පළමු එකතු වීම............18++++++++++++++

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පළමු එකතු වීම............18++++++++++++++

    විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන පළමු ලිංගික එක් වීම ඒ දෙදෙනාගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වේ. මක්නිසාද එම මතකය , ඒ ආධ්‍යාත්මික හැඟීම සදාකල් මතකයේ පවතින තුරාත් , එම මතකය නැවත නැවතත් ආවර්ජනය කිරීමෙන් දෙදෙනා අතර තිබෙන ආදරය නැවතත් ඉස්මතු කරගත හැකි සුන්දර අත්දැකීමක් බැවිනි. මමත් මාගේ බිරිඳත් යම් දින වලදී මෙලෙස අපගේ පළමු එක්වීමේ අත්දැකීම් ආවර්ජනය කිරීමෙන් අපගේ ආදරයේ ගුණාත්මක බව වැඩි වන බවත් , මීළඟ එකතුවීම අපගේ දෙවන එකතු වීම හා සමාන අත්දැකීමක් ලෙස දැනෙන බවත් තේරුම් ගෙන සිටිමු.


    කෙසේ වෙතත් පළමු එකතු වීම දෙදෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධය මත අමිහිරි / මිහිරි / ඉමිහිරි අත්දැකීමක් බවට පත් කර ගැනීමට පුළුවන. ඇත්තෙන්ම සමාජය විසින් විවාහ දිවියට එළැඹෙන යුවතියන් ගේ සිත්හි තැන්පත් කරන ඇතැම් මිත්‍යා මත මෙන්ම , පළමු ලිංගික එක් වීමේ දී ඇති වන වේදනාව පිළිබඳ අමිහිරි මතකයන් නිසා මෙම අතිශය සරාගී , අතිශය සුන්දර මොහොත ක්ෂණයකින් විනාශ වී යාමට පුළුවන.

    පළමුව සඳහන් කළ යුත්තේ මෙලෙස පළමුව ලිංගිකව එක් වීමට පෙර දෙදෙනා සමග සුහද සාකච්ඡාවක් ගොඩනගා ගැනීමයි. මෙමගින් දෙදෙනාගේ සිත් හි ඇති දෑ දෙදෙනාටම අවබෝධ කරගත හැකිය. තවද කාමුක චිත්‍රපට වල ඇති දෑ කිරීමට උත්සහ නොකිරීමද වැදගත් වේ. මක් නිසාද යත් එහි බොහෝ දෑ උද්දීපනය කොට පෙන්වන බැවිනි. දෙදෙනා සමග සාකච්ඡාවෙන් අනතුරුව ලිහිල් වීමේ මෘදු සම්බාහනයක් දෙදෙනා විසින්ම කරගැනීම අගනේය. විශේෂයෙන්ම කාන්තාවට මෙම සම්බාහනය මගින් කායික මෙන්ම මානසික ලිහිල් වීමක් ඇති වනවා මෙන්ම සහකරු පිළිබඳව මනා විශ්වාසයක් ඇති වීමටද උපකාරී වේ. පසුව දෙදෙනා සමගම උණු දිය ස්නානයක් කිරීමද , එහිදී දෙදෙනාගේ සිරුරු වල ආලේපන , සුවඳ විලවුන් ගැල්වීම ආදී වූ ක්‍රියාකාරකම් මගින් අන්‍යෝන්‍ය විශ්වාසය , ගරුත්වය ගොඩ නැගීම සිදුවේ. පළමු එක්වීමට ලිහිසිකාරකයක් එකතු කරගැනීමද නුවණට හුරු ක්‍රියාවකි. එමගින් කාන්තාවකට දැනිය හැකි වේදනාව බොහෝ දුරට සමනය කරගැනීමට හැකිය. මීළඟට තවත් භයානකම මිත්‍යා විශ්වාසයක් වන කන්‍යා පටලය බිඳීම බොහෝ දුරට පළමු ලිංගික එකතු වීම නිරස කිරීමට උපකාර වේ. මේ පිළිබඳව සහකාරිය සමග කතා බහ කොට දෙදෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් ඉදිරි ක්‍රියාදාමය සැලසුම් කළ යුතුය.

