මෙන්න මේක තමයි ප්‍රශ්නය.
රෙප් කියන එක මිනිහෙකුගෙ 'තත්ත්වය' පෙන්නුම් කරන ලකුණක් නොවෙයි එයාගෙ පෝස්ට්ස්වල ගුණාත්මකභාවය පිළිබඳ ළකුණක් වෙන්න ඕනෙ.
වෙනත් කෙනෙකුට අපහාස කරනවනම්, නරක වචන කියනවනම් - රෙප් දෙන එක ඒ කෙනාට තමන්ගෙ වරද හදා ගන්න උපකාරී වෙනවා. මටත් එහෙම එකක් ලැබුණා-මම මගේ වරද තේරුම් ගත්තා. ඒ වරද මම නැවත කළේ නැහැ.
නමුත් වෙනස් මතයක් දැරුව පමණින් -රෙප් දෙන එකේ අර්ථය කුමක්ද? මට -රෙප් දීල තිබුණ සමලිංගිකත්වය පිළිබඳ මා දරන මතය 'bull shit' කියල. මහින්දට හෝ සරත්ට පක්ෂව කතා කළ පමණින් -රෙප් දීමත් ඒ වගේ තේරුමක් නැති ක්‍රියාවක්. ඒක ඒ ඒ කෙනාගෙ මතය. නමුත් මතය පැහැදිලි කිරීමේදී නරක වචන භාවිතා කරනවනම්, -රෙප් දුන්නට කමක් නෑ.