පස්(soil)
නාය යාම්පස විනාශ වීමේ අනිසි ප‍්‍රතිඵලයක් ලෙස නාය යම් පෙන්වා දිය හැක.රොන්මඩ , බොරළු , වැලි හා විශාල ගල් වලින් පිරුණු විශාල බරකින් යුත් පොළොවේ කොටසක් ගුරුත්වා කර්ෂණ බලය නිසා උස තැන්වල සිට පහත් තැනකට ගලා ඒම නයෙක් ඇදෙන ආකාරයේ ස්වරූපයක් ගන්නා බැවින් ද මෙයට නාය යාම් නමැති වචනය භාවිතා කෙරේ.
පස පෝෂණය කරන පණුවන්ඈත අතීතයේ පටන් බිම් පණුවන්ගෙන් පස සාරවත් කිරීම සඳහා ඉතා වැදගත් මෙහෙයක් ඉටුවන බව බොහෝ ගොවීහු දනිති. සාමාන්‍ය පාරිසරික තත්ත්ව යටතේ මතු පිට සරු පස් අඟලක් සෑදීම සඳහා වසර 500 - 1000 ක් පමණ ගතවන බවට විද්‍යාඥයින් සොයා ගෙන තිබේ. නමුත් අවශ්‍ය ඓන්ද්‍රීය ද්‍රව්‍ය හා තෙතමනය තිබේ නම් පණුවන්ට එය වසර 5 කදී කළ හැකිය. මේ අනුව පැහැදිලි වන්නේ පණුවන්ට අවශ්‍ය පරිසරය සකස් කොට දීම මඟින් ඕනෑම පසක් ටික කාලයක දී සාරවත් කළ හැකි බවයි. පණුවන් පසට පෝෂක කොටස් එකතු කරනු ලබන්නේ පරිසරයට කිසිම හානියක් සිදු නොකරමිනි. මේ පෝෂක කොටස් සාරවත් අස්වැන්නකට අත්‍යවශ්‍ය වේ. නමුත් ඉක්මනින් අස්වනු නෙළා ගැනීමට යාම නිසාත් කෘතී‍්‍රම රසායන ද්‍රව්‍ය පසට එකතු කිරීම නිසාත් පණුවන් විශාල සංඛ්‍යාවක් ඉක්මනින් විනාශ වී යති.
ඉක්මනින් මුදල් ලබාගැනීමේ අවශ්‍යතාව නිසා ස්වභාව ධර්මය අමතක කොට කෘති‍්‍රම ද්‍රව්‍ය යොදා නිපදවන ආහාර පරිහරණයට ගැනීම නිසා විශාල වශයෙන් ලෙඩ රෝග බෝ වීමේ අවධානම වැඩි වී තිබේ. කෘමි නාශක නිසා පණුවන් ක‍්‍රම ක‍්‍රමයෙන් වඳ වී යාමේ ප‍්‍රවණතාව වැඩිය. පණුවන් නිසා බෝග වලට හිතකර බැක්ටීරියා බෝ වන බවත් එසේ බෝගවලට හිතකර නොවන බැක්ටීරියා විශාල වශයෙන් පණුවන් විසින් විනාශ කරන බවටත් තොරතුරු හෙළි වී තිබේ.පණුවන් විසින් වසරක් තුළ ආහාරයට ගෙන පිටකරනු ලබන පණු පස් ප‍්‍රමාණය අක්කරයකට වියළි පස් ටොන් 15 ක් පමණ වේ. මෙයට තෙතමනය අඩංගු වූ විට කොපමණ වේ දැයි සිතා බලන්න. මේ අනුව පණුවන්ගේ ආහාරය අවශ්‍ය වන කාබනික ද්‍රව්‍ය යොදමින් පස හොඳින් නඩත්තු කළ හොත් වසර 10 ක් තුළ දී ඔවුන් කොපමණ පස් ප‍්‍රමාණයක් පෙරළන්නේ දැයි ගණනය කර බලන්න. මෙයට හොඳම උදාහරණය නිවසේ කසළ ගෙන ගොස් දමන ස්ථානයේ පස් තට්ටුවයි.
එහි විශාල පණු ගහනයක් සිටින අතර ඒ පස ඉතා සාරවත් ද වේ.ඓන්ද්‍රිය ද්‍රව්‍ය කි. ග‍්‍රෑම් 100 ක් සාමාන්‍ය ක‍්‍රම යටතේ කොම්පෝස්ට් කිරීමෙන් N,P,K කිලෝ ග‍්‍රෑම් 1 ක් පමණ ලබාගත හැකියි. නමුත් පණුවන් යොදා කොම්පෝස්ට් කිරීමෙන් ලබාගත හැකි N,P,K ප‍්‍රමාණය දෙගුණයකි. එම නිසා පණු කොම්පෝස්ට් කරණය සාර්ථක අස්වැන්නකට වැඩි ඵලදාවකට බෙහෙවින් ඉවහල් වන්නේය.
