පස්යාල-අනතුරෙන් 68ක් රෝහලේ
පස්යාල බස් අනතුරෙන් තුවාල ලැබූ මගියකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
තුවාලකරුවන්ගේ ගණන 68ක් බවත්, හිමි නමක් ඇතුළු තිදෙනකු කොළඹට මාරු කර එවූ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල මං සන්ධිය ආසන්නයේ ඊයේ (17) පස්වරුවේ සිදුවූ බස් රථ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 68 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් වතුපිටිවල රෝහලට ඇතුළත් කෙරුණු අතර බරපතල තත්ත්වයේ පසුවන තුන්දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. ශ්‍රී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා. බිබිල සිට කොළඹ බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ කොළඹ සිට මාදුරුඔය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි ඔහු කියා සිටියේ.
පස්යාලේ බස් අනතුර CCTV කැමරාවේ සටහන්වූ අයුරු.
පස්යාල අනතුරෙන් 68ක් රෝහලේ

වීඩියෝ දර්ශන පහතින්
තොරතුරු උපුටා ගැනීම- අන්තර්ජාලය ඇසුරිනි
Last edited: