පහරදීමේ වගකීම මගේ - I sent troops to waliweria

Truth_lanka

Member
Aug 5, 2013
1
1
0
පහරදීමේ වගකීම මගේ - I sent troops to waliweria

පසුගියදා වැලිවේරිය උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා හමුදාව යෙදවීමට තමන් උපදෙස් දුන් බව බොදු බල සේනා ප්‍රධාන ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් අද(05) පුවත්පතකට ප්‍රකාශ කොට තිබේ.
වැලිවේරිය සිදුවීම පිළිබඳ බොදුබල සේනාවේ නිහඬ පිළිවෙත ගැන පුවත්පත කළ විමසීමකදී උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කොට තිබේ.
වැලිවේරිය සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව හමුදාව වැලිවේරියට යවන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් තමන් ඉල්ලා සිටි බව උන් වහන්සේ පවසා තිබේ.
වැලිවේරිය ජනතාවට වෙඩි තැබීම සහ පාසල් දරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමසූ විට උන් වහන්සේ ප්‍රකාශ කොට ඇත්තේ "ජනතාව සාමකාමී ලෙස විසිරී ගියානම් වෙඩි තබන්නේ නෑ. ඒ නිසා සිදුවීම සම්බන්ධව හමුදාවට සහ ආරක්ෂක අමාත්‍යංශයට දෝෂාරෝපණය කරන්නේ නෑ"


galaboda_thumb_medium650_.jpg
 
  • Like
Reactions: ^Buddhika^