පුස්පියවි ඇසට පෙනෙන හා නොපෙනෙන පුස් වර්ග රාශියක් ඇත. ආම්ලික භාෂ්මික හා උදාසීන පස තුළ එම තත්ත්වයන්ට ඔරොත්තු දෙන විවිධ පුස් වර්ග තිබේ. නමුත් ආම්ලික තත්ත්ව යටතේ පුස් වර්ග වැඩිපුර දක්නට ලැබේ. ඒවා පොළොව මත පතිත වන ඓන්ද්‍රිය ද්‍රව්‍ය මත ප‍්‍ර‍්‍රථමයෙන් කි‍්‍රයාත්මක වන ශුද්‍ර පැළෑටි වර්ග වේ. පුස් වර්ගවල කි‍්‍රයාකාරිත්වය නොමැතිනම් ශාක පත‍්‍රවල ජීර්ණය බෙහෙවින් අඩාල වීමට ඉඩ ඇත. කාබනික ද්‍රව්‍ය අඩංගුවන සෑම ස්ථරයකම පාහේ පුස් වර්ග දක්නට ලැබේ. එහෙත් වැඩිම ගහනය දක්නට ලැබෙන පුස් වර්ග පෙනිසිලම්, මියුකෝ, ට‍්‍රයිකොෆරේමා හා ඇස්පර්පිලස් කාණ්ඩවලට අයත් වේ. වියළි පස් ග‍්‍රෑමයක තිබූ පස් ගහනය දස ලක්‍ෂයක් පමණ විය. ඒ අනුව අක්කරයක් තුළ කි. ග‍්‍රෑම් 400 - 500 දක්වා පුස් වර්ග අඩංගු වේ.
පසට යොදනු ලබන ඕනෑම ඓන්ද්‍රිය ද්‍රව්‍යයක් පුස්වලට ප‍්‍රයෝජනවත් වේ. ද්‍රව්‍ය හා තෙතමනය අඩුවෙන්ම පුස් ජාලයේ කායික වර්ධනය දුර්වල වී බීජ වර්ධනය වීමට පටන් ගනී. මෙම බීජවලට ඉතා දුර්වල තත්ත්වයන්ට වුවද ඔරොත්තු දීමේ හැකියාව තිබේ. කලක් ප‍්‍රරෝහනයෙන් තොරව වාතයේ හා පසේ රැඳී තිබීමේ හැකියාව ද ඇත. පුස් වර්ග මගින් නිපදවනු ලබන ප‍්‍රතිජීවී රසායනික ද්‍රව්‍ය රාශියකි. පෙනිසිලින්, ඔරියොමයිසින්, ක්‍යුගමයිසීන් ආදිය ඉන් සමහරකි. මේවා ශාක තුළට අවශෝෂණය වීමෙන් මතුපිට කොටස්වලට හානි කරන ශුද්‍ර ජීවීන් හා දිලීර වර්ග සෑහෙන දුරට පාලනය වන බව වැටහී ඇත. පොදුවේ ගත් කල දිලීර වලට නොයෙකුත් කාබනික ද්‍රව්‍ය රාශියක් වියෝජනය කළ හැකිවේ.
සේලියුලෝස්, පිෂ්ඨය ලිග්නින් සහ පහසුවෙන් ජීර්ණය වන ප්‍රෝටීන් සහ සීනිවර්ග ජීර්ණය වේ. හ්‍යුමස් සෑදීමේ කි‍්‍රයාවලියේදී හා පාංශු සංඝටක සෑදීමේදී බැක්ටීරියා වලට වඩා වැදගත් තැනක් ගනී. ආම්ලික පසින් යුක්ත වනාන්තර පසේදී මෙය මැනවින් දැකගත හැකි වේ. දිලීර මගින් ෙඓන්ද්‍රිය ද්‍රව්‍ය වියෝජනය වීමේදී එහි අඩංගු කාබන් හා නයිට‍්‍රජන් වලින් 50% කට ආසන්න ප‍්‍රමාණයක් දිලීර ජාලයට අවශෝෂණය වේ. දිලීරවලට ඓන්ද්‍රිය ද්‍රව්‍යවල අඩංගු ඇමෝනියා රසායනයන් නයිට‍්‍රයිට් බවට ඔක්සිකරණය කිරීමේ හැකියාව නැත. එසේම වාතයෙ ඇති නයිට‍්‍රජන් ප‍්‍රයෝජනයට ගැනීමේ (තිරකර ගැනීමේ) හැකියාව ද නොමැත. දිලීර මගින් පාංශු සාරවත් භාවය දියුණු කිරීම සඳහා විශාල
සේවාවක් ඉටුවේ. දිලීරවල සේවාව ලබාගැනීම සඳහා පසට කාබනික ද්‍රව්‍ය එකතු කළ යුතු වේ.
>>>>