    මා යුවතියන් හට ලබා දෙන වැදගත්ම කරුණ නම් ඔබ හැකි තරම් ලිහිල් වන්න. මක් නිසාද ඔබ ලිහිල් නොවුන හොත් යෝනිය ආශ්‍රිතව ඇති සියලු මාංශපේශීන් තද වන අතර මෙය සංසර්ගයේ ඉමිහිරි අත්දැකීම , ඔබට සදාකල් අප්‍රසන්න අත්දැකීමක් වනු ඇත. ඔබට හැකි නම් භගමනිය උත්තේජනය කර සුරාන්තයට පත්වී එහි අත්දැකීම් විඳින්න. එවිට ඔබගේ සහකරුට ඔබට අවැසි අයුරින් ඔබව සුරාන්තයට ගෙන යාමට මග පෙන්වීමේ හැකියාවක් ඔබට පවතිනු
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලිංගිකව එක්වීම ඔබට වේදනාකාරියි ද?

    upload5659954637165133554.jpg

    ඔබ හෝ ඔබගේ සහකරු/සහකාරිය ජීවිතයේ කිසියම් දිනයකදී වේදනාකාරී ලිංගික එකතු වීමක් අත්දැක ඇත්ද? හෝ තවමත් අත්දකිනවාද ? එසේ නම් මේ ලිපිය ඔබ සඳහාම වේ.වේදනාකාරී ලිංගික එකතුවීම් සඳහා බොහෝ හේතු තිබිය හැකිය. එයින් සමහරක් මානසිකමය ගැටළු වන අතර බොහොමයක් කායික ගැටළු වේ. මානසික සහ කායික ගැටළු මෙසේ යැයි කියා එකිනෙකින් වෙනස් කළ නොහැක්කේ යම් අවස්ථා වල මේ එක් ගැටළුවක් නිසා අනෙක් ගැටළු ඇති වන බැවිනි. මෙහිදී අප පළමුවෙන්ම මානසික ගැටළු සඳහා යොමු වෙමු.


    වේදනාකාරී සංසර්ගයට හේතු වන මානසික ගැටළු


    • ලිංගිකත්වය පිළිබඳ මිත්‍යා විශ්වාස සහ දුර්මත.
    • සංසර්ගය පිළිබඳව ඇති අනිසි බිය.
    • තම සහකරු පිළිබඳව ඇති සැකය /අවිශ්වාසය.
      • ඉහත කී කරුණු නිසා යෝනිය සහ ඒ ආසන්න පෙදෙස් වල මාංශ පේශීන් තද වීමක් ඇති වීමට පුළුවන. එසේම යෝනි ශ්‍රාවයන් ඇති වීම හෝ එමගින් යෝනිය ලිහිසිකරණය වීමද නවතියි. එම නිසා ශිෂ්නය සමග රළු ඝර්ෂනයක් සහිත සංසර්ගයක් ඇති වේ. මෙහිදී ඇති වන වේදනාව මනසේ තදින් තැන්පත් වන අතර එය තවදුරටත් වේදනාකාරී සංසර්ගයක් සඳහා අඩිතාලමක් දමයි.
    • මානසික දුබලතා (ආතතිය, මානසික අවපීඩන ආදී)
      • මෙහිදී සංසර්ගයට කිසිදු කැමැත්තක් නොදක්වන අතර සහකරුගේ බලකිරීම් නිසා සංසර්ගය සිදුවේ. එවිටද යෝනි ශ්‍රාවයන් ඇති වීම හෝ එමගින් යෝනිය ලිහිසිකරණය වීමද නවතියි.

    වේදනාකාරී සංසර්ගයට හේතු වන ශාරීරික ගැටළු


    • සමාජ රෝග
    • යෝනි මාර්ග ආශ්‍රිත ආසාදන
    • ගැබ් ගෙල ආශ්‍රිත ගැටළු
      • ගැබ් ගෙල ප්‍රදාහයන්
      • ඇතැම් මෛථුන්‍ය ඉරියව් නිසා ශිෂ්නය ගැබ් ගෙලෙහි තදින් වැදීම (Doggy ඉරියව්වේදී ශිෂ්නය යෝනි මාර්ගයේ ගැඹුරටම ගමන් කරයි)
      • ගැබ් ගෙල පිළිකා
    • ගර්භාෂ ගත ගෙඩි (ෆයිබ්‍රොයිඩ්) ආදිය නිසා
    • එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය
      • මෙය නම් ගර්භාෂගත සෛලයන් එයින් පිටත පිහිටීම නිසා , ඔසප් වීම සිදුවන විට ගර්භාෂයෙන් පිටත රුධිරය ගැලීම සිදුවේ.
    • හෝර්මෝන අසමතුලිතතාවය
    • ආර්ථවහරණය
    • පැලෝපීය නාල තුළ සිදුවන ගැබ් ගැනීම්
    • ඩිම්බ කෝෂ වල ඇතැම් ගැටළු
    • යෝනි මාර්ග තුළ ඇතිවන ඇතැම් තුවාල ආදිය
      • දරු ප්‍රසූතිය
    • දරු ප්‍රසූතියක් ළඟ සිදු වූ පසු සිදුකරන ලිංගික එකතුවීම්.

