පළමු_ඡායාරූප

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රාවණා 1: පළමු ඡායාරූප සහ ඉදිරි වැඩපිළිවෙළ ගැන සම නිර්මාතෘවරිය පැහැදිලි කරයි



_108191576_aedfbe30-ccba-4406-ba42-ebc3862b8111.jpg





ශ්‍රී ලාංකික තරුණ ඉන්ජිනේරුවරුන් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද රාවණා 1 චන්ද්‍රිකාව මගින් ඉදිරියේදී ලෝකයේ සෙසු රටවල ද ඡායාරූප ගැනීමට සැලසුම් කර ඇතැයි එහි සම නිර්මාතෘ විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසීය.


ඇය ප්‍රකාශ කළේ, ඡායාරූප ගැනීමට අමතරව පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමට අදාළ දත්ත ලබා ගැනීම ද මෙමගින් සිදු කරන බවය.


ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරුන් විසින් නිර්මාණය කරන ලද පළමු චන්ද්‍රිකාව වන රාවණා 1 චන්ද්‍රිකාව පසුගිය ජූනි 17 වන දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කෙරිණි.


එම චන්ද්‍රිකාව මගින් ලබා ගත් පළමු ඡායාරූප කිහිපය සෙනසුරාදා (අගෝස්තු 3) බර්ඩ්ස් 3 ව්‍යාපෘතිය විසින් පළ කරනු ලැබීය.


චන්ද්‍රිකාවේ පිහිටි කැමරාවෙන් ලබාගෙන ඇති පළමු ඡායාරූපය මෙයයි.


_108191578_cc0b7c14-f3b0-4818-af40-fe19c39b3a25.jpg



රාවණා 1 චන්ද්‍රිකාවේ කැමරාවේ සටහන් වූ පළමු ඡායාරූපය




ඉන් ලබාගත් සෙසු ඡායාරූප සහ එවායෙහි විස්තර පහත දැක්වේ.


_108191580_76fc86ee-e0d1-4cf9-9c82-643e97fee4ae.jpg





ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය



_108191582_5475c06a-fcb0-4b26-a48e-26ba9f8419bb.jpg



ශ්‍රී ලංකාව දිස්වන අයුරු



_108191584_2a9d312e-1cba-4f2a-9e87-973a5549dac1.jpg





රාවණා 1 චන්ද්‍රිකාව ජපානයට ඔබ්බෙන් ගමන් කරද්දී ගත් ඡායාරූපයක්






චන්ද්‍රිකාව මෙහෙයවීම



_108191688_d6981b5a-658e-4648-93b0-e6c1018ffa83.jpg





රාවණා 1 චන්ද්‍රිකාව පෘථිවියේ සිට නිරන්තරයෙන් නිරීක්ෂණයට සහ අධීක්ෂණයට ලක් වන බව විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ පැවසීය.


"චන්ද්‍රිකාව ගමන් කරන ආකාරය නිරන්තරයෙන් නීරීක්ෂණය වෙනවා. යම් රටකට ඉහළින් ගමන් කරන විට අහස පැහැදිලිව තිබුණොත් අපි මෙහෙ ඉඳන් කමාන්ඩ් එකක් දෙනවා, ඡායාරූප ගන්න. එහෙමයි ඒක පාලනය වෙන්නේ."
මෙම ඡායාරූප මගින් ලෝකයේ රටවල නවතම භූ ලක්ෂණ, භූමියේ හැඩය ආදිය අධ්‍යයනය කළ හැකි බව ඇය පැවසීය.


"මේ චන්ද්‍රිකාවෙන් අපි විවිධ ස්ථානවල චුම්භක ක්ෂේත්‍රය ගැන දත්ත රැස් කරනවා. ඒ දත්ත විශ්ලේෂණය කරලා ලෝකයේ චුම්භක ශක්තිය පිළිබඳව සමස්ත අධ්‍යයනයක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා," දුලානි චාමිකා පැහැදිලි කළාය.
රාවණා 1

ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ව්‍යාපෘතියක් ලෙස ජපානයේ බර්ඩ්ස් 3 ව්‍යපෘතිය යටතේ මෙම චන්ද්‍රිකාව නිර්මාණය කෙරිණි.


