පවුල්වාදයට විරුද්ධ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් &

DilhanR

Member
Dec 7, 2009
14
0
0
පවුල්වාදයට විරුද්ධ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් &

පවුල්වාදයට විරුද්ධ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් අප හා එක්වෙනවා -ජෙනරාල් සරත් ෆොන්සේකා
13 දින මාධ්‍ය හමුව

ප්‍ර: විපක‍ෂය පවසන පරිදි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කීදෙනෙක් විපක‍ෂය හා එක්වීමට සූදානමින් සිටින්නේද?

ජෙනරාල් සරත් ෆොන්සේකා
පවුල්වාදය ව්‍යාප්ත කිරීම සඳහා ආණ්ඩුව දේශපාලනමය වශයෙන් ගෙන ඇති පියවර පිළිබඳ කළකිරී සිටින ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ඉදිරියේදී ආණ්ඩුවෙන් ගැලවී යාම ආරම්භ වනු ඇති ...

ප්‍ර:- ඇමැතිවරුන් විපක‍ෂයට පැමිණියත් ජනතාව ඔවුන් සමඟ පැමිණේවිද?

පි:- (ජෙනරාල් ෆොන්සේකා) ජනතාව දැනටමත් පෙළ ගැහිලයි ඉන්නෙ.

ප්‍ර:- රජයේ මැති ඇමැතිවරුන් පවසන්නේ පසුගිය කාලයේ යුද්ධය තිබූ නිසා සංවර්ධන කටයුතු නිසි පරිදි ඉටු කළ නොහැකි වූ නිසා රජයේ දෙවැනි ධූර කාලයේදී සංවර්ධනය සඳහා පූර්ණ දායකත්වයක් ලබාදෙන බවයි?

පි:- මානුෂීය මෙහෙයුම කරන්න හමුදාව හිටියනේ. මැති ඇමැතිවරුන් නිල ඇඳුම් ඇඳගෙන යුද්ධ කරන්න ගියේ නැහැනෙ. අපි යුද්දෙ දිනුවහම ඔවුන් කියනව නම් මානුෂීය මෙහෙයුම සඳහා ඔවුන් පෙළ ගැසී හිටිය කියල හමුදාවෙන් පළක් නැහැනෙ. ඔවුන්ට තිබුණෙ ඔවුන්ගේ විෂය යටතේ වැඩ කරන්න. හමුදාව ගැන බලන්න ඒ විෂය ගැන දන්න අය සිටියා.
(මංගල සමරවීර මහතා) යුද්දෙ තියෙන කාලෙ හොරකම් කරන්න ඕන තරම් වෙලා තිබ්බා. අද ඔය බාල එන්නත්, ඛෙහෙත් ගත්තේ කොයි කාලෙද? අධ්‍යාපනය කඩා වැටුනෙ යුද්දෙ තියෙන කාලෙ. මග නැගුමෙන් කෝටි ප්‍රකෝටි ගණන් ගැහුවෙ කොයි කාලෙද? මාලිගා හැදුවෙ? යුද්ධය නිසා මහජන අධ්‍යාපනය වෙන පැත්තක තිබුණෙ. ඒ අතරේ මේ අය ජයටම තමන්ගෙ හොරකම් ටික කළා.

ප්‍ර:- ඔබලා රජයට කරන චෝදනා පිළිබඳව අධිකරණමය පියවර ගන්නවාද?

පි:- අප මැතිවරණය ජය ගත්තහම ඒ අය ඔක්කොම පෝලිමට අධිකරණයට ගේනවා. අපට කරුණු තිඛෙනවා.

ප්‍ර:- ජනවාර්ගික ගැටළුව සඳහා විපක‍ෂයේ විසඳුම මොකක්ද?

පි:- (අනුර දිසානායක මන්ත්‍රීවරයා) අපේ දේශපාලන පක‍ෂ අතර මේ පිළිබඳ විවිධ මත තිඛෙනවා. පොදු එකඟතාවයක් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට. ඉදිරියේදී පැවැත්වෙන නිදහස් හා සාධාරණ මැතිවරණයකදී ඒ ඒ පක‍ෂවල අයට පුළුවන් මේ ගැටළුව පිළිබඳ තම ප්‍රතිපත්ති එලි දක්වන්නට.
(ජනරාල් ෆොන්සේකා මහතා) එක් ප්‍රතිපත්තියක් සඳහා අප සියළු දෙනාම එකඟයි. මේ රටේ සෑම පුරවැසියකුටම ආරක‍ෂාව සහිතව, සමානාත්මතාවයෙන්, දේශපාලන අයිතීන් සුරක‍ෂිත වන විසඳුමකට අප යායුතු බව. ඒ ස්ථාවරයේ ඉඳලයි අප මේ ප්‍රශ්නය දිහා බලන්නේ.

ප්‍ර:- දෙමළ ජාතික සන්ධානය හා ඔබ සාකච්ඡා කළාද?

පි:- (ජෙනරාල් ෆොන්සේකා) ඔව්. ඔවුන්ගේ අදහස් අපට දන්වා තිඛෙනවා. ඔවුන් ධනාත්මකව අපේ ප්‍රතිපත්ති දිහා බලනවා. විශ්වාසයක් තියෙනවා ඒ අය අපත් සමඟ එක්වී මේ මැතිවරණයට මුහුණ දෙයි කියා.

ප්‍ර:- පක‍ෂයක් නැති පුද්ගලයෙකු කොහොමද ජනාධිපතිකම් කරන්නේ කියා ජී.එල් පීරිස් ඇමැතිවරයා විමසනවා?