    ඔබත් මෙවන් වේදනාකාරී සංසර්ගයක් අත්විඳින්නේ නම් වහාම ඔබ ළඟම සිටිනා ප්‍රසව හා නාරි වෛද්‍ය වරයා හමුවන්න. මෙහි ඇති බොහෝ තත්ත්වයන සුළු ප්‍රතිකාර තුළින් සමනය කරගත හැකිය.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔසප් දින වල ලිංගික එකතු වීම

    ඇත්තෙන් ම ඔසප් වීම යනු කුමක්ද ? සාමාන්‍ය ලෙස ගතහොත් වැඩිවියට පත් නිරෝගි කාන්තාවකගේ දින 28 † කට වරක් ගර්භාෂ බිත්ති බිඳ වැටීම සහ ඉන් දින 14 † කට පසුව ඩිම්බහරණයක් සඳහා සූදානම් කිරීමක් යනුවෙන් දැක්විය හැකිය. මෙමගර්භාෂ බිත්ති බිඳ වැටීම ඇතැමෙකුට අධික වේදනාකාරී කාලයක් වන අතර ඇතැමෙකුට මඳ වේදනා ගෙනදෙන්නක් ලෙස දැක්විය හැකිය. මෙහිදී මතක තබාගත යුතු කාරණය නම් මෙම ඔසප් වේදනා ඔබගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාවන් කිරීමට අපහසු වන තරමට වේදනා කාරී නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් යෝග්‍ය බවයි. සමහරු මෙම ඔසප් වීමේදී පිටවන රුධිර තරලය සහ ගර්භාෂ බිත්ති කොටස් පිළිකුල් ලෙස දුටුවද ඇත්තෙන්ම එම පිටවන තරලයෙහි කිසිදු අපද්‍රව්‍යයක් නැති බවත් කුණු ලේ හෝ එවැනි කිසිවක් නැති බවත් පෙන්වා දිය යුතුය.

    ඇත්තෙන්ම මෙම කාලයෙහිදී කාන්තාවන්ගේ තවත් සංකූලතා ඇති වේ. හෝර්මෝන අධික ලෙස වෙනස් වීම නිසා පියයුරු වේදනාවද, මනෝභාවයන් ක්ෂණික ලෙස වෙනස් වීමද , කුරුළෑ සහ හිස්සොරි ආදිය සෑදීමද, මානසික ආතතිය මෙන්ම විෂාදය ආදී බොහෝ ලක්ෂණ පහළ වේ. මෙම සංකූලතා නිසා කාන්තාවන් බොහෝ විට ලිංගිකව එකතු වීමට අකමැති වෙති.

    එහෙත් සහකාරිය මෙවන් අවස්ථාවක ලිංගිකව එකතු වීමට කැමති නම් එහි වරදක් නැත. එනමුත් පිරිමියා මෙය පිළිකුල් කරයි නම් ලිංගිකව එකතු වීම ඔසප් තරලය පහව යනතුරු පසුකිරීම දෙදෙනාටම සුවදායකය. එසේම දෙදෙනාම ලිංගිකව එකතු වීමට කැමැත්ත පළ කරයි නම් ලිංගිකව එකතු වීම වරදක් නොවේ. නමුත් මතක තබා ගන්න........



    • අමතර ඇඳ ඇතිරිලි භාවිතා කරන්න.
    • ඉවසිලි වන්ත වන්න.
    • මෙහිදී සෘජුවම රුධිරය සම්බන්ධ වන නිසා ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග පහසුවෙන් වැළඳිය හැකිය.
    • සාකච්ඡාවෙන් පහසු ඉරියව්වක් තෝරාගන්න.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නිදි යහනේදී අඹු සැමියන් අතර සිදුවන සිත් ර&#353

