2019 ජනාධිපතිවරණයේදී විකල්ප පෙරමුණක් ගොඩනැගීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සිජිත් ප්‍රේමදාස මහතා සහභාගීවූ සංවර්ධන ව්‍යාපෘතියක් ජනතා අයිතියට පැවරීමේ උත්සවයටක එක්වෙමින්ය.
සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 225ක වියඳමින් පුත්තලම වනාතවිල්ලුව සමගිපුර ඉදිකෙරුණු රන්මල්විලගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) සිදුකෙරුණි.


