.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මචංලා බලන්ගොඩ පැත්තේ අසරණ පවුලක් හම්බුනා ඒ පවුලේ පිරිමි කෙනා සිනී හැදිලා ඇස් පෙන්නේ නැතුව ගිහින් එක තැන් වෙලා බොහොම අමාරුවෙන් ප්‍රයිවෙට් බෙහෙත් අරන් හොඳ කරගෙන තියෙනවා. ( දැනටත් පොරට හරියට පේන්නේ නෑ එලිය අඩු තැන්වල.) හැබැයි මේ බෙහෙත් හේත් වලට මුන් ගාව තිබ්බ සේරම සබ්බ සකලමනාවම විකුණලා තමයි මේ යන්තම් පේන තැනට හදාගෙන තියෙන්නේ. පොඩි බට්ටෙක් තියන් පලතුරු බිස්නස් එකක් කරගෙන ගිහින් තියෙනවා. ඒ අස්සේ ඉඩමත් තියල සල්ලි අරන් සල්ලි හදිස්සිය නිසා. දැන් බර උස්සගන්නයි ඇස්දෙක හරියට පේන්නේ නැති නිස ඒ කෙනාට හරියට රස්සාවක් කරගන්න බැරුව කට්ටියම අසරණ වෙලා පොඩි උන් දෙන්නෙකුත් ඉන්නවා ඉස්කෝලේ යන. මුන් බොරුවක්ද කියන්නේ බලන්න මම ගියා එහෙ. කතාව ඇත්ත. ඉන්න ඉඩමත් පොලියට දෙන එකෙක්ට තියල සල්ලි අරන් බෙහෙත් හේත් කරන්න. ලක්ස 4ක් ඒකත් දැන් පොලි එකතු වෙලා එකතු වෙලා 5.6 ක් වගේ වෙලා. දැන් මෙයාට මේ වලෙන් ගොඩ එන්න විදිහක් හොයනවා. ඉඩම සින්න වෙලා පාරට වැටෙයි කියන බයත් තියෙනවා. මට තේරෙන්නේ නෑ මේ වගේ කෙනෙක්ට කොහොමද උදවු කරන්නේ කියල. මේ දවස් වල ජිවත් වෙන්නේ ගෑණු මනුස්සයා ළග පාත ගෙදරක වැඩ කරලා පොඩි ගානක් හොයාගන්නවා. එකෙන් තමයි රෝල ගහන් ඉන්නේ. මේ වගේ කෙනෙක්ට උදවු කරන්නේ කොහොමද කියල මටත් idea එකක් නෑ.... මට වෙන අහන්න කෙනෙකුත් නෑ... ඒකයි උබලගෙනුත් මේක අහන්නේ..