පස් සාම්පල් මෝදි අනුරපුරේට පූජා කරයි
බුදුන් වහන්සේගේ පා පහස ලද මහා භාරතයේ පූජනීය සිද්ධස්‌ථාන ආශ්‍රිත පස් සාම්පල් කීපයක් අඩංගු මංජුසාවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පෙරේදා (14 දා) අනුරාධපුර අටමස්‌ථානාධිපති, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙත අනුරාධපුර ඓතිහාසික විජය ශ්‍රී ජය ශ්‍රී බෝ සමිඳුන් අබියසදී පූජා කරන ලදී. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහ සෑම වන්දනා කිරීමට ගිය අවස්‌ථාවේ සිහිවටනයක් ලෙස මෙම පස් සාම්පල සහිත මංජුසාව පූජා කරනු ලැබිණි.
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනා කිSමට පෙර ඉන්දීය අගමැති හා ශ්‍රී ලංකා ජනාධිපති ඇතුළු පිරිස බෝමළුව විහාරස්‌ථානයේදී අටමස්‌ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් බෝ සමිඳුන් වෙත රතු නෙළුම් මල්, මල් වට්‌ටි, සිවුරු සහ අටපිරිකර පූජාකොට ආශිර්වාද ලබා ගත්හ.
ඉන් අනතුරුව අටමස්‌ථානාධිපති නාහිමියන් ප්‍රමුඛ අටමස්‌ථානයට අයත් විහාරස්‌ථානවල විහාරාධිපති හිමිවරුන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට සෙත් පිරිත් සඡ්ජායනාකොට පිරිත් නූල් බැඳ ආශිර්වාද කළහ.
මේ අතර තම දෙදින ශ්‍රී ලංකා සංචාරය සිහිවීම පිණිස බුදුන් වහන්සේගේ පා පහස ලද මහා භාරතයේ උන්වහන්සේ වැඩ සිටි පූජනීය සිද්ධස්‌ථානවල පස් කොටස් අඩංගු මංජුසාවක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් අටමස්‌ථානාධිපති හිමියන් වෙත පූජා කිරීම විශේෂ සිදුවීමක් විය.
අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඓතිහාසික රුවන්වැලි මහා සෑය වන්දනා කර ආශිර්වාද ලබා ගත් අතර, එම අවස්‌ථාවේ අනුරාධපුර පූජා භූමියට අධික වර්ෂාවක්‌ද පතිත විය.
එහිදී ආගමික වතාවත සිදු කළේ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් විසිනි.
අනුරාධපුර සංචාරයේ නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජය ශ්‍රී මහා බෝධිය අසලදී උතුරු මැද පළාත් ආණ්‌ඩුකාර පී. බී. දිසානායක සහ රුවන්වැලි මහා සෑය අසලදී ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර යන මහත්වරුන් විසින් පිළිගනු ලැබූහ.
මෙම අවස්‌ථාවට බුද්ධ ශාසන හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, සමාජ සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල සහ අනුරාධපුර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්‌ස කරල්ලියද්ද යන මහත්වරුද සහභාගි වූහ.
sorce http://www.divaina.com/2015/03/16/news07.html
මු යකො ලන්කාවෙ බෞද්දයන්ටත් වඩා බුද්දාගමට සලකනවනෙ අර තාඊලන්තෙ පට්ට බෞද්ද යුන්ග්ලක් ශිනවත්‍රාත් දලදා මාලිගාවට විතරඊ ගියෙ . මෙ තමන්ගෙ රටෙ තම පාලන කාලයෙ මුස්ලිම් මිනිස්සු 1000ක් විතර මෑරුව කියලා චොදනා ලබපු හින්දු ජාතිකවාදියෙක් මෙහෙම කිරීම විස්මයට කරුනක්.
අනික මෙයාට බුදුදහමට සලකනවනම් හොදම දෙ තමඊ අර උතුරු ඉන්දියාවෙ බෞද්ද පන්සල්ටික සන්වර්දනය කරන එක. මටනම් හිතෙන්නෙ එක්කො ඉන්දියාවෙ ලන්කාවේ බෞද්දයො ගෑනතියන පොලිසි එක වෙනස් වෙලා එහෙම නෑත්නම් අපිව අන්දනවා මොකක් ද මෙ ගෑන උම්බලට හිත්තෙන්නෙ?