    ගැහැණියක සහ පිරිමියෙකු අතර ඇති විය හැකි උසස් ම සම්බන්ධය මෛථුන්‍යය යි. ආදරයේ නාමයෙන් මුල් කොට ගෙන සිදුවන මෙම සම්බන්ධය මනුෂ්‍ය සංහතියේම උසස් ම බන්ධනය ලෙස මම අරුත් ගන්වමි. එහෙත් මෙම කාරණාවේදී සෑම දෙයක් ම සැම දිනකම ඒ ආකාරයෙන්ම වේ යැයි බලාපොරොත්තු විය නොහැකිය. මක් නිසාද යත් සුප්‍රසිද්ධ සමාජ විද්‍යාඥයකු වන ආචාර්ය ජෝන් ග්‍රේ මහතාගේ මතය අනුව මිනිසා සහ ගැහැණිය මානසිකව ලෝක දෙකක ජීවත් වන බැවිනි. (Men are from Mars, Women are from Venus -John Gray Ph.D).




    ගැහැණිය යනු අහස වැනි යැයි පැරැන්නෝ කීවෝය. එය සත්‍යයකි. ගැහැණියකගේ මානසිකත්වය සහ කායික හැඩගැස්ම සියල්ල එක් ඒකකයක් සේ ක්‍රියා කරයි. නිතරම සිය පිරිවර ගැන සිතමින් තමා වෙත කිසිදු දෙයක් ඉතිරි කර ගනිමින් ගැහැණිය අනුන් වෙනුවෙන් කැප වී ජයග්‍රහණය කරයි. එහෙත් මෙහිදී ඇති වන මානසික විඩාව නිසා එක් අවස්ථාවක අධික ලෙස හැඬීමටත් , තවත් විටක සතුටින් ඉපලීමටත් ගැහැණියකට හැකිය. කාන්තාවකට සාමාන්‍යයෙන් තම හැඟීම් යටපත් කරගෙන කටයුතු කළ නොහැකිය. ඇයට සෑම දෙයම හැඟීම් ය. දැනීම්ය. ඇය මේ නිසා තමාට හැඟීම් අතින් බොහෝම හිතවත් අයෙක් සමග විවිධ අයුරින් මෙම හැඟීම් බෙදා ගනියි. සාර්ථක පවුල් ජීවිතයක නම් එම හිතවතා තම සැමියා වේ. එබැවින්ම ගැහැණිය යනු අහස වැනි යැයි පැරැන්නෝ කීවෝය.



    මේ අතර පිරිමියා බොහෝ විට තම අභිමානය රැක ගැනීමටත් , තම පෞද්ගලික ඉලක්කයන් සපුරා ගැනීමට සමත් , තනිකම නිදහස ප්‍රිය කරන පිරිසකි. නිතරම තම අරමුණු සහ ඉලක්ක ජය ගැනීම කෙරෙහි සිත යොමු කරන පිරිමියා තම හැඟීම් සමග අනෙකුත් දේ සම්මිශ්‍ර වීමට ඉඩ නොදේ. මේ නිසා සෑම විටම පිරිමියා , ගැහැණියකගෙන් හැඟීම් නැති අයකු ලෙස චෝදනා ලබයි.



    ඉහත කෙටියෙන් දක්වා ඇති ගැහැණු පිරිමි අර්ථ නිරූපනයට අනුව කාන්තාව යහන්ගත වීමේදී පවා තම හැඟීම් තම අත්දැකීම් කර ගැනීමට උත්සහ කරන අතර පිරිමියා ආදරය මිශ්‍ර වුවත් කාමයට මුල් තැන දී කටයුතු කරයි. පිරිමියා විශේෂයෙන්ම තම ලිංගික හැකියාව මැන බලනුයේ තම ගැහැණිය කොපමණකින් සතුටු කළ හැකිද යන සාධකය මත ය. තම ගැහැණිය සතුටු නොවුන හොත් තමාගේ ලිංගික හැකියාව මඳ බවත් , එය තමාගේ අභිමානයට පහරක් බව දැනීම නිසා කණගාටුවටත් , චිත්ත පීඩාවටත් පත් වේ. ගැහැණිය උපරිමයට සතුටු කොට ඇයට සුරාන්ත කිහිපයක් ලබා දුන හොත් එය ඔහුගේ ජයග්‍රහණයක් සේ සලකයි. බොහෝ විට පිරිමියා කුමන මානසිකත්වයක සිටියද ඔහුට සුරාන්තයක් කරා එළැඹීමට එතරම් පරිශ්‍රමයක් දැරිය යුතු නැත.