එය ඝන සෙන්ටි මීටර් 1000ක පමණ විශාලත්වයෙන් යුත් කුඩා චන්ද්‍රිකාවකි.
එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කරන අතර එම කාලය තුළ පෘථිවියේ විවිධ ස්ථානවල ඡායාරූප සහ චුම්භක ක්ෂේත්‍රය පිළිබඳ දත්ත ලබා ගැනීමට අපේක්ෂිතය.


_108191689_e1b96468-18ee-4cf1-8dce-e9bb4ecc97aa.jpg



දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න, ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන්ය.


ඔවුන් දෙදෙනා මේ වන විට ජපානයේ පශ්චාත් උපාධියක් ද හදාරමින් සිටිති. තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක් වී තිබේ.


මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ඇති තරිඳු දයාරත්න, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කර ඇත.


BBC NEWS
 
Last edited:

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy

    මන් පොඩි කාලේ හිතන් හිටියේ චන්ද්‍රිකායි, චන්ද්‍රිකා කුමාරතුංගයි අතර සම්බන්දයක් තියෙනවා කියලා...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113

    මන් පොඩි කාලේ හිතන් හිටියේ චන්ද්‍රිකායි, චන්ද්‍රිකා කුමාරතුංගයි අතර සම්බන්දයක් තියෙනවා කියලා...

    උබල වගේ බූරුවෝ ඉන්නකම් රොකට් රෝහිතල ගගනගමියෝ තමයි
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai

    මන් පොඩි කාලේ හිතන් හිටියේ චන්ද්‍රිකායි, චන්ද්‍රිකා කුමාරතුංගයි අතර සම්බන්දයක් තියෙනවා කියලා...

    :rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113

    මන් පොඩි කාලේ හිතන් හිටියේ චන්ද්‍රිකායි, චන්ද්‍රිකා කුමාරතුංගයි අතර සම්බන්දයක් තියෙනවා කියලා...
    :rofl::rofl:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    උබල වගේ බූරුවෝ ඉන්නකම් රොකට් රෝහිතල ගගනගමියෝ තමයි


    උබ කියන විදිහට යමක් කමක් තේරෙන වයස එනකන් ඔක්කොමලා බූරුවෝද?
    ඇයි උබලගේ අම්මා කිරිත් එක්ක දැනුමත් පෙව්වද උබට පොඩි කාලේ?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    මන් පොඩි කාලේ හිතන් හිටියේ චන්ද්‍රිකායි, චන්ද්‍රිකා කුමාරතුංගයි අතර සම්බන්දයක් තියෙනවා කියලා...

    උබල වගේ බූරුවෝ ඉන්නකම් රොකට් රෝහිතල ගගනගමියෝ තමයි

    මම ඒ කාලෙ හිතාගෙන හිටියෙ අපිට ඉන්ටනෙට් හම්බ වෙන්නෙ අහසේ නවත්තල තියෙන ලොකු බැලුන් බෝලෙකින් කියල. :sorry::sorry:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    ඉතින් බන් ඔය ජායාරූප වලින් ඇති ප්‍රයෝජනය මොකද්ද?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතින් බන් ඔය ජායාරූප වලින් ඇති ප්‍රයෝජනය මොකද්ද?


    ඕව Zoom කරලා ගොඩක් සමීප චයාරුප ගන්න පුළුවන්. මේ චන්ද්‍රිකාවල අරමුණ කලාපයේ චායාරුපගත කිරීම සහ දෘඩාංග වෙනුවට මෘදුකාංග භාවිතා කරලා මෙම කුඩා චන්ද්‍රිකාව පාලනය කරන්නේ කොහොමද කියලා. මෙය අත්හදා බැලීමක් පමණයි. කොහොමත් ලංකාවේ යවපු පළමු චන්ද්‍රිකාව හැටියට අපි ආඩම්බර වෙන්න ඕනේ. ඒවගේම අනාගතයේ විශාල චන්ද්‍රිකා ගොඩ නගන්න මේ වගේ දේවල් ගොඩක් පිටුවහල් වෙනවා. කුහක නොවී හොඳ දැක්මකින් මෙය අගයනවානම් තමයි හොඳ.