පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් සහ
පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් සහ සමූහ ඝාතන
[0]
බූන්දි| සඳුදා, අගෝස්තු 5, 2013| 17:09:52
(කාලීන අදාළත්වය සලකා කරනු ලබන නැවත පළ කිරීමකි.)
පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී තිබුණේ දෙසැම්බර් 10 වෙනිදාටය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි බල ගන්වනු ලැබුණේ දෙසැම්බර් 06 වෙනිදාය. මේ අනුව කොළඹ සති අන්ත ‛ජාතික පත්තර’ මානව හිමිකම් දිනය සමරා ලිපි හා සේයා රූ පළ කොට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසසා කතුවැකි ලිවූහ.
දෙසැම්බර් 07 වෙනිදා ජාතිය අමතා කතාකළ ජනාධිපති රාජපක්ෂ ‛ඔබ සිටිය යුත්තේ ත්‍රස්තවාදය සමගද, පොදු මහජනයා සමගද යන්න ඔබ තීරණය කරන්න. මෙම දෙපිල නිශ්චිතව තෝරා බේරාගන්න. කිසිවෙකුට එකවර මේ දෙපිල නියෝජනය කළ නොහැකියැ’යි කීවේය. ‛ත්රස්තවාදයට එරෙහි තමන්ගේ ගෝලීය සංග්‍රාමය’ ආරම්භ කරමින් 2001 සැප්තැම්බර් 20 වෙනිදා සෙනේට් සභාවේ ඒකාබද්ධ සැසිවාරය සහ ඇමරිකානු ජනතාව අමතා ජනාධිපති බුෂ් මෙසේ කීවේය: 'එක්කෝ ඔබ අපි සමගය. නැතහොත් ත්රස්තවාදීන් සමගය. ත්රස්තවාදයට එරෙහි යුද්ධයේදී නිර්පාක්ෂික නිශ්ක්රීයතාවට ඉඩක් ඇත්තේ නැත.'
මේ අනුව දැන් අපට ඇමරිකානුවන් ගිය අඩි පාර හමු වී තිබේ. නමුත් ඇමරිකානුවන්ට වඩා වෙනස් ඉරණමක් ඒ පාරේදී අපට හමුවෙතැයි බොහෝ දෙනා අදහති. මේ ලිවීමේ අරමුණ ඒ ඇදහිල්ලට බාධා කිරීම නොවේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979දී ගෙන එන ලද්දේ ජයවර්ධන විසිනි. ඒ උතුරේ ත්‍රස්තවාදය හය මාසයකින් අතුගා දැමීමේ කාර්යය පහසු කරනු පිණිසය. ඒ වනවිටත් ජයවර්ධනගේ බෑණා වූ බ්‍රිගේඩියර් වීරතුංග උතුරේ සය මාසික ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු අරඹා තිබිණ. යාපනයේ මාවත් අද්දර තරුණ මළ සිරුරු කඳු ගැසිණ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන්නේ ‛කොටි’ බැවින් සාමාන්‍ය ජනයාට එය ‛කොටි පනත’ විය. ඒ වචනය නිෂ්පාදනය කරන ලද්දේ කොළඹ පත්තර විසිනි. කොටි මඩින පනත් ගැන අපි කුමට කළබල වෙමුදැයි සිතූ බොහෝ දෙනා තම තමන්ගේ කටයුතු පාඩුවේ කරගත්හ.
1983 ජූලි මස 30 වෙනිදා හදිසි නීති 68 වන රෙගුලාසියේ පළමු ඡේදය යටතේ ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජ පක්ෂය තහනම් කරමින් ජයවර්ධන දකුණට යුද්ධ ප්‍රකාශ කළේය. අපි සහ කොටි වශයෙන් විභේදනය වූ බහුතර සිංහලයාගේ මානසික ලෝකය පුපුරා යාම ඇරඹුණේ ඉක්බිතිවය. 1984 නොවැම්බර් 08 වෙනිදා දෙනියායේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් 23 දෙනෙකු හදිසි පොලිස් වැටලීමකින් අත් අඩංගුවට ගනු ලැබ මාතර බන්ධනාගාරයට ගාල් කරනු ලැබිණ. ‛කොටි පනතේ’ බිහිසුණු වගන්ති සිංහලයින්ට එරෙහිව ක්‍රියාත්මක වීම පෙරට ආවේ එපරිද්දෙනි. 1985 පෙබරවාරි 12 වෙනිදා නිකුත් කළ නිවේදනයක ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෙසේ ලීවේය: "ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ය යන චෝදනාව යටතේ පුද්ගලයින් 23 දෙනෙකු අත් අඩංගුවට ගැනීම පිළිබඳ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ විශේෂ අවධානය යොමුව ඇත්තේ දකුණේදී ආණ්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුල් වරට යොදාගත් බවට වාර්තා වන්නේ මෙම අවස්ථාවේදී බැවිනි."
[0] බූන්දි| සඳුදා, අගෝස්තු 5, 2013| 17:09:52