    තත්ත්වය මෙය වුවත් කාන්තාවකගේ ක්‍රියාවලිය මෙයට හාත්පසින්ම වෙනස් වේ. තමාගේ පිරිමියාගෙන් තමා හට ලැබෙන සහයෝගය මත ගැහැණිය යහන්ගත වීම තීරණය වේ. ඇතැම් දින වලදී ඇයට යහන්ගත වීමට “හැඟීමක් “ නැතිවීමට පුළුවන. එවිට පිරිමියා මෙයට සවන්දීම ඉතාම වැදගත් වේ. ඇතැම් දින වලදී තම ගැහැණිය සුප්‍රසිද්ධ කාම නළඟනක් සේ යහන්ගත වීමටද ඉඩ ඇත. ඇතැම් දින වල ස්පර්ශ , සිප වැළඳ ගැනීම් පමණක් සිදු කිරීමටද ඇයගේ කැමැත්ත පවතී. ඇත්තටම පිරිමියාට මෙම වෙනස තේරුම් ගත නොහැකිය. කාලයාගේ ඇවෑමෙන් මෙය තේරුම් ගත හැකි වුවද , මුල් කාලයේදී මෙම වෙනස වටහා ගැනීම ඉතාම අපහසුය.



    මේ ආකාරයටම පිරිමියාටද තම ගැහැණිය සතුටු කිරීම පීඩනයක් වේ. මක් නිසාද එය ඔහු‍ගේ අභිමානය පිළිබඳ ගැටළුවක් බැවිනි. නමුත් සාකච්ඡා කිරීමෙන් අනැතුරුව දෙදෙනාගෙන් අයකුවත් එසේ සතුටු වීම බලාපොරොත්තු නොවේ යන සම්මුතියට එළැඹගත් කළ එදින පිරිමියාට කිසිදු පීඩනයකින් තොරව යහන්ගත වීටද පුළුවන. කාන්තාවන් විශේෂයෙන්ම මතක තබා ගත යුතු කරුණක් නම් පිරිමියා යහන්ගත වීමේදී සිදු කරන දෑ හෝ ඔහුගේ ලිංගික අවයව පිළිබද හෝ විශේෂයෙන් සංවේදී බවයි. මේ නිසා මෙම දේ පිළිබඳ සසඳා බැලීම් , විවේචනය කිරීම් පිරිමියාගේ සිත් තැවුලට පත්වීමට විශේෂයෙන් බලපායි. පිරිමියාද තම ගැහැණිය සමග යහන්ගත වීමට හෝ වීමේදී බලපෑම් එල්ල කිරීම එම දිනයම අපතේ යැවීමක් විය හැකිය.



    සාකච්ඡාව ඇත්තෙන්ම සයලුම පවුල් ආරවුල් විසඳීමට සුදුසුම මගයි. ඉහත කී මත ගැටුම් අවම වීමට සාකච්ඡා කිරීමත් , එකිනෙකාගේ හැඟීම් තේරුම් ගැනීමට උත්සහ කිරීමත් , ඒවාට ගරු කිරීමත් බලපානු ඇත. මේ අයුරින් පවුල් සංස්ථාවක ගැහැණිය සතුටින් තැබීම , මුළු පවුල් සංස්ථාවම සතුටින් තිබීම හා සමාන යැයි මාගේ මතය යි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    http://kadathura.info/?start=20
    ලිපි ගන්නේ මේකෙන් තව තිනවා ඇවිත් කියවන්න ,ඔක්කොම දැම්මොත් හරි නැහැ ,ඕනෙම ටික තෝරලා ගන්නේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රොකාටත් පතිරණ සින්ඩ්‍රෝම් ද?
    අපෝ නැ වැදගත් හින්දා දැම්මේ අපේ උන්ගේ සෙක්ස් දැනුම පජාතයි :P:P:P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලිංගිකව එකතු වීමේදී පිරිමියෙක්ට අවශ්‍ය
    වන්නේ ස්ථානයක් නමුත් කාන්තාවකට අවශ්‍ය වන්නේ හේතුවක් පමණයි :nerd:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    if sex is a pain in the ass, you are doing it wrong :P

    සැහෙන සංකීර්ණ ක්‍රියාවලියක්

    Thread danna one da kollata kohomada athal denne kiyala.meke horen balana kellantawath penna dapalla :(
    Hama ekema thiyenne kellata mehemai koranne kiyalane :oo:

    ලිංගිකව එකතු වීමේදී පිරිමියෙක්ට අවශ්‍ය
    වන්නේ ස්ථානයක් නමුත් කාන්තාවකට අවශ්‍ය වන්නේ හේතුවක් පමණයි :nerd:

    බම්ප්
    :cool::cool::cool::cool: