පවු #චොරගලය කාදිනල් වාදීන් 😂🤣

topkollek

Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිරේ ගිය පකෙක් :-D

    පොදු දේපල පනත යටතේ චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් කොළඹ මහාධිකරණය නියෝග කළේය.

    සුනාමියෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා පසුගිය පාලන සමයේ උතුරු - නැගෙනහිර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන (රාඩා) ආයතනය හරහා වෙන්කරන ලද රුපියල් විසිකෝටියක පමණ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබ තිබෙන්නේ.

    එම නඩුවට අදාළ චෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම කොළඹ මහාධිකරණය හමුවේ සිදුවිය.

    චූදිත ටිරාන් අලස් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා ඉන් අනතුරුව අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සිය සේවාදායකයා දැඩි හෘදරෝගී තත්වයකින් පසුවන බව කියා සිටියේය.

    එවැනි තත්වයක් යටතේ සිය සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගත කළහොත් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකිබව කියා සිටි නීතිවේදියා අදාළ වෛද්‍ය වාර්තා කීපයක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

    එහෙත් එම ඉල්ලීමට විරෝධය පළකළ රජයේ නීතිවේදියා, රෝගී විත්තිකරුවන්ට බන්ධනාගාරය තුළ ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් පවතින බවයි ප්‍රකාශ කළේ.

    එබැවින් විත්තිකරුවන්ගේ රෝගී තත්වය පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරියා මගින් විධිමත් වාර්තාවක් ලබාගන්නා තෙක් විත්තිකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි රජයේ නීතිවේදියා ඉල්ලා සිටියේ.

    එම ඉල්ලීම පිළිගනිමින් ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා ලබන දහවෙනි දිනතෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන නියෝග කළාය.

    මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම්කරනු ලැබ සිටින ඇන්තනි එමිල්කාන්තන් නැමැත්තා අධිකරණය මගහැර සිටින අතර ඔහු වෙනුවෙන් නීතිවේදියෙක් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.
    https://www.bbc.com/sinhala/sri-lanka-37847030
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඕවා වගේද මේවා.මුළු රටම විනාශ කළා.

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    ඇයි අප්ප මෙහෙම කැතලික් අයට යි, කාඩිනල්ටයි මේගොල්ලො එලව එලව ගහන්නෙ.. සොත්ති උපාලි යලි ඉපදිලා වගෙ ඒ එවගෙමයි රගන්නෙ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    සිරිල් ගාමිනි පියතුමන් පැදවු රථයක් හැපී අයෙක් රෝහලට.. දේශබන්දුට කතාකර ගොඩදාගනී..

    December 21, 2023 at 10:22 pm | lanka C news

    සිරිල් ගාමිනි පියතුමන් පැදවු රථයක් හැපී අයෙක් රෝහලට.. දේශබන්දුට කතාකර ගොඩදාගනී..

    අගරදගුරු නිල නිවසේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් විසින් පසුගිය දිනෙක ධාවනය කරන මෝටර් රථයක් යතුරු පැදියක හැපී අනතුරක් සිදුව ඇත.

    එහිදී එම තුවාලකරු රෝහල් ගත කර සිරිල් ගාමිණි පියතුමා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    එම අවස්ථාවේ දී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ සමීපතමයෙකු එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අමතා උදව් ඉල්ලා ඇති බව මහජන ආරක්ෂක ඇමතී ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

    අනතුරුව පොලිස් විමර්ශනයෙන් පසු සිරිල් ගාමිණී පියතුමාට ඇප ලැබී ඇති අතර පසුදා උදෑසන සිරිල් ගාමිණී පියතුමා දේශබන්දු තෙන්නකෝන් මහතා අමතා ස්තුතිය පළ කර ඇති බව ද ඇමතිවරයා පැවසීය.

    තමන්ට ප්‍රශ්න ඇතිවූ අවස්ථාවල මේ ආකාරයෙන් හැසිරෙන අය පසුව තමන් කිසිම අවස්ථාවක පොලිසියට කතා නොකළ අයුරින් හැසිරෙන බවද ඔහු පෙන්වා දෙයි.

    ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ ජනාධිපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302

    මුන් රණ්ඩුවෙනකොට තමයි හැමෝගෙම ඒවා එළියට එන්නෙ.