පවුල් කාරයාගේ පෙම් හසුන !!!!!!
එදා අප දෙදෙනා ගොඩ නැගු ප්‍රේම මන්දිරයේ අද අප දෙදෙනාටම ඉඩක් නැත.එහි දුව පැන සෙල්ලම් කරන්නේ අපේ දරුවන් ය.අප දෙදෙනාගේ ප්‍රේම රාජ්‍ය දැන් ඒ දරු හමුදාව අතේ ය. එදා ප්‍රේම ගඟේ හැප්පිලා ආ ඒ ප්‍රේම ගීත වෙනුවට දැන් ජනප්‍රිය වී ඇත්තේ දරු නැලවිලි ගීත ය... පොඩි එවුන් අපේ ප්‍රේම හතේ ටියුන් බස්සවා ඇත..

එදා අප දෙදෙනා ප්‍රේම ලෝකයේ තනි වී පෙම් රැඟුම් පැවෙමු..
අද ඒවාට ඉඩක් නැත්තේ පොඩි එවුන් බලා සිටින නිසා ය ...
පෙම් කරන දවස් වල නිකන් සිටීමට බැරි නිසා අපි කාලය ගත කලේ මුහුදු වෙරල, මල් වත්ත, ගං ඉවුර, දිය අල්ල අසල , සත්වෝද්‍යානය, සිනමා පෝලිම සහ පුජනීය ස්ථාන ආදී විනෝදය ගෙන දෙන ස්ථාන අසල ය..
අද පට නොගිහින් ම බැරිව ඇත්තේ දිස්පෙන්සරිය,ඉස්කෝලය, ජාතික පොළ, මාළු කඩය, උකස් බඩු ගන්න තැන ආදී සසර කෙටි කරන ස්ථාන වලට ය..
අනේ ඔය සුදු, අනේ නිකන් ඉන්නකෝ, අනේ චී ඔය හරි නරකයි, මන් තරහයි , එපා ඔය දැක්කද? ,නෑ අනේ මං බොරුවට එහෙම කිව්වේ, අප්පේ තියෙන ආඩම්බරේ ,අත ගන්නකො, කමක් නෑ ඉතින් මට මොකෝ, මං අසයි , අයියෝ අපරාදෙනේ මට දුකයි ඔය මහන්සි වෙනවට, ආදී වශයෙන් එදා ඇසුණු පෙම් වදන් වෙනුවට අද ඇසෙන්නේ අප්පච්චි මෙන්න මල්ලි ගහනවා , ඌයි, ඇද්ද , යකෝ, තොට හිටපන්, කෝ මගේ පැන්සල,මෙන්න නංගි චූ කලා, අන්න අතන කක්කි කරලා, දෙයියෝ සාක්කි මම මැරෙයි, මේ හැතිකරේ මට යන්න තැනක් නෑනේ, නොදකින්!, ආදී වශයෙන් තොර තොන්චියක් නැතිව ඇසෙන කන්දොස්කිරියාව ය.
එදා ලියුම් වලට මුද්දර ඇලවූ මම අද කලිසම් වලට පැච් අලවමි, එදා සිනමා ශාලාවේදී ලයිට් නිවන කන් බල සිටි මම දැන් ලයිට් බිල ගෙවමි, ප්‍රේම ලොවේ මාලිගා තැනූ මම දැන් ගෙවල් කුලී ගෙවමි, ලව් කල මම දැන් පව් ගෙවමි, පෙම් හසුන් ලියු පැනින් මගේ දුක ලියමි...

Last edited: