පළාත් පාලන මැතිවරණය "ජනවාරියේ": සභිකයන් ප&

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පළාත් පාලන මැතිවරණය "ජනවාරියේ": සභිකයන් ප&

    පළාත් පාලන මැතිවරණය "ජනවාරියේ": සභිකයන් පිරිස 8356ක් දක්වා ඉහළට

    තද කොරගනිල්ලා - පටිය


    _98725473_palathpalana.jpg


    ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන 341කට පත්විය යුතු සභිකයන් සංඛ්‍යාව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් 11) නිකුත් කෙරුණි.
    ඒ අනුව මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යයි..
    එය පළාත් පාලන මන්ත්‍රීවරු 3870කගේ වැඩිවීමකි..මේ වැඩිවීමත් සමග එම මන්ත්‍රීවරුන්ට ලබාදෙන දීමනා සඳහා අතිවිශාල මුදලක් රජයට දැරීමට සිදුවන අතර මෙම නවක මන්ත්‍රීවරු සමග රැස්වීම් පැවැත්වීමට බොහෝ නගර සභා හා ප්‍රාදේශීය සභා ගොඩනැගිලිවල ඉඩකඩ නොමැති බැවින් රැස්වීම් ශාලා යළි ඉදිකිරීමටත් සිදුවිය හැකිය. :sorry::sorry:

    මෙතෙක් පැවති පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 335 සිට 341 දක්වා වැඩි වී තිබේ. ඒ අලුතින් එක්වන පොලොන්නරුව මහ නගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙනි.
    මහ නගර සභා සභික ප්‍රමාණයක් වැඩිවීම:
    කොළඹ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 55 සිට 110
    දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 32 සිට 48
    ශ්‍රී ජයවර්ධන පුර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 20 සිට 35
    කඩුවෙල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 28 සිට 46
    මොරටුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 29 සිට 48
    මීගමුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 26 සිට 48
    ගම්පහ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 18 සිට 28
    කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 12 සිට 21
    මහනුවර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 24 සිට 41
    මාතලේ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 13 සිට 21
    දඹුල්ල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 21
    නුවර එළිය මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 10 සිට 21
    බදුල්ල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 25
    බණ්ඩාරවෙල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 9 සිට 19
    ගාල්ල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 19 සිට 35
    මාතර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 28
    හම්බන්තොට මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 12 සිට 21
    රත්නපුර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 28
    අනුරාධපුර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 13 සිට 25
    යාපනය මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 23 සිට 45
    මඩකළපුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 19 සිට 33
    අම්පාර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 9 සිට 16
    කල්මුණේ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 19 සිට 34
    අක්කරපත්තු මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 9 සිට 24
    එයට අමතරව නගර සභා 41ක සහ ප්‍රාදේශීය සභා 276කද සභික සංඛ්‍යාව සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩිවේ


    කොහොමද පරිප්පුව ... ????
    සනීපයි නේද ?
    :(:(

    source
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,145
    34,738
    113
    මෙදා පාරවත් නූගත් නාකි ගෝත බඩ තඩි හොර අලි නැතිව වැඩක් කරන මිනිස්සු පත් කොරගන්න, චන්ද දායකයාට මොලේ පෑදෙයිද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    මෙදා පාරවත් නූගත් නාකි ගෝත බඩ තඩි හොර අලි නැතිව වැඩක් කරන මිනිස්සු පත් කොරගන්න, චන්ද දායකයාට මොලේ පෑදෙයිද?

    ehema ewun witarane ban chande illanne, ehema nowena ewun nahane nil kola paksha wala :(