී මරණයක් උරුම වේ..

    මීයන් පමණක් නොව මෙම උගුල්වලට හසු වන්නේ. කුරුල්ලන්, කෘමීන් සහ සුරතල් සතුන් ඇතුළු වෙනත් ඕනෑම සතෙකු ඊට හසු වීමට ඉඩ ඇති අතර, එහි ප්‍රතිපලයක් ලෙස නිවසේ ඇති කරනු ලබන සුරතල් සතුන් පවා ඊට හසු විය හැකි ය..!

    මෙම නිෂ්පාදනය කිසි විටෙකත් මිලදී නොගන්න..!

    SOURCE: https://web.facebook.com/srilankakalyanamithrasangamaya/
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Ammo mama dawasak dakka,,, miyawa berannawath kohethma be ,, pawkara wedak ,,, don't buy it
    කවුරු හරි බූරුවෙක් ඔය බෝඩ් එකක් තියලා, එකකට මීයෙක් අහු වෙලා හිටියොත්... භූමිතෙල් වගේ දෙයක් දාලා මීයාව ඒකෙන් ගලවන්න පුලුවන්.
    අපේ බොසා තියපු බෝඩ් එකක ඇලිලා, බෝඩ් එකත් එක්කම කුණු කූඩෙට දාලා හිටපු මීයෙක්ව මම බොහොම අමාරුවෙන් ගලවලා යැව්වා. (ඒ වෙලාවෙ එතන භූමිතෙල් වගේ දාන්න දෙයක් තිබුණෙ නෑ. ඒ හින්දා එච්චරම සාර්ථක වුණේ නෑ. හැබැයි ඌ බේරුණා.)
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    කවුරු හරි බූරුවෙක් ඔය බෝඩ් එකක් තියලා, එකකට මීයෙක් අහු වෙලා හිටියොත්... භූමිතෙල් වගේ දෙයක් දාලා මීයාව ඒකෙන් ගලවන්න පුලුවන්.
    අපේ බොසා තියපු බෝඩ් එකක ඇලිලා, බෝඩ් එකත් එක්කම කුණු කූඩෙට දාලා හිටපු මීයෙක්ව මම බොහොම අමාරුවෙන් ගලවලා යැව්වා. (ඒ වෙලාවෙ එතන භූමිතෙල් වගේ දාන්න දෙයක් තිබුණෙ නෑ. ඒ හින්දා එච්චරම සාර්ථක වුණේ නෑ. හැබැයි ඌ බේරුණා.)

    නියමයි සාහෝ. බොහොම හොඳ දෙයක්. 👊
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අනිවාරෙන්. මී පාසානම් හරි, මී කතුරක් හරි තිබ්බා නම් ඌ එක පාර මැරෙනවා.

    මේකෙන් මැරෙන්නේ පැනඩෝල් වලින් මැරෙන විදියට.

    මීයාගේ ඇඟේ උෂ්ණත්වය සාමාන්යෙන් වැඩියි. ඒක අඩු වුනොත් ඌ මැරෙනවා. පෙනඩෝල් වලට උගේ ඇඟේ උණ බහිනවා. එතකොට ඌ මැරෙනවා.

    එතකොට මේ glue board එකෙන් කරන්නේ, ඌව එක තැනක හිර කරන එක. එතකොට උන්ට හෙලවෙන්න බැරි වුනහම, body heat එක බහිනවා. එතකොට මැරෙනවා.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපේ ගෙදර නම් ලොකු/පොඩි මී උගුල් වලින් මීයන්ව අහු වෙන්න උගුල් තියනව රෑට.
    ලොකු ඌරු මීයො ඒහෙම අහු වෙනව නිතරම.
    පහුවෙනිද බලද්දි අහු වෙලා තිබුණොත් - ගෙවල් ළග ඉදල ටික දුරක තියෙන
    වගුරු බිමකට ගිහිල්ල නිදහස් කරනව.
    තව, සර්පයෙක් ඒහෙම හිටියොත් කොහොම හරි PVC බටයකට රිංගවගෙන අරන් ගිහින් නිදහස් කරනව.
    මේව දකින ඒවුන් අහනව පිස්සුද? මරන්න බැරිද කියල...
    මම කියනව මට පිස්සු කියල....
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඕවා ඕන නැ ඉස්සර මම නම් කරේ අර මීයෝ අල්ලන කුඩුවකට මාරි බිස්කට් එකක් දාලා තියනවා.
    උන් මාරි කන්ඩ හෙන ආසයි.
    පස්සේ තරහා එකෙක් ඉන්නවා ටිකක් දුරින් උගේ ගෙදර ගාවින් දාලා එනවා, එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.
    ඌ කියනවා මී කරදරේ හින්දා එපා වෙලා ඉන්නේ, මෙහෙ දාලා යන්ඩ හිතෙනවා කියලා.
    🤣
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    අනිවාරෙන්. මී පාසානම් හරි, මී කතුරක් හරි තිබ්බා නම් ඌ එක පාර මැරෙනවා.

