පහේ ශිෂ්‍යත්ව විභාගය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පහේ ශිෂ්‍යත්ව විභාගය

    [FONT=&quot]පහේ[/FONT] [FONT=&quot]ශිෂ්‍යත්ව[/FONT] [FONT=&quot]විභාගය ලියන එවුන් කවුද ඉන්නේ? දෑන් ලෑස්තිද?
    [/FONT]




    පහේ ශිෂ්‍යත්ව විභාගය

    පාසල්වල පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට කාලය පැමිණ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේ දී ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පහේ ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ගේ කායික මානසික තත්ත්වය දුර්වල කරන, දරුවන්ගේ මානසික තත්ත්වය වට්ටන අම්මලා ලෙඩ කරන, අම්මලා මානසික රෝගීන් බවට පත් කරන එකක් යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
    පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ඉතිහාසය මෙරට නිදහස් අධ්‍යාපනයේ ඉතිහාසයම වේ. නිදහස් අධ්‍යාපනයේ නිවුන් සොහොයුරකු ලෙස පහ වසර ශිෂ්‍යත්ව විභාගය එළි දුටුවේය. නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන් පහ වසර ශිෂ්‍යත්ව විභාග ක්‍රමය හඳුන්වා දුන්නේ මධ්‍ය මහා විද්‍යාල 50ක් රට පුරා ආරම්භ කරමිනි. ඉතාම දිළිඳු දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පසුව රජයේ ශිෂ්‍යත්වයක් ලැබ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව සැලසීම මෙහි ප්‍රධාන අරමුණ විය.
    මුල් අරමුණුවලින් බැහැරවීම එක් අතකින් අප රට තුළ ජාතික සිරිතක්ව ප්‍රගුණ කරන සෙයකි. සඳුන් ගැටක් මිටින් අරන් නූපන් දුගී බවම පරම ධනය කරගත් දූපුතුනට බාධාවකින් තොරව ඉගෙන ගැනීමට අවස්ථාව සැලසීම සඳහා හඳුන්වා දුන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය නූතනය වනවිට ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළු කරවා ගැනීමේ අවස්ථාවක් බවට පත් වී තිබේ. එය කොතෙක් මුල් අරමුණුවලින් බැහැරවී ද යත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය ‘‘අම්මලාගේ විභාගය’’ යැයි නාමකරණය වී තිබේ.
    අධ්‍යාපනයේ තරගකාරීත්වයක් තිබේ. තරගකාරීත්වයක් නොමැති නම් එතැන අධ්‍යාපනයක් නැත. එමෙන්ම සෑම දරුවෙක්ම විෂය කරුණුවලට දක්ෂ පක්ෂ නොවෙති. විෂය කරුණුවලට දක්ෂ පක්ෂ නොවන දරුවා විෂය බාහිර ක්‍රියාකාරකම් හිදී හා තාක්ෂණික විෂය ධාරාවලදී අසමාන කුසලතා ප්‍රදර්ශනය කරයි. මෙම දෙඅංශයේම දරුවන්ට ඉහළට යාමේ සම අවස්ථා නිර්මාණය විය යුතුය. එහෙත් අවාසනාවකට මෙන් මෙරට අධ්‍යාපනය තුළ තරම් පන්ති භේදය නග්න ලෙස ප්‍රදර්ශනය වන අන් තැනක් නොමැති තරම්ය. පහ වසර ශිෂ්‍යත්ව විභාගය ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයටම දරුවන් හා මවුවරුන් කායික මානසික රෝගීන් බවට පත්කරන වාහකයක් බවට පත්ව තිබෙන්නේ එහෙයිනි.
    ‘‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ’’ යැයි කියමනක් තිබේ. පුංචි දරුවාගේ ගමන් මඟ හඳුනාගැනීමේ ඉවක් එකල වැඩිහිටියන්ට තිබිණි. එහෙයින්ම එම දරුවාගේ මාර්ගයේම ඉදිරියට යාමට ඉඩහසර විවර විය. එහෙත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය මනුෂ්‍ය ආත්ම භාවයේ පළමුව හමුවන රනින් නිමවන ලද දොරටුවක් ලෙස අබිසෙස් කර ඇති හෙයින් මවුපි​ෙයා් දරුවාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර තමන්ගේ අරමුණ වෙතට යොමු කරවති. එම තරගකාරී පසුබිම තුළ අධිවේගයෙන් දුවන මවුපියන්ට දරුවාගේ මානසිකත්වය හඳුනා ගැනීමට තරම් නිස්කාංසුවක් හිමිවන්නේ නැත. තමන් පෙළෙන පීඩාව වචන කිරීමට තරම් හැකියාවක් නොමැති පුංචි දරුවෝ බරපතළ ලෙස අසරණ වෙති. එය වූ කලී ළමා හිංසනයෙන් කෙ​ෙලසකින් හෝ වෙනස් නොවන්නකි.
    පාසල් අධ්‍යාපනය තුළ දී එක් විෂයයක උපරිම කාල සීමාව විනාඩි 40කි. පාසල් යන වයසේ පසුවන දරුවකුට ඊට එහා කාලයක් අවධානය යොමු කිරීමට අසමත්වීම එයට හේතුවය. දරුවකුගේ මානසික ඔරොත්තු දීමේ ශක්‍යතාව අධ්‍යාපනඥයන් හා මනෝ විද්‍යාඥයන් නිර්ණය කර තිබෙන්නේ එසේය. එහෙත් පොදුවේ ගත් කල්හි පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන බොහෝ දරුවන්ට මෙම නිර්ණායක හා සීමා අහෝසි වී යයි. ඇතැම්විට රාත්‍රී 10-11 වනතුරුත් උපකාරක පන්තිවල නිදි කිරා වැටෙමින් ඉගෙන ගැනීමට දරුවාට සිදු වේ.
    මෙම අයහපත් ලක්ෂණ තුරන් කළ හැකි නම් ඉතා යහපත්ය. එහෙත් සමාජය ඒ පමණට දියුණු නොවුණුවිට නිර්දේශවන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමය. එහෙත් එය කළ යුතුවන්නේ සෑම දරුවකුටම සමාන අධ්‍යාපන අයිතිය සුරක්ෂිත වූ පරිසරයකය. සැබැවින්ම ‘‘ළඟම පාසල හොඳම පාසල’’ බවට පත්වන්නේ නම් මෙම ප්‍රශ්නයට එය කදිම පිළිතුරක් වනු ඇත.


    lankadeepa
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar267406_337.gif
     

    Similar threads