පි:- (ජෙනරාල් ෆොන්සේකා) ජනාධිපතිවරයා තේරීමේදී පක‍ෂයක් නොවෙයි අදාල කර ගත යුත්තේ. ඔහු ඒ තනතුරේ කටයුතු කළ හැකි ආකාරයයි. ජනාධිපතිවරයකු මුළු රටටමයි. ඔහුට පක‍ෂයක් තිබිය යුතු නැහැ. ජීඑල් පීරිස් මහතා මේ විෂයේ ප්‍රවීණයෙක් වෙළත් මා දන්නෙ නැහැ ඔහුට මේ කාරණේ පටලැවුණේ කොහොමද කියල.

ප්‍ර:- යුද්ධය පැවැති කාලයේ දේවල් හෙළිකිරිම යුද රහස් හෙළි කිරීමක් නොවෙයිද?

පි:- (ජනරාල් ෆොන්සේකා) ආරක‍ෂක ලේකම් හෝ බැසිල් රාජපක‍ෂ යම් යම් අයට උපදෙස් දුන්න නම් ඒවා යුද සැලසුම්වලට අදාල නැහැ. ඒව යුද රහස් නොවේ.

ප්‍ර:- ඔබ පිටුපස විජාතික බලවේග ඉන්නවලූ?

පි:- මා පිටුපස ඉන්නේ හොඳ ජාතික බලවේග පමණයි.

ප්‍ර:- අනිකුත් හමුදාපතිවරුන්ගෙන් යුද්ධයට දායකත්වයක් ලැබුණෙ නැත්ද?

පි:- ඒ අයගෙන් හොඳ සහයක් ලැබුණ. නමුත් අප කළේ භූමියේ සටනක්. ගුවනින් හෝ මුහුදින් සටන් කළ පමණකින් භුමියේ සටන දිනන්න බැහැ. එය තමයි මේ යුද්ධයේ කේන්ද්‍රස්ථානය. මේ සටනින් හමුදාවේ 5200 ක් මැරුණා. 27,000 ක් තුවාල වුණා. නාවික හමුදාවේ 300 ක් හා ගුවන් හමුදාවේ 12 ක් මිය ගියා. ත්‍රස්තවාදීන් 23,000 ක් මරා දමා 10,000 ක් අල්ලා ගත්තේ යුද හමුදාවෙන්. නිවැරදිව පැවසුවොත් යුද හමුදාව කළ සටනට සෙසු හමුදා සහාය දුන්නා. අප නැහැ කියන්නේ නැහැ. ඔබම හිතන්න 5700 ක් මිය ගිහින් 23,000ක් තුවාල වූ හමුදාවක හමුදාපතිට ඔලූවට තිබූ බර සෙසු අයට තිබිය හැකිද කියා. යුද හමුදාව පැය 24 ම අවු. 2 1/2 ක් සටන් කළා. ඒ කැපවීම නොකළා නම්, ලක‍ෂයක් හමුදාවට නොබැඳුණා නම්, සෙසු හමුදා හා පොලිසිය සහාය නුදුන්නානම් මේ යුද්ධය අපට දිනන්න බැහැ. ඒ නිසා හැමෝටම මෙහි ගෞරවය යායුතුයි. ඒ ගෞරවය තනියම ගැනීමට කටවුට් ගහන එකට නම් අප විරුද්ධයි.

ප්‍ර:- එල්ටීටීඊයේ විශාල රත්‍රං තොග හමුවුණා කියල එස්.බී. දිසානායක මහතා පසුගිය දවසක කියා තිබුණා?

පි:- මා හමුදාපතිව සිටි කාලයේ රත්‍රං කිලෝ 120 ක් හමුවුණා. ඒවා ලේඛන ගත කරල හමුදා මූලස්ථානයට ගෙනවිත් උසාවියට ඉදිරිපත් කර මහා භාණ්ඩාගාරයට බාර දුන්නා. ඒත් එතනින් එහාට ගියේ කොහාට ද කියා අප දන්නේ නැහැ. ඊට පස්සෙත් රත්තරං හමුවෙලා තියෙනවා. ඒ ගැන මට උත්තර දෙන්න බැහැ ඒවට වුණේ මොනවද කියල. මා මාස 6 කට කලින් හමුදාපති ධූයෙන් ඉවත් වුණා කියලා එස්බී මහත්තයා දන්නේ නැතිව ඇති.
(මංගල සමරවීර මහතා) ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට එන බව දැනගත් වහාම මෙතුමා උසාවියට බාරදුන් රත්‍රං කිලෝ 120 මහ බැංකුවට දුන්න කියලා බැසිල් රාජපක‍ෂ හදිසියේ ප්‍රකාශ කරනවා.
ඔහුට මොකක්ද තිබූ අයිතිය මාස 6 කට පසුව ඒ රත්තරං බැංකුවට බාර දෙන්න. අප දන්නේ කොහොමද එතන මුළු රත්‍රං ප්‍රමාණයම තිබුණද කියා.
(සෝමවංශ අමරසිංහ මහතා) අනෙක ඒව රත්තරං ද දන්නෙත් නැහැ.

13370_101268669900598_100000523972152_35491_6761546_n.jpg
 

bhathiya99

Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    Mahinda 2005 president une naththam balanna tibuna ratata wena de nikan Gen. Fonsekata kade yanna epa. Mahindage tharahata SF election ekata awe, Eka ekage tharaha pirimahanna epa ,