පශ්චාත් මරණ ඡායාරූපකරණය

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පශ්චාත් මරණ ඡායාරූපකරණය

    වික්ටෝරියානු යුගයේ අරුම පුදුම කලාවක් වූ පශ්චාත් මරණ ඡායාරූපකරණය හෙවත් Post-mortem photography

    වික්ටෝරියානු යුගය කියන්නේ මිනිසුන් අරුම පුදුම එහෙමත් නැත්නම් තවත් විටක ජුගුප්සාජනක කලාවන් හෝ පුරුදු හෝ සම්මතයෙන් බැහැරව ගිය ක්‍රියාකලාපයන්, සම්ප්‍රධායන් අනුගමනය කරන ලද කාලපරිච්ඡේදයක් ලෙස විවිද අවස්ථාවල අපිට දැනගන්නට ලැබී තිබෙනවා. එසේම දැනට වසර සියයකට වඩා ඈත කාලයකදී වුනත් ලෝකයේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය පැතිරුණ කලාපවල බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එදා බලයෙන් හෝ පුරුදු කරන ලද එම පුරුදු වලින් සමහරක් අදටත් භාවිතාවේ යෙදෙනවා දැක ගන්නට පුළුවන්. මේ ආකාරයේ අද නම් සාමාන්‍ය මිනිසුන් අතර ප්‍රචලිත නැති කලාවක් තමයි පශ්චාත් මරණ ඡායාරූපකරණය දක්වන්නට පුළුවන් වෙන්නේ. ඒත් මිනීමැරුම් හෝ හදිසි සැක සහිත මියයාම් වලදී අපරාධ පිළිබදව සොයාබලන පොලීසිය වගේ ආයතන පශ්චාත් මරණ ඡායාරූපකරණය ඒ ඒ තාක්‍ෂනික ක්‍රමවේදයන් ඔස්සේ භාවිතා කරනවා. ඒත් මේ ලිපියෙන් කියන්නට යන්නේ එවැනි නීතිමය අවස්ථාවන්ට යොදා ගැනෙන පශ්චාත් මරණ ඡායාරූපකරණයක් නොවෙයි. මෙහිදී අපට ජීවිතය තුල සමීපව සිට මෙලොවින් නික්මුණ සමීපතමයන් ජීවමාන ඉරියව් වල සිටින ආකාරයෙන්ම මරණයට පත්ව සිටියත් කිසිදු පිළිකුලකින් තොරව එකිනෙකා ස්පර්ශව සිට ගැනුන සේයාරූ පිළිබදව තමයි මේ කියන්නට යන්නේ.

    ඇත්තෙන්ම කුඩා දරුවන්ගේ පවා මළසිරුරු වල සේයාරූ මෙහිදී පළ කෙරෙන නිසා යම් කම්පනයන් දැනීමට ඉඩ තිබෙන බවද අවධාරණය කරන්නෙමි.

    2017-04-26_11-43-05.jpg

    2017-04-26_11-44-04.jpg

    2017-04-26_11-44-22.jpg

    2017-04-26_11-44-38.jpg

    2017-04-26_11-45-07.jpg

    2017-04-26_11-45-31.jpg

    2017-04-26_11-46-08.jpg

    2017-04-26_11-46-52.jpg

    2017-04-26_11-47-13.jpg

    2017-04-26_11-47-29.jpg

    2017-04-26_11-47-48.jpg

    2017-04-26_11-48-05.jpg

    2017-04-26_11-48-25.jpg

    2017-04-26_11-48-39.jpg

    2017-04-26_11-48-54.jpg

    2017-04-26_11-49-27.jpg

    2017-04-26_11-49-42.jpg

    2017-04-26_11-49-57.jpg

    2017-04-26_11-50-24.jpg

    2017-04-26_11-51-08.jpg

    2017-04-26_11-51-42.jpg

    2017-04-26_11-52-04.jpg

    2017-04-26_11-52-43.jpg

    කෙසේවෙතත් ඇතැම් නිරීක්‍ෂකයින් පවසන්නේ මෙම ඇතැම් සේයාරූ සත්‍ය වශයෙන්ම මෙම පවසන්නාවු කලාවට අයත් නොවන නෙඑසේ නම් පශ්චාත් මරණ ඡායාරූප යයි වරදවා වටහා ගත් ඡායාරූපද එදා කැමරාකරණයේ වූ දෝශ හෝ ඡායාරූප ගැනීමේදී සිදුවූ ශිල්පීය අතපසුවීම් හෝ අදමෙන් ක්‍ෂනිකව සේයාරුවක් ගැනීමට ඇති නොහැකියාව නිසා ජීවමාන මිනිසුන්ද ඇතැම් විට ඉරියව් වල ඇති නොගැලපීම් මත කාලයත් සමග පශ්චාත් මරණ ඡායාරූපයක් ලෙස කාණ්ඩ ගත කර ඇති බවයි.

    කෙසේවෙතත් මෙම සේයාරූ වල ඇති සාවද්‍ය හෝ නිරවද්‍ය බව දැන ගැනීමට ඇති නොහැකියාවද සටහන් කරමින් එදා එනම්, 19 වන සියවසේ අගභාගයේ සහ විසිවන සියවසේ මුල් කාල වකවානුවේදී මෙවන් වූ කලාවක් ලෝකයේ, විශේෂයෙන් යුරෝපයේ හා අැමරිකාවේ පැවතුන බව ඔබගේ දැනුමට එකතු කරන්නට කැමැත්තෙමි.

    ලියුවේ Dinesh Guruge

    http://sathsamudura.blogspot.com/2017/04/post-mortem-photography.html