පසුගිය දින 10ට කොවිඩ් මරණ 296ක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඊයේ (02) දිනයෙන් අවසන් දින 10ක කාලය තුළ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 300කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛණ පෙන්වාදෙයි.

    ඒ අනුව මැයි මස 22 වනදා සිට ඊයේ දිනය දක්වා මෙරට තුළ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 296 කි.

    ඒ අනුව පසුගිය දින 10ක කාලය තුළ එක් දිනකදී දල වශයෙන් මරණ 30 ක් පමණ සිදුව තිබේ.

    මින් වැඩිම මරණ සංඛ්‍යාවක් මැයි 25 සහ 27 යන දෙදින තුළ සිදුව ඇති අතර එම සංඛ්‍යාව 36 කි.

    මීට අමතරව මැයි මස 23වනදා සහ 26වනදා මරණ 32 බැගින් වාර්තා වී ඇත.

    මැයි මස 29 වනදා මරණ 30 ක්, 28 වනදා මරණ 28 ක් සහ 30 වනදා මරණ 26 ක් වාර්තා වී තිබේ.

    එම කාලය තුළ අවම මරණ සංඛ්‍යාවක් ජුනි මස පළමුවනදා සිදුව ඇති අතර එම සංඛ්‍යාව 5කි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිච්චාවත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තෙසං වුපසමො සුඛො
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනිච්චාවත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තෙසං වුපසමො සුඛො


    ubalage gewal paththe wahinawada???