    මේකෙන් මැරෙන්නේ පැනඩෝල් වලින් මැරෙන විදියට.

    මීයාගේ ඇඟේ උෂ්ණත්වය සාමාන්යෙන් වැඩියි. ඒක අඩු වුනොත් ඌ මැරෙනවා. පෙනඩෝල් වලට උගේ ඇඟේ උණ බහිනවා. එතකොට ඌ මැරෙනවා.

    එතකොට මේ glue board එකෙන් කරන්නේ, ඌව එක තැනක හිර කරන එක. එතකොට උන්ට හෙලවෙන්න බැරි වුනහම, body heat එක බහිනවා. එතකොට මැරෙනවා.
    yako panadol walin marenne una bahalada? man hithuwe liver damage wela kiyala. Minihek unath 20k biwwama down neh. Meeyekta ekak dekak athi
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සුපිරි වෙළඳසැල් වල Cashier එක අසලම මෙම "මී මැලියම් උගුල්" විකිණීමට තබා ඇති බව ඔබ දැක ඇති..!

    කරුණාකර මෙම නිෂ්පාදන මිලදී නොගන්න. මෙම "මී මැලියම් උගුල්" සත්ව හිංසනයේ අමානුෂිකම ආකාරයක් වේ. මෙවැනි උගුලක් සොයාගත් අය සැබැවින් ම මනෝ ව්‍යාධීන් විය යුතුය.

    මීයන් මෙය ආහාරයක් යැයි සිතමින් මෙම මැලියම් මතට ඇදී ගිය පසු, මීයාට චලනය වීමට නොහැකිව ඊට දැඩිව ඇලෙන අතර, චලනය වීමට උත්සාහ කළහොත්, සම ගැලවී අධික වේදනාවක් විඳීමට සිදුවේ. නරකම දෙය නම් මෙම සත්වයා කිසි විටෙකත් කොතරම් වේදනාවට ලක් වුවද ඉන් මිය නොයෑමයි. මිනිසුන් පසුව මෙම පන ඇති සත්වයා සමඟ මැලියම් උගුල කුණු ගොඩට විසි කරයි. දින ගණනාවක් තිස්සේ මෙහි සිරවී සිටින සතුන්ට සිතාගත නොහැකි තරම් දරුණු, අමානුෂික, වේදනාකාරී මරණයක් උරුම වේ..

    මීයන් පමණක් නොව මෙම උගුල්වලට හසු වන්නේ. කුරුල්ලන්, කෘමීන් සහ සුරතල් සතුන් ඇතුළු වෙනත් ඕනෑම සතෙකු ඊට හසු වීමට ඉඩ ඇති අතර, එහි ප්‍රතිපලයක් ලෙස නිවසේ ඇති කරනු ලබන සුරතල් සතුන් පවා ඊට හසු විය හැකි ය..!

    මෙම නිෂ්පාදනය කිසි විටෙකත් මිලදී නොගන්න..!

    SOURCE: https://web.facebook.com/srilankakalyanamithrasangamaya/
    අනිවාර්‍යෙන් , මී කූඩුව තමා හොදම විසදුම, අල්ලගත්ත පහුවදාට ටිකක් ඈතකට ගිහින් දැම්මා,