පළපුරුද්දේ වග – වසර 40 හා දින 40
වසර හතලිහක දේශපාලන පළපුරුද්ද සහිත මහින්ද රාජපක්ෂ මහතා හා සටනට වැද තිබෙන්නේ ආණ්ඩුවම කියන පරිදි දින හතලිහකවත් පළපුරුද්දක් නැති සරත් ෆොන්සේකා නම් දේශපාලන නොදරුවා ය.
එහෙත් පුදුමයකට මෙන් කරට කර සටනක් දෙමින් පළපුරුදු දේශපාලනඥයා හොල්මන් කරවීමට මෙ නොදරුවා සමත්ව සිටී.
මෙයින් හැගෙන්නේ ලංකාවෙ දේශපාලනයට දේශපාලන පළපුරුද්ද සුදුසුකමක් නොවන බව ය.
එය නුසුදුසු කමක් වුව විය හැකි බව ය.
දේශපාලන පළපුරුද්ද සහිත උන්ගේ ක්‍රියාකලාපය බලන විට උන් ලබා ගෙන ඇති පළපුරුද්දෙන් රටට වැඩක් වී නැති බව ය.
එයින් පෙනෙන්නේ ආණ්ඩුව පරාජික වී ඉන්නා තරම ය. දේශපාලන නොදරුවෙකුටත් අභියෝග කරන්නට පුලුවන් දුර්වල පදනමක එය ඉන්නා බව ය.
ශ්‍රී ලංකාවෙ දේශපාලකයෙකු විමට අවශ්‍ය ළමුන් වඩා ගැනීමෙ, මිනිසුන් තුරුළු කරගැනීමෙ, සුභපැතීමෙ හා අත් දෙක එකතු කොට ආශිංශනය කිරිමෙ හැකියාව පමණක් බව ය. එවැනි කුසලතාවයකට දිගු දේශපාලන පළපුරුද්දක්ම අවශ්‍ය නොවන බව ය.
ඝනකම රැවුලක් හා උස මහත පෞරෂයක් තිබීම වුව ප්රමාණවත්විය හැකි බව ය.
දකුණේ ඈත ගමක උත්පත්තිය ලැබීමම අමතර සුදුසුකමක් විය හැකි බව ය.
අනුන්ගේ වැඩවලට ලකුණු දා ගැනීමත් ඕනෑම ප්‍රශ්නයක් පැමිණිවිට කුමන්ත්‍රණයක් යයි දෙකොණ රත්වී ගිරිය පුප්පා ගෙන පපුවට ගසාගෙන කෑගැසීමට හැකි වීමත් ප්‍රමාණවත් දක්ෂතා වන බව ය. ටී වී බලන කොල්ලන් පවා මේ වන විට ඔය දක්ෂතා නම් හොදහැටි ප්‍රගුණ කරගෙන ඇති බැවින් දේශපාලනයේම නාකි වීම ඒ සදහා අවශ්‍ය නොවන බව ය.
මිනිසුන්ගේ වුවමනා එපාකම් ඉටුකිරීමට අසමත් වීම (ලොකුදේවල්නොවෙ. ප්‍රධාන ආහාරය වූ බත සපයා දීම, සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි මූලිකම දේපවා සපයා දීමට අසමත්වීම) දෙවැනි කාලයක් සඳහා සුදුසුකමක් වෙයි නම් පළපුරුද්ද කෙසේවත් අදාළ විය නොහැකි බව ය.
-හදවත් රෝගීන්ට එන්ජීඔග්රම් කිරීමට අවශ්‍ය ඩයි ජාතික රෝහලේ නැතිවී කාලයක් ගත ව ඇතැයි 12 දිවයින පුවත්පතේ පළවී තිබිණි-උන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිහිටයි! ආරක්ෂාවයි!-