අනික නම් එකම ගුණ ඇති ශරීර ප්‍රමාණ වෙනස් සතුන් සලකා බලමු. එහිදී ශරීර ප්‍රමාණය විශාල සතුන් මරා දැමීමේදී සිදුවන අකුසලය වැඩිය. එසේම සතෙක් මැරීමේදී දැඩි ක්‍රෝධයෙන් එය කිරීමේදී සිදුවන අකුසලය වැඩිය. ක්‍රෝධය අඩුවෙන් එය කිරීමේදී සිදුවන අකුසලය අඩුය. එසේම කිසිදු ක්‍රෝධයක් නැතිව තවත් අයෙක්ට කිසිම සතෙක් ඝාතනය කිරීමට නොහැකි බවද දැනගත යුතුය.
මේ විදියටද බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ? සතාගෙ ශරීර ප්‍රමාණය අනුව?![]()
ප්‍රාණ ඝාත කර්ම සියල්ලම සමාන වන්නේ නැත. සත්වයන්ගේ ගුණ අගුණ,ශරීර ප්‍රමාණය අනුව සතා මැරීමට යෙදිය යුතු උප්‍රකමය අනුවද එය වෙනස් වේ. බුද්ධි මට්ටම සමාන නමුත් ශරීර ප්‍රමාණය වෙනස් සතුන් සලකා බලමු. එහිදී ශරීර ප්‍රමාණය වැඩි සතුන් මැරීම ප්‍රාණ ඝාත කර්මයේ මහා සාවද්‍ය වේ.
ශරීර ප්‍රමාණය අඩු සතුන් මැරීම ප්‍රාණ ඝාත කර්මයේ අල්ප සාවද්‍ය වේ.
ඒ අනුව ගවයෙකු ඝාතනය කිරීමත්, කුඩා මාළුවෙකු ඝාතනය කිරීමත් නිසා ලැබෙන ප්‍රාණ ඝාත කර්මය සමාන නැත.