මී මැලියම් උගුල්

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සුපිරි වෙළඳසැල් වල Cashier එක අසලම මෙම "මී මැලියම් උගුල්" විකිණීමට තබා ඇති බව ඔබ දැක ඇති..!
    කරුණාකර මෙම නිෂ්පාදන මිලදී නොගන්න. මෙම "මී මැලියම් උගුල්" සත්ව හිංසනයේ අමානුෂිකම ආකාරයක් වේ. මෙවැනි උගුලක් සොයාගත් අය සැබැවින් ම මනෝ ව්‍යාධීන් විය යුතුය.
    මීයන් මෙය ආහාරයක් යැයි සිතමින් මෙම මැලියම් මතට ඇදී ගිය පසු, මීයාට චලනය වීමට නොහැකිව ඊට දැඩිව ඇලෙන අතර, චලනය වීමට උත්සාහ කළහොත්, සම ගැලවී අධික වේදනාවක් විඳීමට සිදුවේ. නරකම දෙය නම් මෙම සත්වයා කිසි විටෙකත් කොතරම් වේදනාවට ලක් වුවද ඉන් මිය නොයෑමයි. මිනිසුන් පසුව මෙම පන ඇති සත්වයා සමඟ මැලියම් උගුල කුණු ගොඩට විසි කරයි. දින ගණනාවක් තිස්සේ මෙහි සිරවී සිටින සතුන්ට සිතාගත නොහැකි තරම් දරුණු, අමානුෂික, වේදනාකාරී මරණයක් උරුම වේ..
    මීයන් පමණක් නොව මෙම උගුල්වලට හසු වන්නේ. කුරුල්ලන්, කෘමීන් සහ සුරතල් සතුන් ඇතුළු වෙනත් ඕනෑම සතෙකු ඊට හසු වීමට ඉඩ ඇති අතර, එහි ප්‍රතිපලයක් ලෙස නිවසේ ඇති කරනු ලබන සුරතල් සතුන් පවා ඊට හසු විය හැකි ය..!
    😥

    මෙම නිෂ්පාදනය කිසි විටෙකත් මිලදී නොගන්න..!
    🚫

    උපුටාගැනීමකි
    1612944818561.png
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සිරාවටම . මී කතුර මීට වඩා සැහෙන්න හොදයි. මට හිතාගන්න බෑ මොන කාලකන්නිද මේවා තියන්නේ කියලා . keels එකේ ගෑනියෙක් ගන්නවා දැක්කා දවසක්
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    සිරාවටම . මී කතුර මීට වඩා සැහෙන්න හොදයි. මට හිතාගන්න බෑ මොන කාලකන්නිද මේවා තියන්නේ කියලා . keels එකේ ගෑනියෙක් ගන්නවා දැක්කා දවසක්
    Erozange meeya allanna wennathi
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    සිරාවටම . මී කතුර මීට වඩා සැහෙන්න හොදයි. මට හිතාගන්න බෑ මොන කාලකන්නිද මේවා තියන්නේ කියලා . keels එකේ ගෑනියෙක් ගන්නවා දැක්කා දවසක්
    හාපෝ!! ඒකෙත් වද විඳලා තමයි බන් මැරෙන්නේ. පව්.. මන් පොඩි කාලේ මී කතුරක් තියලා ඌ පැය ගානක් දඟල දඟල ඉදල තමයි මැරුනේ:(:(, පොඩි කාලෙම ඔලුවට ගියා ආයිත් මෙහෙම කරන්නේ නැහැ කියලා. දැන් ගෙදර මී කුඩුවක් තියනව, හිටියොත් අල්ලනවා ගිහිල්ලා දානවා.