පව්..ආයෙත් මරා, පනික්කියා පරාදා....යි

Jul 5, 2012
1,773
265
0
පව්..ආයෙත් මරා, පනික්කියා පරාදා....යි

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව මරාවාදී හොරු කල්ලිය විසින් දෙවන වරටත් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද පරාජයට පත්විය.

රවි කරුණානායකට විශ්වාසය පළ කරමින් ඡන්ද 145 ක් ලැබෙද්දී විශ්වාසය භංගය ගෙන ආ මරාවාදී කල්ලියට ලැබුනේ ඡන්ද 51 කි. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී 4 දෙනාද සමගය. ජවිපෙ මන්ත්‍රීවරුන් වන අනුර, විජිත සහ පැරදුනු නමුත් ජවිපෙ පත් කර ගත් බිමල්, සුනිල් ඇතුළු ජවිපෙ මන්ත්‍රී 4 දෙනා මරාවාදී හොරු කල්ලිය සමග එක්ව ඡන්දය දීම ලැජ්ජාවට කාරණයක් විය. ජවිපෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස පැමිණ සිටියේ නැත. අඩුම ගණනේ ජවිපෙට තම අනන්න්‍යතාවය රැක ගැනීමට අවශ්‍ය වී නම් හොරු සමග එක පෙළට හිට ගන්නේ නැතිව ඡන්දය දීමෙන් වැළකී සිටීමට අවස්ථාව තිබිණ.

මන්ත්‍රීවරු 28 ක් පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියේය. ගෝඨාභය ශ්‍රීලනිපයේ දෙවැනියා කළ යුතු යැයි මොර දෙන ජෝන් සෙනෙවිරත්න ද ඡන්දය දෙන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේ ය.

ඒ අනුව මුදල් අමාත්‍යවරයාට එරෙහිව මරාවාදී හොරු කල්ලිය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 94 කින් පරාජයට පත්වූ අතර ආණ්ඩුව තුනෙන් දෙකකට වැඩියෙන් ජය ගත්තේය.

මෙහිදී කැපී පෙණුනු කාරණයක් වූයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ පමණක් නොව විමල් වීරවංශ පවා මෙම විශ්වාස භංග යෝජනාවට අත්සන් කර නොතිබීමයි. චමල් රාජපක්ෂ අත්සන් කර තිබිණ. නාමල් සහ වීරවංශ අත්සන් නොකළද විශ්වාස භංගය වෙනුවෙන් ඡන්දය දුන්හ. මහින්ද පැමිණ සිටියේ නැත.

මීට ඉහත දී ද මරාවාදී හොරු කල්ලිය රවි කරුණානායකට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ අතර එ් සමගම අය වැය තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් සම්මත වීම නිසා විශ්වාස භංගය අහෝසි වී ගියේය. මේ දෙවන අවස්ථාව විය. මෙවර යෝජනාව ගෙන එමින් කතා කෙළේ දිනේෂ් ගුණවර්ධනය.

ඊයේ මෙම විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ ශබ්ද විකාශන යන්ත්‍රවල අවුලක් ඇතිවීම නිසා විවාදය අදට කල් දැමුවේය. එහිදී හොරු කල්ලිය කියා සිටියේ ආණ්ඩුව පරාජයට මුහුණ දීමට බියේ විහින් ශබ්ද විකාශන යන්ත්‍ර අවුල් කළා යනුවෙනි. අතේ පැලවෙන බොරු පැල කළ මරවාදී හොරු කල්ලිය පසුදා එනම් අද හොඳ පාඩමක් ඉගෙන ගත්තේය. විශ්වාස භංගයක් ගෙන ආ හොරු කල්ලියේ සැබෑ වුවමනාව වූයේ ශ්‍රීලනිපයේ මෛත්‍රී සමග සිටින කණ්ඩායමෙන් කොටසක් කඩා ගැනීම වුවද එය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. හොරු කල්ලියේ වෙනම දේශපාලන අවශ්‍යතාවයක් වෙනුවෙන් ජවිපෙ මුක්කු ගැසීම විහිළුවට කාරණයක් විය. මේ තත්ත්වය තේරුම් ගත් ටීඑන්ඒ පක්ෂය මෙහිදී ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියහ.

විශ්වාස භංගය පැවැත්වෙන අවස්ථාවේදී ශ්‍රීලනිපයේ සහාය රවි කරුණානායකට ලබා දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ ය.

ඡන්ද විමසීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී රවි සහ කැබිනට් ප්‍රකාශක රාජිත කියා සිටියේ මෙය ගෝත්‍රවාදය පරදවා ජාතික ආණ්ඩු සංකල්පය ලැබූ ජයග්‍රහණයක් බවයි. මාධ්‍ය හමුවේ වීඩියෝවක් පහත දැක්වේ


 
  • Like
Reactions: Shadow.Walker