පළාත් පාලන ගැසට් නිවේදනය මුද්‍රණය කරයි

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    පළාත් පාලන ගැසට් නිවේදනය මුද්‍රණය කරයි

    පළාත් පාලන ආයතනවලට අදාළ සභික සංඛ්‍යාව ඇතුළත් 2043/56 සහ 57 දරණ සංස්ථාපන ගැසට් පත්‍ර මුද්‍රණය නිකුත් කර තිබේ.

    පසුගිය පළමුවෙනිදා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා විසින් අත්සන් කළ එම ගැසට් නිවේදනය ඊයේ (10) වනතුරුම සොදුපත් බැලූ බව වාර්තාවේ.

    මීට ටික වේලාවකට පෙර අදාළ ගැසට් පත්‍රයේ සිංහල හා දෙමළ මුද්‍රණ ප්‍රකාශයට පත් කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගාණී කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කරයි.

    එම ගැසට් නිවේදනය අනුව තමන්කඩුව ප්‍රාදේශීය සභාව පොළොන්නරුව මහ නගර සභාව ලෙස වෙනස් කර ඇති අතර නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙහි නෝවුඩ් සහ මස්කෙළිය යනුවෙන් ප්‍රාදේශීය සභා දෙකක්ද අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආගරපතන සහ කොටගල යනුවෙන් ප්‍රාදේශීය සභා දෙකක්ද අලුතින් පිහිටුවා තිබේ.

    ඒ අනුව පළාත් පාලන සංඛ්‍යාව 336 සිට 341 දක්වා ඉහළ යන අතර සභික සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යනු ඇත.

    මෙම ගැසට් පත්‍ර නිකුත්වීමත් සමග පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසන් සභාවට හැකියාව පවතියි.


    ගැසට් පත්‍රය http://documents.gov.lk/files/egz/2017/11/2043-56_S.pdf